(රොමේෂ් මධුෂංඛ)
සියලුම පළාත් ආණ්ඩුකාරවරුන්ගේ වෙනසක් ඉදිරි දින කීපය තුළ සිදු කිරීමට නියමිත බව ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
නව පත් කිරීමෙන් පසු 06 වැනිදා එම නව පළාත් ආණ්ඩුකාරවරුන් දිවුරුම් දීමට ද නියමිතය.
ජනාධිපතිවරයා මීට පෙර මේ සම්බන්ධයෙන් සියලුම ආණ්ඩුකාරවරුන් කැඳවා සාකච්ඡාවක් පවත්වා ඇති අතර බොහෝදුරට සිදුවන්නේ දැනට රාජකාරියේ නියුතු පළාත්වලින් ආණ්ඩුකාරවරුන් වෙනත් පළාත්වලට මාරු කිරීමක් බවට දැනුම් දී තිබේ.
එක් ආණ්ඩුකාරවරයකුගේ සේවා කාලය අවුරුදු තුනකට පමණක් සීමා වීම මෙම වෙනස් කිරීම්වලට හේතුව වී ඇතැයි ද එහි සඳහන්ය.
මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා සිය පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්නැයි පළාත් කිහිපයකම පළාත් මහ ඇමැතිවරුන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් කොට්ට දාන්නේ නැහැනේ, පරණ කොට්ට ටිකම එහාට මෙහාට මාරු කරනවනේ. නේද? එහෙනම් ඉතින් ඔලුවේ කැක්කුම එහෙමම තියෙයි.