ප්‍රින්ස් රත්නායක
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වූ පරිදි චක‍්‍රලේඛය නිකුත් නොකළ නිසා අනධ්‍යයන සේවක වැඩවර්ජනය ඉදිරියට ගෙනයාමට තීරණය කළ බව විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඞ්වඞ් මල්වත්තගේ මහතා පවසයි.
උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඉකුත් (2) දා පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාව නිසා මෙම වර්ජනය අවසන් කරන්නට තීරණය කර තිබූ බවත්, ඒ සඳහා වන ලියවිල්ලක් අමාත්‍යවරයාට භාර දුන්නද පොරොන්දු වු පරිදි ඉල්ලිම් ඉටු නොවු නිසා නැවත වර්ජනය ඇරැඹිමට තීරණය කළ බව සබරගමුව විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ ශාඛා සභාපති ඊ.එම්.එස්. බණ්ඩාර සඳහන් කළේය.
චක‍්‍රලේඛය නිකුත් වනතුරු වැඩවර්ජනය අත්හළ නොහැකි බැවින් තවදුරටත් තම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරතවීමට සිදුවන බවද පවසා සිටියේය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ ශාඛා සභාපති ඊ.එම්.එස්. බණ්ඩාර මහතා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලයෙ ඉන්න එක් ලක්ෂ අනූදහසකට ආසන්න ළමයින් කොටසක් අනාථයි. අනාගතය බාර ගන්න ඉන්න අය නේද ඒ අය. මෙහෙ ගහ ගන්නවා අගමැති කෙනෙක්ව බේරගන්න .පුදුම රටක් මේක නං.
ඔය මල්වත්ත කියන එක්කෙනාගෙ ළමයෙක් විශ්ව විද්‍යාලයට ගියා නම් තේරෙයි මොන තරම් අපරාධයක්ද ඔය කරන්නේ කියල. ළමයින්ගේ අනාගතය නේද ඔය අඳුරු කරන්නේ .
එලවන්න රක්ෂාවල් නැතිව කි දෙනෙක් ඉන්නවද? ළමයින්ට කොතෙක් පාඩුද සරසවි වැසීමෙන්. ගෝඨාභය රාජපක්ෂ මහතා එනකල් ඉන්න.