සිතුම් චතුරංග
මුලතිව් - කේපාපිලව් ප්‍රදේශයේ ඉඩමක තිබී මිලිමිටර 81 වර්ගයේ පැරා මෝටාර් උණ්ඩ 25ක් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.
පොලිස් විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ පරීක්ෂා කිරීමකදී කිසිවෙකු පදිංචි නොවූ පුද්ගලික ඉඩමක් තුළ වළදමා තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබේ
සොයාගත් උණ්ඩ මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අද (04) ආරක්ෂිත ස්ථානයකදී නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර පැරා මෝටාර් උණ්ඩ පහක් කටුකුරුන්ද පොලිස් විශේෂ බලකා කඳවුර වෙත භාරදීම සඳහා නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලකඩ කාල එහෙම නැතිව ඇති මගේ හිතේ......