(ඩයනා උදයංගනී )
විශ්වාසභංගයෙන් පසු එළැඹෙන සඳුදා (9) නව කැබිනට් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
අද (04) පාර්ලිමේන්තුවේදී පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිත කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරනු ඇති බනත්, අගමැතිවරයා විවේචනය කළ ද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ගැටළුවක් ඇති නොවන බවත් ඇමැතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තර්ජනයක් නොවේද? කෝ මේ ලිච්චවි පාලනේ?
හරිම සරලව කිවොත් ඉතින් ඇමතිකම් නොලැබුණු කට්ටියට ඉතුරු අවුරුදු 2කෙ හොදට කන්න ලැහැස්ති කරනවා.
කරුණාකරලා ඊළඟට එන්න තියෙන කෙටි නාට්‍ය මොකක්ද කියල කාට හරි කියන්න පුලුවන්ද ?
මේ උන්දලා තව දුරටත් පිනටම කෑමේ න්‍යාය ඉදිරියටත් භාවිතා කරන්න කටවල් ඇරගත්ත ගමන්ම බලා ඉන්නේ.
මේ තෝල්කයට කවුද ඡන්දෙ දුන්නේ? ඇයි මෙයාල තවම මෙහෙම ඉන්නේ
මේ කයිවරුවා කාගේ පැත්තේද? අනිවාර්යෙන්ම වැට උඩ. වාසි අතට හෝයියා.
ඔබට සැමදා කටින් ජයගත නොහැක... සත්‍යට මුහුණදීමට සිදුවීම කවෙකුටවත් වැලැක්විය නොහැක.
රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න නෙමේ වැදගත්. බල පෙරලි ගැන තමා හැමදාම කතාව.
තර්ජන කොහොමද.?
අනේ මගේ කට. ජනවාරි 8 වෙනිදා රාත්‍රී 12 ට කිසිම හොරෙකුට රටෙන් පිටවෙන්න බැරිවෙන්න සේරම ගේට්ටු වලට ඉබ්බෝ දානවා කියලත් කීව නේද? අවුරුදු තුනක්ම ගේට්ටුව කොහෙද කියලවත් දන්නේ නැතුව ඉබ්බෝ හංගන්නේ කොහොමද කියල හොයා හොයා හිටිය මිසක් උන පොරොන්දු කඩිනමින් ඉටු කරන්න කාටවත් උවමනාවක් හෝ ප්‍රඥා සම්පත්තියක් තිබුනේ නැති නිසා නේද මේ නස්පන්තියට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අවුරුදු 10යක දීර්ඝ කාලයක් තමන්ට ඕනෑදේ කාගෙන්වත් අහන්නේ බලන්නේ නැතුව තනි කැමැත්තට කල අයෝමය නායකයෙකු විසින් මහජනතාවගේ සිත් තුලට පුරුදුකල ආකල්ප එක පාරටම කරුණාව, දයාව, මෛත්‍රිය, සහජීවනය, සමානාත්මතාවය, නිදහස, වගේ දේවලට පුරුදු කරවන එක ලෙහෙසි පහසු වැඩක් නෙවේ. දැක්කනේ ලැබුන නිදහස ජනමාධ්‍ය කාරයෝ අපුරුවට පාවිච්චි කරන අන්දම? සඳුදට වෙන්නෙත් අනිත් හැම දවසකම වෙච්ච දේම තමා. බොරු පම්පෝරි ටිකක් ගහල දැන් සේරම හරි කියල ආපහු සේරම කුදලාගෙන නින්දට යයි. මහජනයාගේ ඇඟට දැනෙන වෙනසක් වෙන එකක් නැහැ.හොරුටික තිබුනටත් වැඩිය ජවයකින් රට අස්ථාවර කිරීමේ ව්‍යායාමය ගජරාමෙටම කරගෙන යයි.එච්චරයි.
බය කරලා ඡන්දෙ අරන් ද මේ අය දිනුවා කියලා උඩ පනින්න බලන් ඉන්නේ..?
ඔය කැබිනට් සංශෝධනයත් සති කිහිපයකට පෙර සිද්ද උන කැබිනට් සංශෝධනය වගේ උනොත් වෙන්නේ UNP ඇමතිවරුන් සංශෝධනය වෙන එක විතරයි. ජනාධිපතිවරයාගේ පක්ෂයේ ඇමතිවරු, පිං ඇමතිවරුන් එහෙම නම් ගල් පිළිම වගේ හිටපු තැන්වලම යහතින් වැජඹේවි !!!
මේ ඇමතියා හැමදාම ඇගිල්ල උලුක්කර කර බොරැ කියනවා. ඔිකා ගිය මැයි දිනේදි ඇගිල්ල දික්කර කර උඩ පැන පැන කිවිවා ඊලග මැයි දිනේට කලින් ඔක්කොම හොරැ අල්ලනවා කිවිවා. අනේ ඔකගේ කට.
රහස් ඡන්දයක් නේද තියන්නේ? ඉතින් කොහොමද ඡන්දෙ දුන්නේ මොකේටද කියල දැන ගන්නේ?
අලුතින් පත් කරන ඇමති මණ්ඩලයට කම්කරු, වරාය, ඛනිජ තෙල්, ආරක්ෂක, ජනමාධ්‍ය, සමෘධි සමාජ සේවා, නිවාස, මුදල්, අධ්‍යාපන ,සෞඛ්‍ය , ප්‍රතිපත්ති, අධිකරණ යන ඇමතිකම් එක්සත් ජාතික පක්ෂය තුල තබා ගන්න.
මේ තර්ජනයක් නොවේද? කෝ මේ ලිච්චවි පාලනේ? නැහැ හලෝ මේක මේක ලෙච්චමී පාලනයක් .
ඔන්න් ඊයේ පරලිමෙට්නුවේ දී කීවා මෙයාටත් අල්ලස් චෝදනා ගණනාවක් තිබෙනවා කියලා.