දුව අපයෝජනය කරන්න උදව් කළැයි මව රිමාන්ඩ් බාල වයස්කාර දියණිය අපයෝජනය කිරීමට සැමියාට ආධාර අනුබල දීමේ චෝදනාව මත මවක ලබන 13 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේය. 04 October 2017
අම්පාරේ නිවාස තුනකට පහර දීම් අම්පාර පොලිස් බල ප්‍රදේශයේ කාර්මික ප්‍රදේශයේ නිවාස තුනකට අද අලූයම පැමිණි අට දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් කාන්තාවක් (83) තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 04 October 2017
නෝර්වුඩ් ඇඟළුම් සේවිකාවෝ 200ක් හදිසියේ ලෙඩ වෙති නොර්වුඩ් නිව්වැලිගම පෞද්ගලික ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙසීයයකට ආසන්න පිරිසක් හදිසියේ රෝගාතුර වී දික්ඔය මුලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. 04 October 2017
නව ව්‍යවස්ථාව ගැන දෙමළ ජනතා සභාවේ අප්‍රසාදය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව උතුරු මහ ඇමැති සී.වී.විග්නේශ්වරන් ගේ සභාපතිත්වයෙන් යුත් දෙමළ ජනතා සභාව මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී ඇත. 04 October 2017
මැදිරිගිරිය පාසලකට වන අලි 12 ක් කඩා වදී මැදිරිගිරිය කනිටු විදුහලට අලි 12 කඩා වැදීම නිසා පාසල වසා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි. 04 October 2017
උමා ඔයට අනුර කුමාරත් කැබිනට් පත්‍රිකාවක් දාලා අග්නිදිග වියළි කලාපයේ ජල සම්පත් සපුරා ගැනීමේදී මතුවන ගැටළු සඳහා ඇති එකම විසඳුම උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය බව එම ව්‍යාපෘතිය සඳහා මීට වසර 12කට පමණ පෙර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. 03 October 2017
බිලියන 2,200 ක් උපයන්න රජය බලාපොරොත්තු වෙයි ලබන වසරේදී රුපියල් බිලියන 2,200 ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. 03 October 2017
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනිද්දා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනිද්දා (5) නිකුත් කරෙන බව විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි . 03 October 2017
මුලතිව් නිවසක ගිනි අවි ගබඩාවක් නිවසක් තුල රහසිගතව ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය නිශ්පාදනය කළ පුද්ගලයකු මුලතිව්, පුදුකුඩිරිප්පු ,දේවිපුරම් ප්‍රදේශයේ දී අද (03) අත්අඩංගුවටගත් බව පුදුකුඩිරිප්පු පොලිසිය කියයි. 03 October 2017
බැංකු සභාපතිවරු තිදෙනෙක් හෙට බැඳුම්කර කොමිසමට ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා අද (04) බැඳුම්කර කොමිසම හමුවට කැඳවා ඇත. 03 October 2017
හිමිනමක් අල්ලන්න මහජන සහාය පතයි මියන්මාර ජාතිකයින් පිරිසක් රැඳී සිටි ගල්කිස්ස නිවස ඉදිරිපිට ඉකුත් (26) දින ප්රකෝපකාරි ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින අරඹේපොල රතනසාර හිමියන් සහ හිටපු පොලිස් කොස්තාපල් ප්‍රගීත් චානක ගුණතිලක නැමැති අය අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය මහජන සහය පතයි. 03 October 2017
වැස්ස වැඩි වන ලකුණූ දිවයින පුරා ප්‍රදේශවලට බලපා ඇති වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 03 October 2017
‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මහනුවරදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමටත් යහපාලන රජය බලයට ගෙන ඒමටත් දායකත්වය ලබා දුන් සියලුම පොදු ජන සංවිධානවල එකමුතුවෙන් ‘හැට දෙලක්ෂය සීරුවෙන්‘ මැයෙන් සත්‍යග්‍රහයක් සහ රැළියක් මහනුවර ජෝර්ජ් ඊ.ද සිල්වා උද්‍යානයේදී අද (03) සවස ආරම්භ විය. 03 October 2017
සැකකරුවන් අඳුරගන්න පොලිසිය සහය පතයි ගම්පහ රෝහල ආසන්නයේ දී සඳුදා (2) ටී 56 ගිනි අවි 3 ක් සමග අතහැර දමා තිබු හයිබි්රඞ් මොටර් රථය පන්නිපිටිය ප්‍රදේශයේ වාහන කුලියට ලබාදෙන ආයතනයෙන් රැගෙන ගිය බව කියන සැකකරුවන් දෙදෙනා හදුනා ගැනීමට පොලිස් මුලස්ථාන මහජන සහය පතයි. 03 October 2017
කොල්ලුපිටියේ ගබඩාවක ගින්නක් කොල්ලුපිටියේ සුපිරි වෙළෙඳසලක ගබඩාවක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. 03 October 2017
පාර්ලිමේන්තු විශේෂ සභා වාරයෙන් ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කර වසර 70ක් සපිරීම නිමිත්තෙන් විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්විණි. 03 October 2017
ගීතාගේ පෙත්සමේ විභාගය අවසන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම විභාග කිරීම අද (03) අවසන් කෙරිණ. 03 October 2017
පොලොන්නරුවේ බහුතරයකට මානසික ආතතිය පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල්වල මානසික රෝග සායනවලින් 2016 වසරේ ප්‍රතිකාර ලබාගෙන ඇති රෝගීන් සංඛ්‍යාව 17627 ක් වන බවත් ඔවුන්ගෙන් වැඩිම පිරිසක් මානසික ආතතිය නිසා ඇතිවන විෂාදිය සහ සියදිවි නසා ගැනීමට තැත් කළ අය බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි. 03 October 2017
ලිත් නඩුවේ විනිසුරු වෙනස් කරන්නැයි බැසිල් ඉල්ලයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පවරා ඇති ලිත් නඩුව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සම ලබන 26 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (03) නියම කළේය. 03 October 2017
ගැමුණුගේ සංගමය ගැන සයිටම් නිවේදනයක් ගැමුණු විජේරත්න මහතාගේ සංවිධානයකට සයිටම් ආයතනයේ හෝ දෙමාපියන්ගේ හෝ නිල සම්බන්ධතාවයක් නැතැයි මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 03 October 2017
රන් බිස්කට් හා මාලයක් සමග දෙන්නෙක් කොටුවෙති ග්‍රෑම් 400ක් බරැති රන් බිස්කට් කැබලි 11ක් හා පවුම් 8ක රන් මාලයක් සමග කාන්තාවක හා පිරිමියකු කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ සීදුව පිවිසුමේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 October 2017
මහාචාර්ය කොල්වින් සයිටම් පක්ෂපාතියකු බව මහැදුරු කාලෝ කියයි වෛද්‍ය සභාවේ සභාපති ලෙස මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා පත් කරන්නට ඇත්තේ ඔහු හරහා සයිටම් නීතිගත කිරීමේ අරමුණෙන් විය හැකියැයි වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා කියයි. 03 October 2017
සයිටම් සහ විශ්ව විද්‍යාල දෙමාපියන්ගේ ඉල්ලීම් රජයට බාර දෙයි රජයේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දෙමාපිය සංසදය සහ සයිටම් දෙමාපිය සන්සදය අත්සන් කළ අබවෝධතා ගිවිසුමේ සඳහන් කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ඔවුහු අද අගමැති කාර්යාලයට සහ ජනාධිපති කාර්යාලයට ලිපි දෙකක් බාර දුන්හ. 03 October 2017
පොල් බෑ දෙකක් බස්නාහිර සබේ උණුසුම් කරයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සභා ගැබට පොල් බෑ දෙකක් ගෙන ඒමෙන් අද(3) පැවැති සභා රැස්වීමේ දී උණුසුම් තත්ත්වයක් ඇති විය. 03 October 2017
සරණාගතයන් හා දේශපාලන රැකවරණය පතන්නන් 1333 ක් ලංකාවේ දේශපාලන රැකවරණ පතන්නන් හා සරණාගතයන් ලෙස පැමිණි 1333 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිසම බාරයේ ශ්‍රී ලංකාවේ සිටින බව වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. 03 October 2017
ආනන්ද සමරසේකර ගැන තීන්දුව 19 වැනි දා හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරනවාද නැද්ද යන්න සම්බන්ධ තීන්දුව ඔක්තෝබර් 19 වැනි දා ට ලබාදීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (3) නියෝග කළේය. 03 October 2017
ගුවන් තොටේ නිදැල්ලේ සිටි 60 කට දඩ කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ නිදැල්ලේ රැදී සිටි පුද්ගලයන් 60 දෙනෙකුට එක් අයකුට රුපියල් 1500 බැගින් රුපියල් 90000 ක දඩයක් නියම කිරිමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියන්ති ලියනආරච්චි මහත්මිය අද (3) නියෝග කළාය. 03 October 2017
ජිඑම්ඕ එකට දින දෙකක කාලයක් වෛද්‍ය නිලධාරීන්ට පත්වීම් ලබාදීම සඳහා සකස්කර තිබෙන ලැයිස්තුව සම්බන්ධයෙන් වන අදහස් හා යෝජනා ඉදිරිපත් කිරිමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට දින දෙකක කාලයක් ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා පැවසීය. 03 October 2017
ගම්මන්පිලට එරෙහි නඩුව විභාගයට ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් භාවිතා කරමින් ඕස්ට්‍රේලියානු ජාතිකයකුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21 ක් වංචා කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල සහ සිඩ්නි ජයසිංහ මහත්වරුන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා හමුවේ විභාගයට ගන්නා ලදී. 03 October 2017
ඇවන්ගාඩ් නඩුව මාර්තු 19 සිට දිනපතා ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා සහ රක්නා ලංකා සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුව ලබන මාර්තු 19 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ මහතා අද (03) නියම කළේය. 03 October 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026