ක.ග කරුණාරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ බල ඇණි ආධාරක අවි සහ මිසයිල අවි පාඨමාලාව හැදෑරූ නිලධාරීන් සහ සෙසු නිලයන්ට අයත් 121 දෙනෙකු විසිර යාමේ පෙළපාලියක් එම පාබල පුහුණු මධ්‍යස්ථානයේ සරඹ පිටියේදී අද (27) පෙරවරුවේ පැවැත්විණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ධම්මික පනන්වල මහතා සහභාගි විය.
එහිදී බල ඇණි ආධාරක අවි නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ නිලධාරියාට හිමි කුසලානය විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කේ.ජී.ජේ කරුණාරත්න විසින්ද මිසයිල පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂතම ශිෂ්‍යයා ලෙස ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් දෙවන ලුතිනන් එම්.පී.පී.යූ මුත්නායකද බල ඇණි ආධාරක අවි ජේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරී පාඨමාලාවේ සෑම අතින්ම දක්ෂ ශිෂ්‍යයා ලෙස 19 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ සැරයන් කේ.එම්.එස් කුමාරරත්න යන අය විසින් හිමිකර ගන්නා ලදී.
ජය සංකේත පිරිනැමීම ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් සිදු කෙරුණු අතර එම අවස්ථාවට මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනා විධායක මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා මහතාද එක්ව සිටියේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රණවිරුවනි නුඹලාට අපගේ මාතෘභූමිය දිවිහිමියෙන් රැකුමට තව තවත් ශක්තිය, දිරිය ලැබේවා!!!.