‘සුවපත් මනසක් සුවැති වැඩ බිමක්‘ ප්‍රදර්ශනයෙන් ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යා ආයතනය ’’ සුවපත් මනසක් සුවැති වැඩ බිමක් ’’ මැයෙන් සංවිධානය කරන ලද අධ්‍යාපනික මහජන ප්‍රදර්ශනය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) බත්තරමුල්ල දියත උයනේදි ආරම්භ කෙරිණි. 05 October 2017
60ට වැඩි ජනගහනය 2037දී ඉහළට ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් සඳහන් කරයි. 05 October 2017
කරාපිටිය රෝහලේ පල්දෝරු නලයක් යළි පුපුරයි කරාපිටිය රෝහලේ හෘද හා උරස් ශල්‍ය ඒකකයේ පල්දෝරු පද්ධතියේ නලයක් අද (05) යළි පුපුරායාම හේතුවෙන් රෝහල් භූමියේ විශාල ප්‍රදේශයක වැසිකිළි අපද්‍රව්‍ය පැතිරගොස් ඇතැයි රෝහල් සේවකයෝ කියති. 05 October 2017
කැලණිය සරසවියේ සිසු ගැටුමක් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත. 05 October 2017
අනධ්‍යයන සංගමයෙන් අධ්‍යාපන ඇමතිට ලිපියක් ජාතික පාසලක වසර තුනකට වඩා සේවය කර ඇති ගුරුවරුන්ට සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඔවුන්ගේ දරුවන් එම විදුහලට ඇතුළත් කර ගැනීම සදහා ලබා දී තිබූ අවස්ථාව මෙවර අනධ්‍යයන සේවකයින්ට අහිමි කර තිබීම විශාල අසාධාරණයක් බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වෙත ලිඛිතව දන්වා තිබේ. 05 October 2017
දරුවා මහ මග දමාගිය සරසවි සිසුවියට ඇප දින 12ක් වයසැති තම දරුවා මග දමා ගියැයි අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුවියක (22) රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු හර්ෂණ කැකුනවෙල මහතා නියෝග කළේය. 05 October 2017
මැලේරියාව ගෙනයන නව මදුරුවෙක් මන්නාරමෙන් ‘ඇනෝපීලිස් ස්ටීවන්සායි’ නැමති නව මැලේරියා මදුරු විශේෂයක් මන්නාරමෙන් හා වවුනියාවෙන් හමු වීමත් සමග සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කර ඇති අතරම ජනතාව තුළ බියක් ඇතිව තිබේ. 05 October 2017
අගමැති ජර්මනියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ සංචාරයක් සඳහා අද (05) අලුයම දිවයිනෙන් පිටත්ව ගියේය. 05 October 2017
වැටලීමට ගිය කොස්තාපල් ලොරියට යටකරයි කල්අඩිය මීඔය ප්‍රදේශයේ නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයකු අද (05) අලුයම වැලි ජාවාරම්කරුවකුගේ ලොරියකට යටවී තුවාල ලබා ඇතැයි පුත්තලම පොලීසිය පවසයි. 05 October 2017
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණ 164 යි මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර් ලකුණු 198ක් ලබාගෙන දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 04 October 2017
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි පසුගිය අගෝස්තු මාසයේ පැවැති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද(4) පස්වරුවේ නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 04 October 2017
බොදුබලේ-සිංහලේ තහනම් කරන්නැයි මේජර් අජිත් කියයි හැකි නම් බොදුබලේ, සිංහලේ, මහසොහොන් බළකාය ඇතුළු ජාතිවාදී අන්තවාදී සංවිධාන තහනම් කිරීමට පියවර ගන්නැයි මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතීඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය. 04 October 2017
ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස් කොළඹදී සිව්වැනි ආසියා ශාන්තිකර සමූහ ගායන තරගාවලිය සහ ‘ගෝන් ෆ්‍රී ඔෆ් නේෂන්ස්’ ඔක්තෝබර් 21 වැනිදා සිට 28 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. 04 October 2017
සිකුරාදා උද්ඝෝෂණයට අධිකරණයෙන් කොන්දේසි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉන්දියාවට පවරා දීමට රජය තීරණය කර ඇතැයි කියමින් ලබන 06 වැනි පැවැත්වීමට යන උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් හම්බන්තොට මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද කොන්දේසි සහිත ආඥාවක් නිකුත් කළේය. 04 October 2017
අතිරේක විදුලිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා මෙගාවොට් 100ක අතිරේක විදුලි ධාරිතාවයක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 04 October 2017
අඩු ලංසු ඉදිරිපත් කරන්න රවී උපදෙස් දුන් බව බැංකු තුනක ලොක්කෝ කියති මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අඩු ලංසු ඉදිරිපත් කරන ලෙස හිටපු මුදල් ඇමති රවී කරුණානායක තමන්ට දැනුම් දුන් බව ලංකා බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සහ මහජන බැංකුවේ සභාපතිවරුන් තිදෙනා සහ එම බැංකු වල ප්‍රධානීන් බැඳුම්කර කොමිසම හමුවේ අද (4) හෙළි කළහ. 04 October 2017
දෙවන හදවත් බද්ධය ගැන පරීක්ෂණයක් මහනුවර මහ රෝහලේ දී සිදුකළ දෙවන හදවත් බද්ධ කිරීමේ සැත්කම අසාර්ථක වීම සම්බන්ධයෙන් සම්පූර්ණ පරීක්ෂණයක් කරන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. 04 October 2017
රෝහින්ග්‍යා සිද්ධියේදී පොලිසියේ හැසිරීම හොයන්න පරීක්ෂණයක් ගල්කිස්සේ රඳවනු ලැබ සිටි රෝහින්ග්‍යා සරණාගතයින් සම්බන්ධ සිද්ධියේ දී පොලිසියේ හැසීරීම නිවැරදිද වැරදිද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. 04 October 2017
දැරියකට හිංසා කළ කාන්තාවකට සිර දඬුවම් අවුරුදු 18කට අඩු දැරියකට කෘෘර ලෙස වධ හිංසා පැමිණුවැයි තිදරු මවකට (42) බරපතල වැඩ සහිත වසර දෙකක සිර දඬුවමක් නියම කිරීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (04) නියෝග කළේය. 04 October 2017
අල්ලස් සිද්ධියකට දෙන්නෙක් දැලේ යතුරුපැදියක ලියාපදිංචි පොතේ පිටපතක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියකුගෙන් ලබා ගැනීමට රුපියල් 2000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් තැරැව්කරුවකු සහ අල්ලස් ලබා දුන් පුද්ගලයකු අද (4) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි. 04 October 2017
මල්වාන නඩුවේ අධිචෝදනා පත්‍රයේ කොටසක් ලැබී නෑ පූගොඩ මල්වාන සුවිසල් නිවසක් ඉදිකර රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වූ නඩුවේ අධිචෝදනා පත්‍රයේ ලේඛන සහ සාක්ෂි සටහන් වල කොටසක් තමන්ට තවමත් ලැබී නැතැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද (04) අධිකරණයට දැනුම් දුන්නේය. 04 October 2017
විස්කි බෝතල 7500 ක් රාජගිරියෙන් හමුවෙයි රාජගිරිය මොරගස්මුල්ල ප්‍රදේශයේ නිවසක තිබී විදේශ මත්පැන් බෝතල් 7500කට ආසන්න ප්‍රමාණයක් අද(4) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 04 October 2017
‘බිග් බෑඩ් වුල්ෆ්‘ ප්‍රදර්ශනය ආරම්භ කෙරේ ‘බිග් බෑඩ් වුල්ෆ්‘ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී අද (04) ආරම්භ කෙරිණ. 04 October 2017
වසර අටකට පසු මළ සිරුර සොහොන් ගැබකින් මීට වසර අටකට ඉහතදී ඝාතනය කර දැමු පියෙකුගේ (60) බව කියන මළ සිරුරක් සොහොන් ගැබක සඟවා තිබියදී අද (04) කළුතර මහේස්ත්‍රාත් භාරතී විජේරත්න මහත්මිය ඉදිරියේ ගොඩ ගනු ලැබීය. 04 October 2017
මාළු පෙට්ටි අස්සෙන් අරක්කු මතුවෙයි තංගල්ලේ සිට බිබිල දක්වා ගමන් ගත් කුඩා මාළු ලොරියක මාළු පෙට්ටි අස්සේ සඟවාගෙන රැගෙන යමින් තිබූ අරක්කු බෝතල් 28 ක් සමග පුද්ගලයකු අද (04) අම්බලන්තොට වලවේ ගඟ පාළම අසලදී අත්අඩංගුවට ගත් බව මාතර තංගල්ල දිසා විශේෂ විෂ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකය කියයි. 04 October 2017
ව්‍යවස්ථා අතුරු වාර්තාව අවසන් ලියවිල්ල නෙවෙයි ව්‍යස්ථාදායක මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද අතුරු කමිටු වාර්තාව අවසන් ලියවිල්ල නොවන බැවින් එය රටේ සියලු පාර්ශවවල සංවාදයට විවෘත යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (4) කොළඹදී පැවැසීය. 04 October 2017
සංචාරක නායකත්ව සමුළුව කොළඹදී එක්සත් ජාතීන්ගේ සංචාරක සංවිධානය වසරක් පාසා පවත්වන ලෝක සංචාරක දිනය හා සමගාමීව පැවැත්වෙන ’’සංචාරක නායකත්ව සමුළුව 2017’’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ආරම්භ කෙරිණි. 04 October 2017
වැඩ බාරගන්න ගිය කොල්වින්ට හූ සංග්‍රහයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපති ලෙස පත්වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න මහතා අද(4) සිය ධූරයේ වැඩ බාරගැනීමට කොළඹ වෝඩ් පෙදෙසේ කාර්යාලයට ගොස් යළි එන අවස්ථාවේ එහි සිටි වෛද්‍ය පීඨ සිසුහු පිරිසක් හූ කියමින් විරෝධය පෑහ. 04 October 2017
ගුවන් තොටෙන් දුම්වැටි තොගයක් සමඟ චීන කතක් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටි චීන ජාතික කාන්තාවක් (43) අද (4) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 04 October 2017
ආරච්චිකටිටු ප්‍රා සභාවේ ගැටුමකින් අයෙක් රෝහලට ආරච්චිකටිටුව ප්‍රදේශීය සභාව තුළ දී දෙපිරිසක් අතර ඇතිවු ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව ආරචිචිකටිටුව පොලිසිය කියයි. 04 October 2017
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026