(ටෝනි කරුණානායක)
රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා හෂිස් මත් ද්‍රව්‍ය කිලෝ පහයි ග්‍රෑම් 272 ක් සිය ගමන් බෑගයේ සඟවා කටුනායක ගුවන් තොටුපොලින් තායිලන්තය බලා ගමන් කිරීමට උත්සාහ කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ඉතාලි ජාතිකයෙකු ලබන 04 වැනිදා තෙක් රඳවා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් මංගල වර්ණකුලසුරිය මහතා නියෝග කළේය.
33 හැවිරිදි මෙම ඉතාලි ජාතිකයා 28 වැනිදා ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව යාම සඳහා පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට පත් වී තිබිණි.
ඔහුගේ ගමන් බෑගයේ විශේෂයෙන් සැකසු පතුලක මෙම මත් කුඩු සඟවා තිබියදී රේගු නිලධාරීන් සොයාගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd