(උපුල් තම්මිට )
වෙසක් පුන් පොහොය නිමිත්තෙන් අද (29) අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රීමහා බෝසමිදුන් අභියස උවැසි උවැසියන් අතිවිශාල පිරිසක් පෙහෙවස් සමාදන් වී සිටියහ.
ඉකුත් දින සිටම දිවයිනේ විවිධ පළාත්වල සිට බැතිමතුන් පෙහෙවස් සමාදන් වීම සදහා අනුරාධපුරයට පැමිණ සිටියහ.
අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් අද (29) දවස පුරා අටමස්ථානය ආශ්‍රිතව දාන ශීල භාවනා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.
අද (29) අලුයම් කාලයේදී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ උදෙසා පැවැත්වූ විශේෂ කිරිපිඬු බුද්ධ පූජාවෙන් අනතුරුව පෙහෙවස් සමාදන්වීම සදහා පැමිණ සිටි පිරිස පංචශීලයෙහි පිහිටවු අතර ජයශ්‍රීමහා බෝධියේ වැලිමළුව හා මැදමළුව අතිවිශාල බැතිමතුන්ගෙන් පිරී පැවතුණ අතර මහමෙව්නා උයන සුදුවතින් බැබලිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd