(ආරියරත්න රණබාහු)
රාජ්‍ය ආයතනවල වත්මන් නිලධාරීන් රජයක් තිබෙනවාද හෝ රජයේ ලොක්කන් සිටීදැයි පවා නොදැන කටයුතු කරන වාතාවරණයක් ඇතැයි කොළඹ 02 හුණුපිටිය ගංගාරාමාධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ගලබොඩ ඤාණිස්සර නාහිමියෝ කොළඹදී අද (29) පැවැසීය.
රටවල් ඒකරාශිවීමත්, පුද්ගලයින් ඒකරාශිවීමත් අඩු යැයි පැවසූ උන්වහන්සේ, එක්වූ පුද්ගලයින්ද වර්තමානයේදී බෙදී කැඩී වෙන්වී සිටිනු දක්නට ඇතැයිද කීහ.
උන්වහන්සේ ඒ බව පැවසුවේ ගංගාරාමය සහ අරලියගහ මන්දිරය එක්ව සංවිධානය කළ 2018 බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීම වෙනුවෙන් ගංගාරාම විහාරස්ථ සීමා මාලකයේදී අද සවස පැවැති උත්සවය අමතමිනි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයෙන් අනතුරුව වෙසක් කලාපය විවෘත කිරීම අගමැතිවරයා අතින් සිදුවිය. විහාරාධිපති හිමියෝ මෙහිදී අගමැතිවරයාට කතාවක් කිරීම සහා ආරාධනා කළද අගමැතිවරයා එය අපහසු බව දැක්වීය. අනතුරුව ඒ වෙනුවෙන් බුද්ධ ශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කෙටියෙන් අදහස් දැක්වීමක් සිදුකළේ තමන් මහත් සේ අසීරුතාවයකට පත්වූයේ යැයි ප්‍රකාශ කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන්ට දොස් කියලා මොනව කරන්නද? ඒ ගොල්ල පාලනය කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න ටිකනේ.
ලංකාවේ රජයක් නැතිබව මේ නිව්ස් එකෙන්ම පේනවා අපේ හාමදුරුවනේ.
පැවතුන ආණ්ඩුවේ උපදෙස් පිළිපැදීම වරදක් හැටියට සලකා, රජයේ නිලධාරීන්ව CID/FCID ගෙනියන ආණ්ඩුවක් තිබෙන කොට, එම නිලධාරීන් මේ විදිහට හැසිරෙන එකට වැරැද්දක් කියන්න බැහැ.
නිලධරීන් නොවෙයි හාමුනුදුරුවනේ ලක්ෂ 57 ජනතාව දන්නේ නැත. හාමුදුරුවෝ නම් දන්නා වා ඇති රජයක් තියෙනවා කියලා මොකද මැති ඇමති නම්වලින් පෙනීසිටිමින් පන්සලට එනවානේ.
ඇත්තටම හාමුදුරැවනේ ආණ්ඩුවක් තියෙනවද ?
ඇත්තටම සඳුන් පින්වත ආණ්ඩුවක් තියෙනවා රටේ සම්පත් හූරගෙන විකුණගෙන කන. අපි බලමු මීට වඩා දූෂණයෙන් තොර හොඳ ආණ්ඩුවක් අනාගතයේදී.
හාමුදුරුවනේ ඉස්සරවෙලා අගමැති ලොක්කාගෙන් අහල බැලුවනම් හොඳයි නේද?