බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි තමා සියලු කිතුණුවන්ට ආරාධනා කරන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ වෙසක් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරති.
එම සුබපැතුම් පණිවුඩයේ මෙසේ ද සඳහන් වේ.
“කතෝලික ජනතාවගේ නියෝජිතයකු ලෙස අපගේ බොදු සහෝදර සහෝදරියන්ට මා සුබ පැතුම් එක් කරනවා.
මෙවර වෙසක් උත්සවය පින්බර ආශීර්වාදාත්මක අත්දැකීම් වනු ඇතැයි කිතුණු කතෝලික ජනතාව වෙනුවෙන් මා ප්‍රාර්ථනා කරනවා. බොදු උරුමයක් ඇති රටක ඉපදීමට ලැබීම අපි ලද භාග්‍යයක්. ඒ ගැන අපි සන්තෝෂ වෙනවා. විශේෂ වශයෙන් බෞද්ධ දර්ශනය පදනම් වී මේ බොදු උරුමය සකස් වී තිබෙනවා.
අවුරුදු 2500ක් මුළුල්ලේ මේ බෞද්ධ දර්ශනය අපේ ජන ජීවිතයේ හැම කොටසකටම සම්බන්ධ වී අපේ ජීවිත හැඩගස්වා තිබෙනවා. හැම අංශයකට බෞද්ධ දර්ශනය බලපා තිබෙනවා. එම බෞද්ධ දර්ශනයට අප තුළ තිබෙන්නේ විශාල ගෞරවයක්.
අද අප ජීවත්වන මේ රටේ විවිධ ආගම් අදහන අය ඉන්නවා. බෞද්ධ දර්ශනය බුදු දහම ඒ සියල්ලටම සෙවනැල්ලක් වී තිබෙනවා. බෞද්ධ වත්පිළිවෙත්වලට සම්බන්ධ නොවුණත් අපේ කිතුණු ගතිගුණ, කිතුණු සංස්කෘතිය හා කිතුණු වත්පිළිවෙත් අප ඉටු කරන්නේ බෞද්ධ දර්ශනය තුළ සිටයි. බෞද්ධ දර්ශනය තුළ ගැඹුරු ආධ්‍යාත්මිකත්වය අප සියලු දෙනා පෝෂණය කර තිබෙනවා. එය බෙදා හදා ගෙන බෞද්ධ ප්‍රජාව සමඟ ප්‍රීතිවන්න සතුටු වන්න අපි බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම සියලු කිතුණුවන්ට බෞද්ධයන් හා එක්ව වෙසක් උත්සවය සමරන්නැයි මා ආරාධනා කර සිටිනවා.
අද ආගම දහමට අපේ සිත් යොමු විය යුතු යැයි මා විශ්වාස කරනවා. අද අපේ සමාජය බාධක රැසකට මුහුණ දී සිටිනවා. රටේ විවිධ ප්‍රශ්න මතු වී තිබෙනවා. මේවාට හේතුවන සාධක ජයගන්න අපි උත්සාහවන්ත වෙන්නේ නැහැ.
එක් අර්බුදයක් තමයි පොඩි තැන සිට ලොකු තැන දක්වා තිබෙන දූෂණය. ආගම් අදහනවා නම් එය නවත්වා ගන්න එසේත් නැතිනම් අඩු කරගන්න පුළුවන්. ආගම් අදහනවා නම් ආගමික දර්ශනය තුළ පිහිටා කටයුතු කරනවා නම් ඒවා, එම අභියෝග ජයගන්න අපිට පුළුවන්.
බෞද්ධයන්, කිතුණුවන් අනෙක් ආගම්වල සියලු දෙනා එකතු විය යුතුයි. කිතුණුවන් විදියට අපිටත් වගකීමක් තිබෙනවා. සමාජය තුළ තිබෙන ආගම් විරෝධය පිටු දකින්න අපි සියලු දෙනා එකතුවිය යුතුයි. මේ රට තුළ සාමය, සමගිය සහ පිරිසුදු ආගමික ප්‍රතිසංස්කරණ කිරීමට බෞද්ධයන්, බෞද්ධ ප්‍රජාව සමඟ එක්වීමට සූදානම් බව අපි කියන්න කැමැතියි.
ඒ වගේම අපේ රටේ තිබෙන දරිද්‍රතාව තවත් ප්‍රශ්නයක්. ඇතැම් අය කෑම්වේල් තුනක් කන්නේ බොහෝම අමාරුවෙන්. අපේ ජනකොටස් රැසක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ අභියෝගය ජයගන්න අපි අවධානය යොමු කරන්න ඕනේ.
මේ රටේ දියුණුව සඳහා මේ රටේ නිදහස, ජාතික පැවැත්වම උදෙසා බොදුනු ජනතාව සමඟ එකතුවෙන්න සූදානම් බව ඒ වෙනුවෙන් පොරොන්දුවක් දෙන්න මම කැමැති” යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාණෝ තවදුරටත් කීහ.
(055)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමනි ඔබ වහන්සේගේ වැදගත් අදහස්වලට අප ඔබවහන්සේට ස්තුති පුරකව ආචාර්ය කරන්නෙමු.
කාලෝචිත හික්මුණු හා පරිනත ඉල්ලීමක් ලෙස දකිමි.
අගරද ගුරු හිමිපාණන් වහන්ස, ඔබ වහන්සේගේ උතුම් ක්‍රියාවට ප්‍රසංසා කිරීමට අපට වචන නොමැත. ආගමික සහජීවනයට, සාමයට සමගියට මෙවන් වදන් දිව ඔසු වන්නේය. ගිනිගත් හදවත් වලට සිසිල් පැන් සේ වටින්නේය.
රට ගැන ජාතිය ගැන බුද්දීමත්ව හිතන උතුම් පියතුමෙක්. මෙර්සිලින් පියතුමාගේ ආදර්ශයක්. ඔබ වහන්සේට අපගේ ආචාරය පියතුමනි.
ඔබතුමා දක්වන මේ අදහස බෞද්ධයෙක් වශයෙන් මා ඉතාමත්ම අගය කරන අතර ඔබතුමන්ට බුදු දහම අනුව මා පින් පතනවා. හිමියනි ඔබතුමන්ගේ අදහස මේ උනත් බෞද්ධයන් කීදෙනෙක් අතර මේ අදහස තියනවාදැයි මට කිව නොහැක. එසේ තිබේනම් මේ රට ඇත්තෙන්ම ස්වර්ග රාජ්ජයක් වෙලා. දුෂණය, තම බඩ වඩා ගැනීම පොඩි තැන සිට ඉහලටම අද සිදුවෙනවා. දේශපාලනය ගඳ ගහන ජරා වළක් වෙලා බව ඒ තුල ඇලි ගැලී සිටින අයට තේරෙන්නේ නැහැ. ඉතින් ස්වාමිනි අපිට කාගේ පිහිටද?
මෙවැනි ආශ්චර්ය වත් උතුමන් ඉන්නේ ශ්‍රී ලංකාවේ පමණි .
අතිගරු මැල්කම් රංජිත් පිය තුමනි ! ඔබතුමා මෑත යුගයේ පහලවූ උතුම් අදහස් වලින් පරිපූර්ණ පුද්ගලයෙක්. ඔවැනි අදහස් අපේ බොහෝ නායකයින් ට නැති එක ගැන කනගාටුයි . ඔබතුමා පාප් වහන්සේ වීමට තරම් සුදුසු පුද්ගලයකු යැයි සිතමි.
මැල්කම් රන්ජිත් අගරදගුරු තුමනි, ඔබගේ අදහස් ඉතාමත් කාලෝචිතය. මම ඔබට ගරු කරමි. සියලු ආගම් අදහන අය එක්වී රට දියුණු කිරීමට සහ දුගී දුප්පත් කම පිටු දැකීමට පියවර ගැනීමට යොමු වනවානම් අගනේය. ඉහතින් අදහස් දක්වා ඇති අයට වැටි ඇති ලයික් සහ ඩිස් ලයික් දෙස බලනවිට මට හැගෙන්නේ මෙරට බහුතරයක් ජනතාවට ආගමික සහජීවනයක් හෝ රටේ සංවර්ධනයක් අවශ්‍ය නැති බවයි.
ඔබතුමන්හට ආචාරය පුදකරමි.
අපි පොඩි කාලේ වෙසක් කුඩු හදල ගේ ඉස්සරහ ගස්වල එල්ලුව තාම මතකයි
රට කොටවා ගිනි අවුළුවන පුජකයින්ට, මැල්කම් රන්ජිත් කාදිනල් තුමා ඉතා හොඳ ආදර්ශයක්.
ඔබ වහන්සේට සියලු බෞද්ධයන්ගේ ආශිර්වාදය.
ඔබවහන්සේගේ අදහස් වලට ගරු කරනවා. බෞද්ද දර්ශනය සහ බෞද්ධ සංස්කෘතිය නිසා තම අනෙක් සියලු ආගම්වලට ලංකාවේ කරදරයක් නැතිය ඉන්න පුළුවන් . ඒ ගෞරවය සමස්ත බෞද්ධයන්ට ලැබෙන්න ඕනේ. බෞද්ධයා ආගමෙන් දුරස් උනොත් තමයි ප්‍රශ්න වෙන්නේ.