(සිරාජ් හසීම්)
දෙමළ ජාතික සන්ධානයේ මැයි දිනය උතුරු හා නැගෙනහිර පළාත් කේන්ද්‍රකොට ගනිමින් මැයි පළමු වැනිදා සැමරීමට තීරණය කොට ඇතැයි එම සන්ධානයේ මහ ලේකම් කේ. තුරෙයිරාජසිංහම් මහතා පැවසීය.
ලෝකයම එක් දිනක පවත්වන මැයි දිනය මැයි හත්වනදා සැමරියනොහැකි බවත් වෙසක් දිනයට හෝ වෙසක් උත්සවයන්ට බලපෑමක් නොවන ආකාරයෙන් 01 වැනිදා මැයි දිනය සැමරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කල බවත් හෙතෙම කීය.
ඒ අනුව දෙමළ ජාතික සන්ධානය මඩකලපුව දිස්ත්‍රීක්කයේ වෙල්ලාවේලි මහජන ක්‍රිඩාංගණයේ එක් ප්‍රධාන රැළියකුත් යාපනය නෙල්ලිඅඩි ප්‍රදේශයේ උතුරු පළාත් ප්‍රධාන රැළියත් පැවැත්වීමට සැලසුම් කර ඇත.
මීට අමතරව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය මුලංකාවිල් ක්‍රීඩාංගණයේදී ද මැයි රැළියක් පැවැත්වීමට සූදානම් කර ඇත.
වෙසක් සතිය නිමිත්තෙන් මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත මැයි මස 01 වනදාට යෙදෙන මැයි දිනය 07 වනදා තෙක් කල්දැමීමට රජය තීරණය කලද වෙසක් දිනයට හෝ වෙසක් උත්සවයටම බාධාවක් නොවන ආකාරයෙන් මැයි දිනය සැමරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්සත් රාජධානියේ (එංගලන්තයේ) මෙවර මැයි පළමු වානදා වැඩ කරන දිනයක්... ඒ වෙනුවෙන් නිවාඩු දිනය 7 වෙනිදායි.
දෙමල්ලු කන්න හිතුනම කබරගොයත් තලගොයා කරගන්නා ජාතියක්. ඔහොම යමුකෝ...
ඇස් දෙකට පෙනිපෙනීත් එකම රටක දමිළ අය සහ මුස්ලිම් අය ඔවුන්ගේ ප්‍රදේශවල වෙනම නීතියක් ක්‍රියාත්මක කරද්දී ඒවා නොපෙනුනා සේ බලා හිඳින්නට තරම් මේ රටේ පාලකයින් නිවට වී ඇත...
1999 දින දර්ශනය අනුව පස්වන පෝය ලැබුවේ අප්‍රේල් මස නමුත් වෙසක් උත්සවය සැමරුවේ මැයි මස, එසේ කල හැකිනම් මෙවර නොකළේ මන්ද? එහෙම කරානම් කම්කරු දිනයත් වෙසක් දිනයත් ගැටළු නොවන්න තිබුණා.