IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි

(රෝවන් පෙරේරා )


මදුරන්කුලිය මුක්කු තෝඩුවාව  වෙරලාසන්න ප්‍රදේශයේ ගෙවත්තක තුවාල ලබා  වැටී සිටී රාජාලියකු අද(29) කරුවලගස්වැව වනජීවී නිළධාරීන්ට බාර දීමට එම ගෙවත්තෙහි හිමිකරු කටයුතු කර තිබිණි.

‘හෝක් ඊගල්‘ හෙවත් කොණ්ඩ රාජාලියකු ලෙස හඳුන්වන මෙම රාජාලියාගේ වයස  අවුරුදු හතරක් පමණ වේ.

රාජාලියා නිවැසියන්ට හමුවන විට සුළු ලෙස තුවාල ලබා   ඉගිලීමට  නොහැකි තත්වයක සිට ඇති අතර  වනජීවී නිලධාරීන්ට භාර දුන් පසු ප්‍රතිකාර ලබා දීමට ඔවුන් කටයුතු කර තිබිණි.

 රජාලියා සුව වීමෙන් අනතුරුව තබ්බෝව අභය භූමියට මුදා හැරීම සිදු කරන බවත්  එතෙක් ප්‍රතිකාර සඳහා අනුරාධපුර පණඩුලගම පිහිටි පශූ වෛද්‍ය කාර්‍යාලයට භාර දීමට කටයුතු කරන බවත් වනජීවී නිලධාරීහු පැවසුහ.

 



අදහස් (0)

මදුරන්කුලියෙන් රාජාලියෙක් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1484 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site