බැඳුම්කර ගනුදෙනුව ගැන අගමැතිට වාර්තාවක් දුන්නා - මහේන්ද්රන්
2015 පෙබරවාරී මස 27 වැනිදා සිදුවු ප්රශ්ණගත බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා තමන්ගෙන් වාර්තාවක් ඉල්ලා සිටි බවත් ඒ අනුව එම බැඳුම්කර වෙන්දේසියේදී සිදුවු දේ සම්බන්ධයෙන් තමන් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට වාර්තාවක් ලබා දුන් බවත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අද බැඳුම්කර කොමිසම හමුවේදී පැවසීය.