ක.ග කරුණාරත්න
මව, පියා සහ කුඩා දියණියක ඇතුළු එකම පවුලේ සිව් දෙනෙකු ගමන් ගත් යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක හැපීම නිසා සිදුවූ අනතුරක් හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මවත් දියණියත් අද (1) අලුයම මියගිය බව අරලගංවිල පොලිසිය කියයි.
දිඹුලාගල - මිල්ලාන මාර්ගයේ ඓතිහාසික දිඹුලාගල ආරණ්‍යය සේනාසනයට නුදුරුව පිහිටි ඉද්ද පිච්ච වැව අසලදී ඊයේ (30) සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ අරලගංවිල, යාය 03 අංක 07 ලිපිනයේ පදිංචි එන්.කේ.ජී රේඛා ශාමලී (24) සහ ඇගේ දියණිය වන ආශිංශා ඉඳුමිණි හෙට්ටිආරච්චි (අවුරුදු 2 1/2) යන දෙදෙනාය.
එම අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකරු වන මිය ගිය කාන්තාවගේ සැමියා සහ ඇගේ මව පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd