(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
හක්මන පොල්කීරිපිටිය ප්‍රදේශයේ නිවසක තිබු රුපියල් හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා රන් ආභරණ සොරකම් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිවස හිමි කාන්තාවගේ පියා සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව හක්මන පොලීසිය පවසයි.
අදාල කාන්තාව හක්මන නගරයේ රෙදිපිළි වෙලදසලක් පවත්වා ගෙන යන අතර ඇගේ මව පියා සැමියා හා දරුවන් සමග එම නිවසේ ජීවත් වන බව කියති.
පෝයට නිවැසියන් ගෙදර සිටින නිසා ඒ ගැන සොයා බලන බව දන්නා නිසා ඔහු ඉතිරි රන් ආභරණ ද පිටතට ගෙන සඟවා තබා තම නිවසේ ජනේලයක් කඩා හොරුන් ඇතුළු වී රන් ආභරණ පැහැරගෙන ගොස් ඇති ආකාරයට නිවසේ රෙදි පිළිද අවුස්සා දමා පසුව දුරකතනයෙන් සැකකාර පියාම නිවසට හොරුන් පැන ඇති බව දියණියට දැනුම් දී තිබේ.
සිද්ධිය පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම දන්නා තාත්තා කෙනෙක් ඉන්නවා දුවගේ ගෙදරවත්තේ මල්පැල ගෙදර කවුරුවත් නැතිවෙලවට ගලවලා ගෙනියල පුතාගේ වත්තේ හිටවනවා. මෙහෙම කරන්න පුලුවන්ද තමන්ගේ දරුවන්ට?