( කේ බුද්ධික කුමාරසිරි )
වෙසක් පොහෝ දින මත්පැන් ළඟ තබා ගෙන විකීණීමේ නිරත වූ බව කියන 80 හැවිරිදි පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන විත් අසල විහාරස්ථානයකට ගොස් බුදුන් පුදා කළ වරදට සමාව ගැනීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ පුවතක් පාදුක්ක පොලිසියෙන් වාර්තාවේ.
පාදුක්ක උග්ගල්ල ප‍්‍රදේශයේ නිවසක වෙසක් පොහෝ දින මත්පැන් අලෙවිකරන බවට පාදුක්ක පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච් ඒ ගුණරත්න මහතාට ලැබුණු තොරතුරකට අනුව පාදුක්ක පොලිසියේ දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් පිරිසක් එම නිවස වෙත ගොස් සිදු කළ පරීක්ෂාවේදී එම නිවසේ තිබී විකිණීමට ගෙනවිත් තිබූ මත්පැන් බෝතල් 17 ක් සහ වූ බවත් එම මත්පැන් විකිණීමේ නිරත වූ බව කියන 80 හැවිරිදි පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව සැකකරුගේ ඥාතීන් පොලිස් ස්ථානයට පැමිණ එදින වෙසක් පොහොය වන බැවින් සැකකරුගේ වයෝවෘද්ධ බව දෙස සානුකම්පිතව සලකා පොලිස් ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව පොලිස් ස්ථානය ආසන්නයේ පිහිටි මොරගහතැන්න ශී‍්‍ර මහා විහාරස්ථානයට ගොස් බුදුන් වැඳ පොහෝ දින කළ වරදට සමාව ගැනීම සහ යළි මෙවැනි නීති විරෝධී කටයුතු සිදු නොකරන බවට බුදුන් ඉදිරියේ පොරොන්දු වීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය.
කෙසේ වෙතත් වෙසක් පොහෝ දින මත් පැන් අලෙවි කිරීම සහ නීති විරෝධී ලෙස මත්පැන් ළඟ තබා ගැනිමේ චෝදනා යටතේ සැකකරුට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පාදුක්ක පොලීසිය පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයසට යනකොට ජීවත්වෙන්න විශ්රම වටුපක් තිබේනම් මෙවෙනි කණගාටුදායක සිද්ධි වෙන්නේ නැති වේවි.
ජනතාවට ඇති අසීමිත ආදරය නිසා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තු යන බොහො මන්ත්රිවරු මත්පැන් බලපත්ර තමුන්ට හෝ තම හිතවතුන්ට ලබාදේ ඒ තම ඡන්දදායක ඇති අසීමිත ආදරයනිසයි. මෙය තේරුම් නොගත් මෝඩ ජන්තාව ඔවුන් අසීරුතාවයට පත් කරමින් ඒ අසීමිත කරුණාව අවභාවිතා කරමින් මේ තවුස් ගුනැති දේශපාලකයන්ට අවමන් කරති. බාර් හිමි දේෂපාලකයන් මීලග ආත්මයේදීම නිවන් දැක මේ අසත්පුරුස සමාජයෙන් මිදෙත්වා.