(අනීෂා මානගේ)
කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා ආදාහනය කිරීමේ වැඩසටහනක් බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස වල හා විහාරස්ථානවල තිබූ කැඩී බිඳී ගිය බුද්ධ ප්‍රතිමා එකතුකර බෙලිඅත්ත හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත්කර සෑයක් ඉදිකර සුදුහදුන් දර භාවිතා කර භික්ෂූන් නමක ආදාහනය සිදුකරන ආකාරයෙන්ම මෙම ප්‍රතිමා ආදහනය කිරිමට සියලු කටයුතු සංවිධානය කර තිබිණි.
හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති හිමියන් වන නලගම ධම්මවංශ ස්වාමීන්වහන්සේ විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබු අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ විහාරස්ථාන වල පුවරුවක් ප්‍රදර්ශනය කිරීම මගින් ජනතාව දැනුවත් කර ප්‍රදේශයේ නිවාස වල හා විහාරස්ථාන වල තිබූ කැඩුණු බුද්ධ ප්‍රතිමා එකතුකිරීම සිදුකර ඇත.
මෙවැනි ආදාහන පූජෝත්සවයක් ලංකාවේ සිදුකළ පළමු අවස්ථාව මෙය බව හත්බෝධිය ශ්‍රී විජය බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ධම්මවංශ හිමියෝ පැවසූහ.
දම්මුල්ල ශ්‍රී සුදර්මාරාම විහාරාධිපති දම්මුල්ලේ පියරතන හිමියන්, අරන්වෙල පුරාණ විහාරයේ විහාරාධිපති අරන්වෙල ඉන්ද්‍රසාර හිමියන්, බෙලිඅත්ත අභිනවාරාමයේ විහාරාධිපති බෝලානේ ආනන්ද හිමියන්, බෙලිඅත්ත පඤ්ඤාසාර පිරිවෙනෙහි විහාරාධිපති මොරයායේ කශ්‍යප හිමියන් හා ප්‍රදේශයේ විහාරස්ථාන වල විහාරාධිපතිහිමිවරු විශාල පිරිසක් මෙම වැඩසටහනට සහභාගී වුහ. ශ්‍රී විජය තරුණ එකමුතුව මගින් මෙම වැඩසටහන සදහා දායකත්වය සැපයීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දෙවියනේ.
හිනාවෙන්නද අඩන්නද කියල මට නම් තේරෙන්නේ නෑ...............
කොච්චර හොඳ දෙයක්ද? අපේ ගෙදරත් තියෙනවා. අනේ අපේ හාමුදුරුවනේ ඔය වගේ දෙයක් අපිත් කරමු. මට කැඩුණු බුදු පිළිම වහන්සේලා තියාගන්න තැනක් නැහැ. තැන තැන මහමග දාන්නත් බැහැ.
මේකයි මගෙ බරබාගේ.. පැයට සැතපුමයි වේගේ.. ඔහෙලා හඳට යන්න හදනවා..
ඉතා අගය කළ යුතු මෙහෙවරක්.
සෙත් ශාන්ති සඳහාත්, භාරහාර ඔප්පු කිරීම සඳහාත් රට පුරා පිහිටි විහාරස්ථානවලට භාරදෙන මෙවැනි පිළිම කැඩී බිඳී, අවුවැසි වලට බඳුන් වෙමින් එළිමහනේ "ගබඩා" කර තිබෙනවා දැකීම ඇත්තෙන්ම කණගාටුදායකයි.
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියම්ද ඒ අවනඩුව කිව්වලු...
ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්... හුඟ දෙනෙක්ට තමන්ගේ ගෙවල් වල තියෙන කැඩී ගිය පිළිම වහන්සේලාට කරන්න දෙයක් නැතුව ඉන්නවා. ඉවත දාන්නත් බෑ. තියා ගන්නත් බෑ..