(දයාරත්න ඇඹෝගම සහ ඉන්දිකා රාමනායක)
එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය ඊයේ (29) සිට අත්හිටුවා තිබේ.
මෙසේ සේවය අත්හිටුවා ඇත්තේ එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරික්ෂක ආර්.එම්.අබේවර්ධන මහතාගේය.
එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ භාරකරත්වය සම්බන්ධයෙන් කැකිරාව අධිකරණයේදි පැවැති නඩුවකින් පසුව එහි භාරකාරත්වය මාළිගාතැන්නේ රතනසාර හිමියන්ට පැවරිමට යාමේදි ගම්වාසින් සහ පොලිසිය අතර ගැටුමක් සිදුවී තිබිණි.
මෙහිදි ගැටුම මැඩ පැවැත්විමට පොලිසිය විසින් ගම්වාසින්ට පහරදි තිබුණි.එම පහර දීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කරන ලද අතර ඇය මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.
මෙම විරෝධතාවය හේතුවෙන් පොලිසිය විසින් එදින කාන්තාවන් තිදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව එක් අයකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැර ඇතැයි එප්පාවල පොලිසිය කියයි.
මෙම පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කිරිම සඳහා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති සදුන්ගහවත්ත මහතා කැබිතිගොල්ලැව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා පත් කර තිබුණි.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි සේනක ජයසිංහ මහතා විසින් සිදුකළ පරික්ෂණයෙන් පසුව එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සේවය මෙලෙස අත්හිටුවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි කෙනෙකුටවත් තවත් කෙනෙකුට පහර දී රිදවීමට කිසිදු අයිතියක් නොමැත. එය පොලිසියටත් එක සේම වලංගු වේ. සාමකාමී සාධාරන සංවර සමාජයක් උදෙසා මේ මිනිසුන්ට පහරදීමේ අමනුස්ස කමට තිත තැබිය යුතුය.
ලංකාවේ මිනිස්සුන්ට උසාවි තීන්දු අදාළත් නැහැ. ආණ්ඩුවේ රාජකාරි නීතියත් අදාල නැහැ. එමිරට්ස් රටේ අවුරුදු උත්සවයේදීත් කලේ මේවගේ වැඩක්මයි.
හොඳ තීරණයක්.
මෙසේ ගැහැණුන්හට පොලිසියෙන් පහරදීමක් ජීවිතේට දැක නැත. ප්‍රහාරයේ ඉදිරියෙන්ම සිටි ඉන්ස්පෙක්ටර් කෙනෙකුගේ නිල ඇඳුමින් සිටි පුද්ගලයා ලොකු පොල්ලක් උස්සගෙන ගොස් කිසිම දෙයක් අතේ නැති පිටිසර ගමේ ගැහැනුන්ට ගැහැව්වේ තිරිසන් සතෙකුටවත් නොගසන විධිහට මුන්ට සහ ගහනවා. මුන්ගේ පවුල් වලත් අම්මලා, සහෝදරියෝ බිරිඳලා, දුවල ඉන්නවා නේද? ගෙදර ගොස් ඔවුන් හට මුහුණ දෙන්නේ කෙසේද ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කෙසේවිය හැකිද?
මගේ දරුවගේ සැත්කමකට ලක්ෂ 85ක් ඕනේ කියලා වෛද්‍යවරයා කිව්වම කාටවත් අත නොපා ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් බාරගෙන අවසානයේදී, ගෙයි හිමිකරු මුදල් ගෙවීම මගහැරීම නිසා පොලිසියට මේ ගැන පැමිණිල්ලක් කළා මට සාධාරණයක් කරන ලෙස... හැබැයි පොලිසිය ඒ පිළිබඳව අක්‍රමවත් ලෙස කටයුතු කිරීම නිසා අද අප සහ වසර 3ක් වයසැති මා පුතනුවන් සැත්කම සම්පූර්ණ කර ගැනීමට බැරිව වූ අසාධාරණය කියන්න කෙනෙකු නැතිව දුක් විඳිනවා. අද පොලිසියේ අය දන්සැල් දෙනවා.. අපි වෙනුවෙන් කතා කරන්න ඇමැතිවරුත් නෑ, ජනමාධ්‍යත් නෑ. ඉහළ පොලිස් නිලධාරිනුත් නෑ. අද ලංකාවේ දූෂිත නීතියක් තියන්නේ..
ඔය බොරු සෙප්පඩ විජජා. බලන්නකෝ තව සුමාන දෙකකින් විතර අපහු රස්සාව දුන්න කියල පත්තරේ තියේවි
ලොක්ක විතරක් නෙමේ, අපි නම් තව අයත් දැක්කා.. පහර දෙනවා වගේ...