(කාංචන කුමාර ආරියදාස)
දේශපාලන දිවියේ මිතුරන්ද හතුරන් ද නැති බව කියැවෙන හමුවක් පසුගියදා දඹුල්ලේදී දැක ගැනීමට අවස්ථාව ලැබිණි .
ඒ හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා සහ හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතා අතර හමුවකි.
දඹුල්ල මැද පන්සලේ පැවති ආගමික උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ දී වසර කිහිපයකට පසු දෙදෙනා හමුවී දැඩි සතුටක් පළ කරන අයුරු කැමරාවේ සටහන් වුයේ මෙලෙසිනි.
මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව මහින්ද රාජපක්ෂ රජය පෙරළා දැමීම සඳහා සිටි ප්‍රධාන කණ්ඩායමෙන් එක් අයකු බවට පත් වන්නේ ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාය . එවකට මහින්ද රාජපක්ෂ සමඟ ශක්තිමත්ව රජය රැගෙන යම් සඳහා කටයුතු කළ එස් බී දිසානායක මහතා කටයුතු කළේය.
පසුව ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දින 100 ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස සිටියදී ම තනතුරුවලින් ඉවත්ව නැවත මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාශීලී සාමාජිකයකු ලෙස එක් විය.
මැතිවරණයෙන් පරාජයට පත්වූ දිසානායක මහතා ජාතික ලයිස්තුවෙන් නැවතත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එක්ව නව රජයේ කැබිනට් අමාත්‍යධුරයක් දැරිය. පසුව අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඉදිරිපත් වු විශ්වාසභංග යෝජනාවට විරෝධය ප්‍රකාශ කරමින් එස් බී දිසානායක මහතා අමාත්‍යධූර හැරදා නැවතත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කළේය. එ වැනි වකවානුවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගී වූ දඹුල්ලේ ආගමික උත්සවයකදී එස් බී දිසානායක මහතාත් ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මුහුණට මුහුණ හමුවිය.
ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා ඉතා ලෙන්ගතු කමින් අත් පටලාගෙන සිනහමුසු මුහුණින් පරණ සබඳකම් අලුත් කරන අයුරු කාටත් පෙනෙන්නට තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජන්දදයකයන්ට මේවා තේරෙන්නේ නැහැනේ. හැම දෙශපාලකයාම ඔහොම තමයි.
මොන පැත්ත පෙරලුනත් මෙගොල්ලගේ මල්ල කරේ, අපි මෙගොල්ලව මනාපේ නොගහ ප්‍රතික්ෂේප කරලා ගෙදර යැවුවත් ලොක්ක ඔවුන්ව පස්සේ දොරෙන් ඇතුලට ගන්නවා, මේක රටට ලබපු විශාල කරුමයක්.
ගොවියෝ දිවි නැහැ ගන්න හදනවා අස්වනු විකුණා ගන්න බැරුව , මෙයාලට හැමදාම රජ මගුල්.
ඔබලා සිනා සිසී. රුපියල පහල බසී.
දෙන්නටම තියෙන්නේ කපටි සිනා....................
මුන් වගේ මැට්ටෝ හින්දා අපි හැමදාම දිනුම් කියල සතුට බෙදා ගන්නවා ඇති
මෙමගිනුත් පෙන්නුම් කරන්නේ දේශපාලකයෝ යනු මොනතරම් තක්කඩි ජාතියක්ද යන්න නොවේද ? මෙම තක්කඩින්ට වෙන වෙන පාට තිබුනත් අදහස් එක හා සමානය. එයට මෙයද එක් හොද උදාහරණයකි.
මේ රට මේ යන විදිහට සොමලියාවක්, සිම්බාබ්වේ වගේ රටක් වෙලා නවතින්නේ. ඒ වෙනකොට මේවගේ අවස්ථාවාදීන් මෙරටෙන් හම්බ කරගන්න පුළුවන් සියලු ධනයත් අරගෙන පිටරට වල පදිංචියට යයි.
ජනතාව එළවා දාපු දෙන්නෙක්ගේ හිනාව !
රටට ආදරය කරන දේශපාලඥයෝ එක්කනෙක්වත් ඉන්නවද කියල මට නම් හිතාගන්නත් අමාරුයි. කතාවෙන්නම් රන්ජන් සහ කරු ජයසුරිය ටිකක් හොඳයි කියන්න පුළුවන් ඒත් 100%ක් සුවර් නැහැ.
මේගොල්ල මේ විදිහට දින්ගින්දිගටම බොරු කියමින් රටේ ජාතික ධනය මංකොල්ල කමින් රට පාලනය කලොත් අපේ රටත් අර සෝමාලියාව වගේ විනාශවෙලා යාවි ඊට පස්සේ තව අවරුදු 1000 -1500 පස්සේ ඇති වෙන පරම්පරාව අපි දැන් අර කාශ්‍යප රජතුමාගේ මාලිගයේ සිගිරිය නටබුන් සංචාරකයන්ට පෙන්වල මුදල් අයකරගන්නවා වගේ තව මෙයා හදපු හගුරන්කෙත මාලිගාවේ නටබුනුත් පෙන්නලා හම්බ කරගෙන ජිවත් වේවි ,
රට විනසකරමින් සැප වින්ද දේශපාලනය
මේවට හොඳ ප්‍රතිචාර දැම්ම හැකියි. වැඩේ ඒවා පළකරන්නෙ නැහැ.. නැත්නම් වෙනස් කරලා තමයි පළකරන්නේ...
අපිට නම් නෙමේ ඔය හිනා වෙන්නේ...
මම හිතන්නෙ කලින් පින්තුරේ ඉන්න වට්ටක්ක විකුණගන්න බැරි කෙනාට තමයි මේ දෙන්න හිනාවෙන්නේ.
මෙවැන්නන් පාර්ලිමේන්තුවට යැවීම රටේ විනාශයයි.