(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම වට්ටක්කා ගොවීහු සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසරණභාවයට පත්ව සිටිති. වට්ටක්කා කිලෝවක් මේ දින වල අලෙවි වන්නේ රුපියල් 07-08 ප්‍රමාණයකට බව ඔවුහු පවසති.
මේ හේතුවෙන් වට්ටක්කා කිලෝ ලක්ෂ ගණනක් වටිනා අස්වැන්න අත්හැර දමා ඇති අතර ඇතැම් ගොවීහු වනසතුන්ට ආහාරය පිණිස සිය අස්වැන්න වගා භූමියේම අතහැර තිබේ.
නවගත්තේගම, කොන්කඩවල හා ගාමිණිපුර ගම්මානවල වගාකරුවෝ වි ගොවිතැන් සඳහා ජලය ප්‍රමාණවත් නොවිම නිසා වට්ටක්කා වගා කිරීමට ගොවීහු පෙළඹුණ බවත් මේ වන විට වගාවන් සඳහා සිදු වු ණය ගෙවා ගැනීමටවත් නොහැකිවී ඇතැයි ඔවුහු පවසති.
වගා කරුවන් 60 කට ආසන්න පිරිසකගේ වට්ටක්කා කිලෝ ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් මෙසේ විනාශ වෙමින් පවති. රජයේ සහ කිසිදු වගකිව යුතු අංශයක් සිය වගාව මිලදි ගැනිමට මේ වන විටත් ඉදිරිපත් ව නැයිද ඔවුහු කියති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු මේ ගොවියෝ. අතරමැදියෝ හූරන් කනවා එදත් එහෙමයි අදත් එහෙමයි.
ලොරියක් කුලියට අරගන , වට්ටක්ක ටික පටවගන , තරාදියකුත් අරගන , පාර දිගේ කොළඹ පැත්තට ආව නම් , පාර අයිනේ තියන එළවලු කඩ වලට , එකකට කිලෝ දහය ගනනේ දැම්මත් , පොල්ගහවෙල දිහාට එද්දී වට්ටක්ක ටිකත් ඉවර කරගෙන.
ඔවා මිලට ගන්න මිනිස්සුන්ගේ දේපලවලට ගිනි තිබ්බහම කොහොම මිලට ගන්නද.?
අනේ මේ අපේම අහිංසක පුරවැසියන් තමන්ගේ අස්වනු විකුනාගැනීමට නොහැකිව විදින වදය. අප රටේ ඉන්නවා යයි කියා ගන්නා ආර්ථික ඔස්තර්ලාට මෙම විපත නොපෙනෙන්නේ මන්ද ?
ගොවියන් තම වගාවන් ආරක්ෂා කර ගන්නේ සාත්තු කරන්නේ හරියට දෙමව්පියන් දරුවන් රැකබලා ගන්නවා වගෙයි. එහෙම කැපකිරීම් කරලා බලාපොරොත්තු තියාගෙන හදන වගාවේ අස්වැන්නට ඉල්ලුමක් නැතිවෙනකොට ඔවුන් මොනතරම් අසරණ වෙනවද? රටේ මුල් පුරවැසියා සහ කෘෂිකර්ම ඇමති රජරට කෘෂිකාර්මික ප්‍රදේශයක සිටින අය... එහෙමත් වෙලා ගොවින් මේ තරම් අසරණ වෙනවා නම් ඔවුන්ට කාගේ පිහිටක්ද? රටේ එක්තරා සීමිත පිරිසක් සුර සැප විඳින අතරේ බහුතරයක් දෙනාගේ තත්වය මේක නම් තව වසර කීපයකදී අපේ රටේ අනාගතය? තවත් හයිටියක්, සෝමාලියාවක්, උගන්ඩාවක් විය නොහැකිද? මමත් ගොවි පවුලක ඉපදුණු කෙනෙක්.... වගාවන් වල නිරතවුණු කෙනෙක්... (අපේ කෘෂිකර්ම ඇමතිවරයාගේම ප්‍රදේශයේ) නමුත් මේ සිදුවෙන දේවල් නිසා වගාවන් අතහැර දැමුවෙක්...
ඔය ප්‍රදේශයේ ඕනේ තරම් ලොරි කොළඹ එනවා බඩු ගෙනියන්න. එහෙම ලොරියක් අඩු හයර් එකකට කතාකරගෙන 4-5 දෙනෙක් එක්ක ලොරියේ නැගලා තරාදි ටිකකුත් අරගෙන ඇවිත් කොළඹ කිට්ටු කරලා 4 -5 පොලක ඔය වට්ටක්කා ටික බාගෙන එතන ඉඳන්ම කිලෝ එක රුපියල් 40-50කට වික්කානම් මිනිස්සු පෝලිමේ එනවා ගෙනියන්න. වට්ටක්ක කියන්නේ එක වරම නරක් වෙන දෙයක් නෙවේනේ.. එක දවසෙන් බැරිවුනොත් දවස් 2-3 පුළුවන් විකුණා ගන්න. මේ වැඩේට පුරුදු වුණාම සතියකට වරක්, දෙවරක් ප්‍රදේශයේ තිබෙන කෘෂි නිෂ්පාදන ගෙන එන්න පුළුවන් විකුණගන්න. එම ස්ථානවලට අවට ඉන්න පාරිභෝගිකයෝ සහ කොළඹ අවට පොඩි තොග වෙළෙන්දෝ පුරුදු වෙනවා බඩු ගන්න එන්න. එතකොට ඔය ආර්ථික මධ්‍යස්ථානේ ඉන්න කාක්කන්ගේ නිකම්ම ගණන් බස්සන්න පුළුවන්.
පත් කරගත්ත ආණ්ඩුව. දුකයි අහිංසක මිනිස්සු ගැන...
මට මේ පින්තූරය හැම තිස්සේම මගේ මතකයට එනවා. ගොවි මහත්වරුන් දැනගන්න ඕනේ රටේ පාලකයන්ගේ තරම... ඔය එළවලු වාහනයක දමාගෙන කොළඹ පැත්තට ගෙනෙන්න.
ඉස්සර දකුණේ මනුස්සයෙක් හිටිය වට්ටක්ක සරත් කියල මිනිහත් මුලින්ම කලේ හේන් ගොවිතැන් මිනිහ වවපු වට්ටක්ක කොලඹින් බඩු ගෙන යන්න එන යකඩ බඩු කඩේ ලොරියේ පටවාගෙන එනවා , මුහුදු බඩ මාර්ගයේ නගරවල තිබෙන පොඩි එළවලු කඩවලට තොග මිලට වට්ටක්ක විකුනනවා , ඉතුරු වෙන ඒවා කොළඹට කිට්ටුව ගාලු පර අයිනේ තිබෙන අදුනන කෙනෙකුගේ ඉඩමකට බාල එතැන් තියාගෙන සිල්ලරට විකුණුව , වට්ටක්ක ඉකමනට නරක නොවෙන එළවළුවක් නිසා දවස් 2-3 පර අයිනේ ගොඩගහගෙන විකුණුව , මෙතනට මිනිස්සු වට්ටක්ක ගන්න එන්න පුරුදු වුන , පස්සේ සතියකට ලොරි 2-3 ගෝලයෝ දමල විකුණුව , පස්සසේ මිනිහත් ලොරියක් ගත්ත , පාපැදියෙන් ගමන් බිමන් ගිය මනුස්සය අන්තිමට ගමන් කලේ බි එම් ඩබ්ලිවු කාර් එකේ , ඉතින් ඔය ගොවිමහතුන්ටත් එම ක්‍රමයම අනුගමනය කලානම් වට්ටක්ක ටික විකුණා ගන්න තිබුන
අලුත් විදිහකට හිතන්න. චමින්ද කිව්වා වගේ ඔගොල්ලන්ම විකුනන්න. නැත්නම් ඕව තම්බල, බේක් කරලා මොනවහරි කරලා විකුනන්න. ඔන්න වෙලාව දෙයක් කරන්න. දුක් වෙලා බැහැ හිත තද කරන වැඩේ කරන්න.
රජය මේවා පිටරටවත් යවන්න අැති හැකියාව ගැන හොයලා බැලුවනම් හරි. අනික නලධාරීන් මේවට මදිහත් වී ගොවියා දැනුවත් කර ඔවුන් පෙළඹවිය යුතුයි ශෂ්ය මාරුවට වගා කිරීමට. එක් කන්නයක කෙනෙක් වගාවකින් ලොකු අාදායමක් ලබා ගත්තම ඊළඟ කන්නයේ ඔක්කොම එ් වගාව කරනවා. එතකොට මේ දේ වෙනවා කොහොමත්. මේ ගොවීන් 60 දෙනා බෝග දහයක් වගා කරානම් මේ ගැටලුව නෑ.
මේවා රජයේ සහ නිලදාරීන්ගේ වරද . කිසිම සැලසුමක් නැහැ. නිලදාරීන් වගාකලයුතු දේ ගැන ගොවින් දැනුවත් කරලා තියන්න ඕනේ. එහෙම නොඋනම වෙන්නේ, හැමෝම එකම දේ වගා කරලා ලැබෙන පලදාව තුට්ටු දෙකට විකුනන්න වෙනවා. හැමෝම අමාරුවේ වැටෙනවා. ගොවීන්ට බැහැනේ, රටපුරා වගාකෙරෙන දේ ගැන සොයල අත්‍යවශ්‍ය දේ පමණක් වගාකරන්න. ඒවා කරන්න ඕනේ නිලදාරීන්. අනෙක දේශපාලකයෝ මේ වගාව මිලදී ගන්න ක්‍රමයක් හදන්න ඕනේ. පවු මේ අසරණ ගොවින් , දහසක් බලාපොරොත්තු ඇතිව ණයවෙලා වගාව කරලා , වනසතුන්ගෙන් එක බේරාගෙන , අන්තිමට වාහන වල පටවාගෙන ඇවිල්ල පාරට විසිකරලා යනවා.
වට්ටක්කා ගොවීහු පමණක් නොවෙයි මුළු රටේ ජනතාවම කබලෙන් ලිපට දමා ඉවරයි. මේක තමා අපේ රටේ හැටි. වෙනත් රටවල කරන්නේ රජය මැදිහත් වෙලා මේවා අලෙවි කරගන්න උදවු කරනවා. ඒ වගේම මේ වගේ පලදාවන් කල් තිය ගන්න පහසුකම් සලසනවා. තව මස දෙකකින් මේ එළවුළු වල මිල කොපමණ ඉහලද කියල දැනගන්න පුළුවන්. තව මාසයක් ඊළඟ පසළොස්වක එනකන් තිය ගත්තොත් ජය ගත හැකියි.
මොන රටේද රජය මැදිහත් වෙලා එලවලු විකුනන්න පහසුකම් සලසන්නේ දන්නේ.............. නැති නිසයි ඇහැවුවේ...... ඕන් මිල වැඩි උනාමත් පවතින රජය වැරදියි ලාබ උනත් පවතින රජය වැරදියි පුලුම රටක් අපේ රට පුදුම විදිහට හිත්න පතන මිනිස්සු ඉන්න රටක්
ගොවි මහත්තයෝ, 1. ලගම තියෙන නගරෙට යන්න. 2. පාරේ වේලි වේලි ඉන්න ලොරි රියදුරු මහත්තයෙක් එක්කරගෙන හේනට යන්න. 3. වට්ටක්කා ටික ලොරියට දාගන්න. 4. දෙන්නත් එක්ක කඩයක් කඩයක් ගානේ යන්න. 5. හම්බෙන ගාන දෙකට බෙදා ගන්න. කට කියවන්න ලෙසියි. කරන්න අමාරුයි තමයි. මොකුත්ම නොකර ඉන්නවට වඩා උත්සහ කරල බලන එක වටිනවානේ.
අහල තියෙනවද වට්ටක්කා ඇට පෝෂණ ගුණයෙන් අනූන ලොකයේ ඉතාමත්ම ජනප්‍රිය ඇට වර්ගයක් කියලා. සුද්ද කරපු වට්ටක්කා ඇට කිලෝ එකක සිල්ලර මිල රුපියල් 4000ක් විතර වෙනවා. අපේ රටට එව්ව ගෙන්වන්නෙත් පිටරටින්. කවුරුවත් නැද්ද මේ අයට වට්ටක්කා ඇට අරගෙන පොතු ඇරලා වෙළදපොලට දාන්න උදව් කරන්න කෙනෙක්?
වට්ටක්කා කල්තියාගන්න පුළුවන් දෙයක් මිල වැඩි කාලෙට විකුනනන්න පුළුවන් ඒ වගේම වට්ටක්ක වලින් හදන කෑම වර්ග හඳුනා දෙන්න ඕන ජීවත් වෙන්න අමාරුයි කියන මිනිස්සු රුපියල් 500 විතර දීලා කුකුළු මස් ගන්න එත් රුපියල් 50 ක් දීලා වට්ටක්කා ගන්නේ නැහැ
අනේ අපේ දුප්පත් ගොවියන්ට යන කල දසාව. මේ අහිංසක මිනිස්සු තැනගේ දහදිය මහන්සියෙන් උපයපු අස්වැන්න විකුණගන්න බැරුව ලතවෙනවා, මහා දුකක් විඳිනවා. දියවන්නාවේ කෝටිගණන් වටිනා කාර් අපේ මිනිස්සුන්ගෙන්ම හොරකම් කරපු සල්ලිවලින් අරෙගෙන සුර සැප විඳිනවා.
වට්ටක්කා ඇට වලට හොද වෙළදපොලක් තියෙනවා අරාබි කරයේ.
වට්ටක්ක ඇට වලට සුපිරි හෝටල් වල හොඳ ඉල්ලුමක් තියෙනවා. මේවා අහක නොදා ඒ වගේ දෙයකට යොමු කරන්න පුළුවන්
වට්ටක්කා සුප් වලට, ඇට වලට ලෝකයේ හොද ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම කොමඩු වලටත් එහෙමයි. ගුණයෙන් ඉතා ඉහලයි. නමුත් ලංකාවේ වට්ටක්කා බාල එළවලු වර්ගයක් විදිහට තමයි ජනතාව සලකන්නේ. කැරට්, බෝංචි හයි ෆයි.