(රංජිත් රාජපක්ෂ)
අවාරයේ ශ්‍රී පාදය කරුණා කිරීමෙන් වළකින්නැයි ශ්‍රී පාදස්ථානාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ අද (30) බැතුමතුන්ගෙන් ඉල්ලීමක් කළහ.
එලෙස පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව අදාල අංශයන්ගෙන් අනුමැතිය රැගෙන පැමිණෙන ලෙස ද උන්වහන්සේ පැවසුහ.
අදින් අවසන් කෙරුණු ශ්‍රීපාද වන්දනා සමයෙන් පසු නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
එහිදී අදහස් දැක්වු උන්වහන්සේ වැඩිදුරටත් පැවසුයේ මෙවර ශ්‍රී පාද වන්දනා සමය පරිසර හිතකාමී ලෙස අවසන් කෙරුණ බවයි.
රජයේ මැදිහත් විමෙන් වන්දනාකරුවන් දැනුවත් කිරිම නිසා ශ්‍රි පාද පරිසරය පද්ධතිය මෙවර සැළකිය යුතු ආකාරකින් රැකගෙන ශ්‍රි පාද වන්දනා සමය පවත්වා අවසන් කිරිමට හැකි වු බවත් උන්වහන්සේ පැවසුහ.
විස නැකත අනුව මෙවර වෙසක් තෙමඟුල අප්‍රේල් මාසයට යෙදි ඇති බවත් , ඒ බෞද්ධ දර්ශනයට හා නක්ෂත්‍ර අනුව හරිම වෙසක් මංගල්‍යය බවත් උන් වහන්සේ පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්වාමිනි, බෞද්ධ දර්ශනයයි, නක්ෂත්රයයි කියන්නේ අහසයි, පොලවයි වගේ වෙනස් දෙයක් නේද? බෞද්ධ දර්ශනයට අනුව නම් තථාගතයන් වහන්සේගේ උතුම් තෙමගුල සිදුවුනේ මැයි මස පුන් පොහෝ දිනයේ නේද?
නැකැත් ප්‍රතික්ෂේප කරපු බුදු හිමිගේ තෙමගුල සමරන්න නැකැත් බලන ගොබ්බයෝ..
ශ්‍රී පාදස්ථානය මහජනයාට හිමි පොදු වස්තුවක් නේද?. හානි කරන්නේ නැතිනම් නීති පනවන්න කාටවත් පුලුවන්ද?
ගේට්ටු දාල පාර වහල දැන්වීම් බෝර්ඩ් ලෑල්ලක් දැම්ම නම් එන මිනිස්සු අපහු හැරිලා යයි.
පරිසර හිතකාමී... සල්ලි ගෝනි ටිකනම් පන්සලට යන්න ඇති. පරිසරය රැකගන්න එක සතයක්වත් දෙන්න එපා හාමුදුරුවනේ. ඔක්කොම සල්ලි පාවිච්චි කරන්න අලුත් මොන්ටෙරෝ එකක් ගන්න. පරම්පරා හතක නෑයොත් ඉන්නවනේ ගොඩ කරන්න දුකෙන්.