සිරාජ් හසීම්
රුපියල් 55000ක ව්‍යාජ නෝට්ටු සන්තකයේ තබාගත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාලච්චේන පොලිසිය පවසයි.
සැකකරුවන් පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් මොවුන් සන්තකයේ තිබූ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 11ක් පොලිසිය බාරයට ගෙන තිබේ.
ඔට්ටමාවඩි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළකදී සිය රථයට ඉන්ධන පුරවාගෙන මුදල් ලබා දීමේ දී ව්‍යාජ නොට්ටුවක් ලබාදී ඇති බවත් මෙය ව්‍යාජ නොට්ටුවක් බවට සැලවීමත් සමඟ එහි සේවකයා පොලිසිය දැනුවත් කර ඇති බවත් මේ අනුව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd