IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක්

(කාංචන කුමාර ආරියදාස)
 
වෙසක්  පුන්පොහෝය නිමිත්තෙන්  යතුරුපැදිවලින් සහ ත්‍රිරෝද රථවලින් වෙසක් පුන් පොහෝ දින  හා පසු දිනවල වන්දනාවේ යනෙන බැතිමතුන්ට මාර්ගයේ ගමන් කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ගලේවෙල පොලිස් ස්ථානාධිපතිවරයා වෙසක්පුන් පොහෝදා සිට ආරම්භ කර තිබේ.


වන්දනාවේ යන මෙම බැතිමතුන් මාර්ග නීති උල්ලංඝනය කරමින් ඉතා අශෝභන ආකාරයෙන් මාර්ගයේ ගමන් කරන ,එමෙන්ම හිස් වැසුම් නොමැතිව මෙන්ම විදුලි පහන් දල්වාගෙන පරිසරයට ශබ්ද දූෂණය එකතුකරමින් ගමන් කරන ඇතැම් තරුණයින් ඇතුළු පිරිසට   ජීවිතය පිළිබඳව ඇති අවබෝධතාවය සහ මිනිස් ජීවිතයක වටිනාකම කියාදීමට  තමා මෙම පියවර ගත් බව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක  විතානච්චි මහතා සඳහන් කළේය.

ස්ථානාධිපතිවරයා ප්‍රධාන මාර්ගය ඉදිරිපිට යතුරු පැදි හා ත්‍රීරෝද රථ කොටසින් කොටස නවතා මාර්ගය අසලට පුටුවක් රැගෙන විත් පුටුව උඩට නැග ජනතා දැනුම්වත් කළේය.

ගලේවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ රථවාහන අංශයේ නිලධාරීහු ගලේවෙල පොලිස් ස්ථානය ඉදිරිපිටට පැමිණ මෙසේ නීති විරෝධී අන්දමින් ‍ මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථ සහ යතුරුපැදි නිරීක්ෂණය කරමින්  ඒවා පොලීසිය ඉදිරිපිටම මේ පිළිබඳව රියදුරන් දැනුවම්වත් කිරීම විශේෂත්වයකි.

මාර්ග නීති පිළිබඳව සහ මිනිස් ජීවිතයේ වටිනාකම පිළිබඳව ලියැවුණු පත්‍රිකාවක්ද මෙම සියලු දෙනාටම ලබා දී එම පත්‍රිකාව ද කියවා නැවත  ගමන් බිමන් යෑම සඳහා අවස්ථාව සලසා දීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කළේය.

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගතවූ මාසයේ ගතවූ මාස හතරක රිය අනතුරුවලින් පුද්ගලයන් දොළොස් දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව විශාල පිරිසක් තුවාල ලබා තිබේ.

හෙට දවස රට භාර ගැනීමට ඉන්න තරුණයන් මහමග මියැදෙන්නට ඉඩ නොදී ජීවිත ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීම බව  එහිදී  අදහස් දැක්වු  පොලිස් ස්ථානාධිපතිවරයා රියදුරන් දැනුම්වත් කරමින් සඳහන් කළේය.

වන්දනාවේ පැමිණි බොහෝ ත්‍රිරෝද රථවල සහ යතුරුපැදිවල  ප්‍රමාණයට වඩා මගීන් රැගෙන යන ආකාරය ද නිරීක්ෂණය විය. ඇතැම් ත්‍රිරෝද රථවල මගින් දහයකටත් වඩා අධික පිරිසක් ගමන් කරමින් තිබූ බව ද පොලීසිය කියයි.

එකම පවුලේ පිරිස් මේ ආකාරයෙන් ගමන් කිරිදි හදිසි අනතුරක් සිදුවූ විට මුළු පවුලම විනාශ වන බවද පැවසු ස්ථානාධිපතිවරයා සඳහන් කළේ  ‘ පොලිසිය රාජකාරියෙහි යෙදී සිටින්නේ රියදුරන්ට නඩු දැමීමට නොව රිය අනතුරු අවම කරමින් ජීවිත ආරක්ෂා කිරීමට බවයි.



අදහස් (8)

වන්දනාවේ යන බැතිමතුන්ට ගලේවෙල පොලීසියෙන් මාර්ග නීතී ගැන පාඩමක්

සනත් ඉතාලිය Monday, 30 April 2018 07:15 AM

ඉතා හොඳ ක්‍රියාවක්. පිංවත් ක්‍රියාවක්.

:       105       734

subash Monday, 30 April 2018 07:25 AM

එතාමත් වටින දෙයක් එතුමා කර ඇත්තේ . මෙවන් දේ කර හෝ ජනතාව දැනුවත් කර වටිනා ජීවිත ආරක්ෂා කිරීමට ගත් මෙම උත්සාහය අගය කල යුතුයි.

:       0       146

Mahesh Monday, 30 April 2018 09:11 AM

මම නීතිගරුක රියදුරෙක්.සෑම විටම මාර්ග නීති පිලිපදිමි. එම නිසා මට මෙම දේශනාව සවන්දීමට අවශ්‍ය නොවේ !!

:       330       14

කසුනිMonday, 30 April 2018 04:31 PM

ඔබට කනේ ඇබ දෙකක් ගසා ගන්න පුලුවන්

:       0       1

wijesundera Monday, 30 April 2018 11:16 AM

මම ආචාර කරනවා මේ පොලිස් නිලධාරී මහතාට

:       0       103

තිලක් Monday, 30 April 2018 01:06 PM

ඩොල්කි ගහගෙන, සිංදු කියාගෙන, හූ කියාගෙන යන හැටි දැක්කාම, මේ අය බෞද්ධයින්ද කියලත් හිතෙනවා.

:       0       0

sil Monday, 30 April 2018 03:04 PM

මේ නිලදාරියාගේ අදහස යහපත් වුනත් ඔහු නැගී සිටීමට මීට වඩා සුදුසු දෙයක් යොදා ගත්තානම් වඩා සුදුසු බවයි අනික මෙවැනි උත්සාහයක් ප්‍රායෝගිකව සාර්ථක වීම අවිශ්වාසය

:       0       0

ඩී. ජයදේව Tuesday, 01 May 2018 06:32 AM

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම තේරෙන්නේ මනුස්සයන් ලෙස ජීවත් වන්නන්ට පමණි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31633 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14057 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site