අජන්ත කුමාර අගලකඩ
හෙට පෙරවරුවේ සිදු කෙරෙන කැබිනට් සංශෝධනය යටතේ අමාත්‍යංශ විෂය පථයන්වල පුළුල් පෙරළියක් සිදු වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
මුළු ඇමැති මණ්ඩලයම අලුත් කැබිනට් මණ්ඩලයක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට පෙරවරු 10ට දිවුරුම් දීමට නියමිතය.
එහිදී ඇමැතිවරුන්ට දැනට හිමිවී ඇති ඇමැතිධුරවලට අයත් විෂ්‍ය පථයන් ගණනාවක්ම වෙනස්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති සංස්කෘතික විෂයට අදාළ මධ්‍යම සංස්කෘතිය අරමුදල, අපේ ගම, ජාතික කලා මණ්ඩලය, ජාතික සංස්කෘතික කලා මධ්‍යස්ථානය, ජනකලා කේන්ද්‍රය, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය, ටවර්හෝල් රඟහල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යන ආයතන සංස්කෘතික අමාත්‍යවරයා යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
රජ්‍ය පරිපාලන අමාත්‍යංශය යටතේ දැනට පවතින ජාතික චිත්‍රපට සංස්ථාවද නැවත සංස්කෘතික අමාත්‍යංශය යටතට හෝ ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
මහා මාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය අමාත්‍යංශ දෙකක් ලෙස වෙන් කෙරෙනු ඇතැයි වාර්තාවේ.
මේ අතර ජාතික ආණ්ඩුවේ කැබිනට් අමැතිවරුන් 47 දෙනකු සිටි අතර එය 42ක් පමණ දක්වා අඩු වනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයම පටලගෙන ඒ අයම විසදගන්නවා... පිලිවෙලක් ප්‍රතිපත්තියක් නැති පාලකයන්ට රටක් ගොඩ ගන්න පුලුවන් වෙයිද? අපේ රට හරි අවාසනාවන්තයි...
පරණ කුට්ටම නැවත ඇනීම.
මේ දෙන්නටම දැන්ද මේවා තේරිලා තියෙන්නෙ.......
අච්චාරු හා ලුණු ඇඹුල්
අලුත් කැබිනෙට් සංසොදනයේදී එම තනතුරු ලබාදිය යුත්තේ යමක් ගැන ගැඹුරින් සිතන්න, ලෝකය සමග වැඩකලහැකි, ගනුදෙනු කළහැකි උගත් පුද්ගලයන්ටය. මේ ලෝකයේ රටවල් දියුණු වී තිබෙන්නේත් දියුණුවන්නෙත් නිර්මාණශීලි දක්ෂ පුද්ගලයන්ට අවස්ථාදීමෙන්ය. කැබිනට් තනතුරු දීමේදී පාර්ලිමේන්තු ගොස් නිදාගන්න ඇමතිවරු සහ මන්ත්‍රී වරු සිටින්නේ ආසියාවේ රටවලය. ලංකාවෙන්ම් එය ඉතා සුලබ දසුනකි. එය ඉතාම කණගාටු දායකය. පාර්ලිමේන්තුවට සහ විශේසයෙන් රටේ බදු ගෙවන මහජනතාවට කරන කරන නිගාවකි. විදේශිය තානාපති දූත පිරිස පවා පාර්ලිමේන්තුවට පැමිණෙති. පාසල් ළමුන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ලංකාවේ අලුත් පාර්ලිමේන්තුවෙන් පාසල් ළමුන්ට ආදරශයක්වන සේ කටයුතු කිරීම කරන්නේ නම් වටිනේය. සමහරු නිදිය, සමහරු දුරකථන ඇමතුම්වල වෙනත් රාජකාරිය. 2018 මැයි 1 වනදා හෙට ලංකාවේ පත් කෙරෙන් නව කැබිනෙට් මණ්ඩලයේ වැදගත් තනතුරක් වන දේසපාලන තනතුරක් නොවන කැබිනෙට් ප්‍රකාශක තනතුර දියයුතු වඩාත්ම සුදුසුම පුද්ගලයා එරාන් වික්‍රමරත්නය. යමක් ඉතා සරලව සහ පැහැදිලිව කිවහැකි අවශ්‍ය දේ පමණක් කතා කරන ගැටුම් වලට නොයන කෙනෙකි.
ඕක පත් නොකර ඉන්න බැරිද.විෂය පතයන් විදයාත්මක හෝ අවිදයාත්මකව බෙදුවත් ඕවා කරන්නේ හිටපු සෙට් එකමනේ !
දැන් හෙට ඉදල ශ්‍රී ලංකාව සීග්‍ර සංවර්ධනයක් ලබයි නේද. අනේ මෙනෙහෙත් විහිලු. මේ සන්සොදනෙන් වෙන්නේ අඩුවෙන් කාපු අයට ටිකක් වැඩියෙන් කන්න අවස්ථාව ලබා දෙන එක මිසක් වෙන මොකක්ද.
ඔව් ඔව් මහ බැංකු හොරුන්ට දීල තියෙන විෂය පථය මදි හින්ද වෙන්න ඇති තවත් දෙන්න හදන්නෙ. දැන් මහ බැංකු හොරුන්ගෙ මහ මොලකාරයන්ට දීපු දඩුවම මොකද්ද. හාල්මැස්සෝ විතරක් හිරේ දාල වැඩක් නැහැනේ.
විසය මාරු කලට වැඩක් නේ ඔළුගෙඩි මාරු කරන්නේ නැතුව මොනවත් කරලා වැඩක් නේ මහජනතාවගේ බදු බර ඓයන් කරන්නේ නැතුව
ආනේ...විද්‍යාත්මකව විෂය පථය මොකක්ද කියල හොයාගන්න අවුරුදු 3 ක් ම ගිහිල්ලනෙ...
දැන් සියලු දෙනාම ලෑස්ති වෙන්න, හෙට ඉදල රට වේගයෙන් විද්‍යාත්මකව දියුණු වෙන්න යන්නේ.
අහවල් දෝෂය අද නොවේ හෙට!!!!!!!!
ඇමති මණ්ඩල සංඛ්‍යාව අඩු කර දුන්නොත් ලොකුම සේවයක්.