ඩයනා උදයංගනී
දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නවීකරණය කරන ලද සෙංකඩගල මැණිකේ හා මහනුවර - මාතර දුම්රියන් සඳහා ඉකුත් දා යෙදවූ දුම්රිය මැදිරිවලට දුම්රිය මගීන් විවිධ අලාභහානි සිදුකර තිබේ.
මෙම එක් මැදිරියක් නවීකරණය වෙනුවෙන් රුපියල් මිලියන 14ක පමණ මුදලක් වැය කර ඇති අතර ඒවා ධාවනයට යොදවා දින 4ක් පමණ ගතවන විටම අගුල් කඩා, සීට් පුළුස්සා, වැසිකිලිවල සබන් රඳවන ගලවා දමා, තැන තැන ආහාර කැබලි ආදිය දමා විනාශ කර තිබෙන බව වාර්තා වේ.
දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අයවැය යෝජනාවකට අනුව ක්‍රියාත්මක කළ පැරණි හා අබලන් වූ දුම්රිය මැදිරි 200ක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ තන්ත්‍රී සමාගම විසින් නවීකරණය කෙරුණු මෙම දුම්රිය මැදිරි නවය ධාවනය සඳහා එක්කිරීම සිදුවූයේ ඉකුත් 31 වැනිදාය.
මෙම එක්මැදිරියක ආයු කාලය වසර 15ක් වන සේ නවීකරණය කර ඇති අතර මෙවන් මැදිරියක් ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් වැයවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ එම දුම්රිය මැදිරිවලට හානි කර තිබෙන අයුරු දැක තමන් ඉතා කණගාටුවට පත්වූ බවයි.
දුම්රිය මගීන්ගේ පහසුව වෙනුවෙන් නවීකරණය කළ දුම්රිය මැදිරි මෙම දුම්රිය සඳහා යෙදවූ බව කී අමාත්‍යවරයා මගීන් විසින්ම ඒවා විනාශ කරන්නේ නම් හොඳ සේවයක් සැපයීම ගැටලූවක් වන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිසුන් තවම ජීවත් වෙන්නේ වනචාරී යුගයේ. කවදා හැදෙයිද මන්දා?
ගෝත්‍රික සමාජයේ ගෝත්‍රික ජනයාගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? (සමාවෙන්න, දුම්රියේ වැදගත් විදිහට ගමන් කරන අයට මෙය අදාළ නොවේ.)
මෙවැනි විනාශකාරී ක්‍රියා කරන්නේ මගීන්මද? නැතිනම් සංවිධාන වූ පිරිසක්දැයි සොයා බැලීම වටී...
අපේ සමහර මිනිසුන්ට මහජන දේපල කෙරෙහි ඇත්තේ පුදුම ඉරිසියාවක්. මා සිතන්නේ තමන්ගේම රටේ දේපොළ විනාශ කරන මිනිසුන් සිටින එකම රට ලංකාවයි. නමුත්, මේ අය පිටරටවලදී ඉතාමත්ම විනීතව හැසිරෙනවා මා දැක තිබේ.
අපේ රටේ ගොඩක් දෙනා හරිම විනය ගරුක නොවන අය.
මෙහි සදහන් විස්තර එලෙසම සිදුවී ඇත්නම් අප ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට අපටම ලජ්ජා වියයුතුය.තවද මෙවන් අසීලාචාර වැඩ කිරීම සුදුසුද නැද්ද යන්න තම තමන් ඉපදුනු,හැදුනු වැඩුණු පරිසරයෙන් මෙන්ම ඉගෙනගත් පාසලින්ද ලබාගන්නා දායාදයන්ය.
ශ්‍රී ලාංකේය අභිමානය.
පාලකයන්ටම බනිමු මේ රට දියුණු නො කරනවා කියලා. දැන් පේනවනෙ රටේ පාලකයා විතරක් නෙමේ මේ රට විනාස කරන්නෙ කියලා. ලෝකෙ උතුම් රට සිරි ලංකාවයි. අම්ම අප්ප නොහිටින්න මම නම් මේ රට දාල ගිහින් ගොඩක් කල්.
දෙනකන් අරක නැහැ මේක නැහැ කියනවා දෙන දේ රැකගන්න දන්නෙ නැහැ අපේ මිනිස්සු කවදා හැදෙයිද දන්නෙ නැහැ.
මේ කාලේ ඉන්න මිනිස්සු මානසික අසහනයෙන් පෙලෙන නිසා මේ වගේ දේවල් වලක්වන්න බැහැ. හොඳම පිළිවෙල තමයි කුෂන් නැති යකඩ පුටු දමන එක.
දිනෙන් දින දියුණුවන ජාතියක ලක්ෂණ නේ? තව මොනවා බලාපොරොත්තු වන්නද?
ඇහුවොත් ජාති මාමකත්වය උතුරා යනවා. කථා කරන්නේ රාවණා ගේ තාක්ෂණය ගැන ඒත් ලාංකික ගෝත්‍රිකයන්ට තියෙන දේ රැක ගන්න බෑ.. ලැජ්ජායි ........... අපේ උන් ගෝත්‍රික වදුරන් වගේ....
හෙන ගහන අපරාදයක්. පුදුම මිනිස්සු
රට සංවර්රධනය කිරීමට සමගාමීව පුරවැසියාගේ මනස ද සංවර්ධනය කල යුතුය. වැසියාගේ මනස සාදන්නේ නැතිව රටක් දියුණුකල නොහැකිය. ශ්‍රි ලාංකිකයන්ගේ මනස දියුණු කිරීමට ගුවන් විදුලිය , රූපවාහිනිය සහ අනෙකුත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් සිදුවන උත්තේජනය , මග පෙන්වීම සහ පූර්වාදර්ශනය ඉතාමත් අවමය. රජයේ නියාමනයක් නැති තරම්ය. රටට ආදරය කිරීමට අමුතුවෙන් කියා දිය යුතු නැති උවත් කසි කබල් මාධ්‍ය හා අවර ගනයේ ටෙලි නාට්‍ය ආදීය මගින් ශ්‍රි ලාංකිකයන්ගේ මනස විශාල ලෙස ඔද්දල් කර හමාරය. එවැනි වටපිටාවක මෙවැනි දේ බලාපොරොත්අතු වීම අරුමයක් නොවේ.
මහා අපරාදයක් ........................
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ට ගෙනෙන තීරු බදු රහිත වාහනයකින් එකක් විකුණලා මිලියන 70ක පමණ ලාභයක් ලබනවා. ඒ මුදල් වලින් මැදිරි 265ක් ගන්න පුළුවන්. තව අරයට මෙයාට දෙන පර්මිට් වලිනුත් ඒවා විකුණලා ගන්න සල්ලි වලින් මැදිරි 500ක් විතර දාන්න පුළුවන්. මැදිරියක් ආනයන කරන්න මිලියන් 60ක් යන්නේ නැහැ. රුපියල් මිලියන් 32කට චීනෙන් තායිවානයෙන් හොඳ මැදිරි ගෙන්න පුළුවන්. මුන් මිලියන් 28ක් කොමිස් ගහන නිසා තමයි මෙච්චර වියදම. උදේට හවසට වැඩට යන්න එන්න තියෙන්නේ යාර දෙකක් එළියේ එල්ලිලා. ඉතින් මිනිස්සු ගොඩක් තරහින් ඉන්නේ මේ වගේ ඉන්ටෙර්සිටී වලට දුරගන්මන් වලට විතරක් වියදම් කරනවට. කොළඹ නුවර කොළඹ ගාල්ල වගේ දුම්රියෙන් ගියොත් රේල් පාර දෙපස තියෙන මුඩුක්කු වලින්ම පේනවා ලංකාවේ දියුණුව. අනෙක සමහර විට මුන්ම ඕවා කරනවා ඇති කොමිස් ගහන්න අලුතින් දුම්රියන් ගන්න.
ජාත්‍යන්තරය රට විනාශ කරනවා කියලා කෑගහන හිවලුන්ට කණහිලන්ට මේ කරන අපරාධය පෙනෙන්නේ නැද්ද. අපේ රටේ ඉන්න ඔලමොට්ටල රිලවුන් ටිකක හැදෙනකන් කිසිදිනක රට හැදීම බොරු. දේශපාලුවෝ කරලා තියන හදියක තරම තමා මේ.
මේවා කඩාකප්පල් වැඩ! දුම්රිය ආරක්ෂක නියාමකවරුන් හිටියේ නැද්ද?
සත්තුවගේ මිනිස්සු ඉන්න රටක් මේක.
ඔන්න සිහලයාගේ තරම. කට ඇරියොත් බුදු ගුණ හැබැයි ක්‍රියාවෙන් ඔක්කොම හබක් . කවද හැදෙයි ද මන්ද.
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප සහ සිතුවිලි වල වෙනසක් ඇති නොකරනතාක් මේ තත්වය වෙනස් කරන්න බෑ. මේක පටන් ගන්න ඕන පාසල් වලින්. අද අපේ පාසල් එකිනෙකා පරයා බුද්ධිමතුන් බිහිකිරීමේ තරගයක නියැලී සිටිනවා පමණයි. හිතක් පපුවක් නැති බුද්ධිමතුන් මේ රටට කරන දේවල් අපි අද දකිමින් සිටිනවා. මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික ආයතන මට්ටමින් ජනතාව දැනුවත් කරන්න ඕන, පොදු දේපල, රටේ සම්පත් නිසි ලෙස පරිහරණය කරන්නේ කොහොමද කියන එක ගැන සහ මානව හිතවාදී වීම ගැන. අපේ රටේ අයගේ හැසිරීමේ වෙනස හොදින්ම පෙනෙන්නේ වෙනත් රටකට ගොස් ඒ අයගේ හැසිරීම් රටාවන් දුටුවමයි.
අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප සහ සිතුවිලි වල වෙනසක් ඇති නොකරනතාක් මේ තත්වය වෙනස් කරන්න බෑ. මේක පටන් ගන්න ඕන පාසල් වලින්. අද අපේ පාසල් එකිනෙකා පරයා බුද්ධිමතුන් බිහිකිරීමේ තරගයක නියැලී සිටිනවා පමණයි. හිතක් පපුවක් නැති බුද්ධිමතුන් මේ රටට කරන දේවල් අපි අද දකිමින් සිටිනවා. මේ තත්වය ඉතා ඉක්මනින් වෙනස් කල යුතුයි. ඊට අමතරව රාජ්‍ය හා පෞද්ගලික ආයතන මට්ටමින් ජනතාව දැනුවත් කරන්න ඕන, පොදු දේපල, රටේ සම්පත් නිසි ලෙස පරිහරණය කරන්නේ කොහොමද කියන එක ගැන සහ මානව හිතවාදී වීම ගැන. අපේ රටේ අයගේ හැසිරීමේ වෙනස හොදින්ම පෙනෙන්නේ වෙනත් රටකට ගොස් ඒ අයගේ හැසිරීම් රටාවන් දුටුවමයි.
දුම්රිය මැදිරි වල සී සී ටී වී කැමරා සවි කරන්න.
බොරු පංපෝරි ගැහුවට අපේ රටේ බහුතරයකට රට ගැන කිසිම හැගීමක් නැහැ.පාර කිලුටුයි කියල ආන්ඩුවට බනින මිනිස්සු කිලිටි කරේ කවුද කියල හිතන්නැහැ
තමන් සතු දේ ආරක්ෂා කරමින් අන්සතු දේ කඩා බිඳ දමන්න එහෙම නැතිනම් අනුන් සතු දේ විනාස වෙලා පලයන් කියා හරි හිතලා විකුර්තික ආසාවක් ලබන්නට තරම් මිනිස් සිත පිරිහිලා මෙය මානසික අබාධයක් මෙය රටේ දියුණුවට බලවත් තර්ජනයක් ...
දුර්වල මානසිකත්වය ඇති මිනිසුන් අපි ,අපේ කමට අකමැති. තවත් ඉදිරියට දකින්න ලැබෙන්නේ ගුණයහපත් කම පිරිහුණු ලොවක්. තමන්ගේ අම්ම ,තාත්ත හදුනන්නැති වනචාරී යුගයක් තාක්ෂණික දියුණුව කියමින් ලොවම මහා අවීචියට ඇදදමනා දවස නම් වැඩි ඈතක නොවේ.
මේ තමයි ලංකාවේ අලුත්ම සංස්කෘතිය. දෙසපලුවෝ රාජ්‍ය දේපල හුරකනවා. පොදුජනයා අහුවෙන අහුවෙන දේ කාටවත් ප්‍රයෝජනයට ගන්න බැරි විදියට විනාශ කරනවා. අනාගත පරපුරට ඉතිරිවන්නේ කිසිම කෙනෙකුට ජිවත් වන්න බැරි රටක්.
දුම්රිය පරීක්ෂක වරුන් හරහා මේවගේ ඒවා කරන මගීන්ව අත්අඩංගුවට අරගෙන අලාබය පියවගන්න.
මේ වැඩ කරන අයට අඩුම වශයෙන් වසර දහයක්වත් සිර දඩුවම් ලබා දී මේවා උන් ලවා අලුත්වැඩියා කරවා ගත යුතුයි.
සමහර දේශපාලුවො වගේම සමහර සිවිල් ජනතාවත් ඉන්නව වල් සත්තු වගේ හැසිරෙන. ඒත් මුන්ව පිටරටකට ගිහින් දාල බලන්න ඕන ටොපි කොලෙත් සාක්කුවේ දාගෙන යන ලස්සන. ලංකාවට ආවම ඒක කාපු තැන අතෑරල යනවා. මෙහෙ එවුන්ට අත කපන නීතියක් හරි ගෙන්න ඕන. නැත්නම් මේ රට හදන්න බෑ
ලංකව හැමදාමත් තුන්වෙනි ලෝකේ රටක් විදිහට පල් වේවි තියන එක හේතුවක් තමයි ලංකාවේ මිනිසුන්ගේ මේ වානර ගති වෙනස් නොවී තිබීම
අනේ ලංකාව. මෙ වගේ වැරදි වලට සින්ගප්පුරුවෙ වගේ අදික දඩ මුදල් අය කරන්න. එවිට කරුවත් මෙවගෙ වරදි කරන්නෙ නැහෑ. එතකොට කාලයක් යද්දි මෙව පුරුද්දෙන් මිනිස්සු නොකර ඉන්න්ව. මොකද ලංකාවෙ මෙහෙම හසිරෙන කවුරුවත් සින්ගප්පුරුවෙ ගියාම මෙහෙම හසිරෙන්නෙ නැහ.
දුම්රිය මැදිරිවල CCTV සවිකර ඒවාට අලාබ හානි කරන අයට දඩුවම් දිය යුතුයි. නැතිනම් දුම්රිය ගාස්තු වැඩි කර තමා අලාබය පිරිමසා ගන්න වෙන්නේ
අපේ රටේ බහුතරයක් ජනතාවගේ ආකල්ප හරිම පහත් මාමකත්වයක් තියෙන්නේ......එ නිසා රට එන්න එන්නම අගාධයට යනවා.............
ගව රැලක නායකයා තවත් ගවයෙක් මිස සිංහයෙක් නොවේ කිව වගේ , රටේ නායකයොත් ගවයෝ එයාල පත්කරගත් අයත් ගවයෝ වගේ හැසිරෙන්නේ
හැමදේටම ආණ්ඩුවට බැණ බැණ ඉන්නවා මිස තියෙන දේ ආරක්ෂා කරගන්න දන්නේ නැති ජාතියක්. ඔව් ඕක අද ඊයේ නෙමේ කල කෝලාහාල කාලෙත් කලේ ඕකමයි.. බස්, කොච්චි ගිනි තිබ්බා. බස් නැවතුම් පොළවල්... අදටත් ඒවා වලංගුයි. ශීට් කපනවා. හූරනවා විදුලි බුබුළු කනවා. තාප්ප වල බලි අඳිනවා. මහපාරේ වැසිකිළි යනවා. හදන්න බැහැ කවදාවත්...
බෙල්ලෙන්ම අල්ල ගන්න.. සීසීටීවී කැමරා හැම මැදිරියක සවි කළා නම් ඉවරයිනේ...
වරදවලා හිතන්න එපා. මම පුද්ගලිවකම දන්නා දෙයක්... ගොඩාක් වෙලාවට ඔය වගේ හානි කරන්නේ ඇතැම් දෙමල පිරිස්.... මගේ මේ ඇස් දෙකට දැකලා තියෙනවා
මෙය හිතාමතාම කල විනාශයක්.. මෙය කලේ පොදු මහජනයා නොවේ. මෙවැනි දුම්රිය මැදිරි අලුත්වැඩියාවට අකමැති සහ ඔවුන්ට ලොකු මුදලක් ගසා කෑමට නොහැකි වීම නිසා ඇති කේන්තියත් ඇති සංවිධානාත්මක කල්ලියක වැඩක්...
මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක්. චිත්‍රා ඔබ හා මම එකඟ වෙමි.
චිත්‍ර සහෝදරිය, ඔයා දැක්කනම් විරුද්ධ වෙන්න තිබුනනේ. අනවශ්‍ය චෝදනා කරන්න එපා. සිංහල ජාතිය පවතින්නේ විජයගෙන්ද, රවනාගෙන්ද නිශ්චිත නැහැ.
චිත්‍රා, නිකන් ජාති බේද ගැන කතා කරන්න එපා හොදේ.
ලංකාවේ ඉන්න මිනිස්සුන්ට හරියන්නේ " ඌරො ගෙනියන වැගන් "
හරියට හරි kawshalya, මේ රටේ ඉන්න අයට හොඳ දැල් ගහපු වැගන් කොළ අතු ටිකකුත් දැම්ම නම් තමා හොඳ.
සීසීටීවී කැමරා හයිකරලා ඔය වැඩ කරන අය අල්ලලා කැමරාවලට ගිය වියදම සහ හානිකරපු දේවල අලාභයත් ගත්තා නම් හරි...