(තරිදු ජයවර්ධන)
ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය යළි දිවුරුම් දීම අද (1) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී සිදු විය.
මෙය අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් නොව අලුත් අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමක් ලෙස රජය මීට පෙර කියා තිබුණි.
ඒ අනුව අද ඇමැතිවරු 18 දෙනෙක් දිවුරුම් දුන්හ.
ශ්‍රීලනිප සහ සන්ධාන මහ ලේකම්වරුන් දෙදෙනා ද ඒ අතර වූහ. සන්ධාන මහ ලේකම්ට හිමි වූයේ ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා දරමින් සිටි කෘෂිකර්ම අමාත්‍ය ධුරයයි.
දුමින්ද දිසානායක මහතාට දිවුරුම් දුන්නේ මෙතෙක් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසය.
අාපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා දෝෂාභියෝගයෙන් පසු යහපාලන ආණ්ඩුවෙන් ඉවත් විය.

ලක්ෂ්මන් කිරිඇල්ල - රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය

මහින්ද අමරවීර - කෘෂිකර්ම ඇමැති

සරත් අමුණුගම - විද්‍යා තාක්ෂණ සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය

එස් බී නාවින්න - අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය

දුමින්ද දිසානායක - වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය සහ අාපදා කළමනාකරණ අමාත්‍ය

කබීර් හෂීම් - අධිවේගී මාර්ග සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍ය

පී හැරිසන් - සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය

තලතා අතුකෝරල - අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය

ෆයිසර් මුස්තාපා - ක්‍රීඩා අමාත්‍ය , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

රංජිත් මද්දුමබණ්ඩාර - රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ අමාත්‍ය , නීතිය හා සාමය අමාත්‍ය

විජිත් විජිතමුණි සොයිසා - ධීවර , ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍ය

ඩී එම් ස්වාමිනාදන් - පුනරුත්තාපන,නැවත පදිංචිකිරීමේ,උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය

සාගල රත්නායක - ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය

මනෝ ගනේෂන් - ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ ජාතික භාෂා පිළිබඳ අමාත්‍ය

දයා ගමගේ - සමාජ සුභසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා - තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය

විජයදාස රාජපක්ෂ - උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය

රවීන්ද්‍ර සමරවීර - කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම විශිෂ්ට දක්ෂ ඇමති මණ්ඩලයක් පත් වෙලා තියෙනවා,අපේ සුබ පැතුම්
මෙම සෙට් එක දකිනකොට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස වරක් පාර්ලිමේන්තුවට කල යුතු දෙයක් සම්බන්ද කියපු ප්‍රකාශයක් මතක් වෙනවා..
කොච්චර වෙනස් කළත් වැඩක් නෑ.... තුවාල වුනු අශ්වයා වෙනස් කරන්නේ නැතිව... අශ්වයා දුර්වලයි..
සබරගමුවට සංවර්ධනයට කිසිවෙක් නැත ...අහෝ සබරගමුව. තලතා ....හේෂා....... බකන් නිලාගෙන සිටින්න.
හොරු ටික එලියට යාමත් සමඟින් සියවසේ හොඳම කැබිනට් මණ්ඩලය අද දින දිවුරුම් දී ඇත. දැන් රට නියම ආකාරයෙන් ඉතා කඩිනමින් ඉදිරියට ගෙනයාමට මොවුන්ට ශක්තිය ලබාදීමට ජනපති සහ අගමැති ක්‍රියා කල යුතුය.
ලෝකයේ බොහෝ රටවල රාජය නායකයෝ ලංකාවට කතා කරනවාලු. නව ඇමති මණ්ඩලයට සුහ පතන්න නොවෙයි.විද්‍යාත්මක විදියට ඇමති මණ්ඩලය හදා ගන්න උපදෙස් ගන්න කියලා ආරංචියි.
ඔලු මාරුවක් පමණි....... ඩොලරය, බඩු මිල, ආර්ථික ස්ථාවරත්වය ???
100% විද්‍යානුකූලයි.......සරත් ෆොන්සේකා වනජීවී ඇමති....
විජේදාස මහත්තයටත් ලැජ්ජාවක් නැහැ, එක්සත් ජාතික පක්ෂයටත් ලැජ්ජාවක් නැහෙ.
එහෙනම් විජයදාස රාජපක්ෂ ආයෙත් ආවා. මෙච්චර කල් ආණ්ඩුව විවේචනය කර කර ඉඳලා දැන් ඒකටම එනවා. මොකද්ද මේකේ තේරුම? යනවා එනවා.
දේශපාලකයන්ගේ අන්ධ අනුගාමිකයන් වෙන්න එපා. පසුගිය වසර 70 පුරා අපේ බදු මුදල් හොරකම් කලා.
පරණ කාර්ඩ් පැක් එක අපහු අනල.දැන් රට ගොඩම තමයි?
අපරාදේ මහජනතාවගේ බදු මුදල්. කැලේ මාරු කලාට කොටියාගේ පුල්ලි මාරුවෙන්නේ නැ. දීපු එක හරියට කරගන්න බැරි එකාට වෙන එකක් දුන්නත් ප්‍රතිපල එකයි. දැන් අලුතෙන් කාර්යාල හදන්න,ලිපි ශීර්ෂ හදන්න වැඩ බාරගැනීමේ පාටියට කොපමණ මහජන මුදල් අපතේ යනවද ?
විද්‍යානුකුලව සැකසූ කදිම කැබිනෙට්ටුව .. ආයේ කාටවත් කියවන්න දෙයක් ඉතිරි කර නොමැත . " දැන් තමයි" ශ්‍රී ලංකාව " වේගයෙන් දියුණුව කරා ගෙනයන වැඩපිළිවෙල ආරම්භ කලේ .....
උසස් අධ්‍යාපන,මහාමර්ග සහ ජල කමනාකරන ඇමතිකම හරිම විද්‍යාත්මකයි.
අලුතින් අැමතිවරැන් වෙග්ම රට ගැන බුද්ධිමත්ව තිරිණ ගන්න අගමැතියි ජනාධිපතියි අලුත්න් පත් කරත් තමයි වැඩය හොඳයි
ආපහු රංගේ බණුඩාරලා පක්ෂය තුළ නායකත්වයට එරහිව සටනක් දියත් කරාවි. ආයිමත් අමාත්‍ය මණ්ඩලය සංශෝදනයක් වේවි. රනිල් හැමවිටම තමාගේ ඔලුව බේරගන්න කරන උපක්‍රමය තමයි මේක. ජනාධිපතිත් රනිල් කියන විදියට නටනවා.
ඇමති මණ්ඩලේ වෙනස් කර කර ඉන්ඩ. අපි බදු ගෙව ගෙවා ඉන්නම්. අහෝ අපේ පෙර පව් ගෙවීමකද කියා හිතෙනවා......................
අනේ අපිත් මේ විනාසයට වග කියන්න ඕනි... ඇත්තටම දුකයි.......... රටට උන දේට. රටේ හැම තැනම අස්ථාවර වෙලා... රටේ තියන ප්‍රශ්න මේවද ....? ඇමතිලාට යන වියදමින් ග්‍රාම සේවා වසම් වලට මැෂින් 20 ක් දාල ලේන්සු ටිකක් මහන්න / බෝනික්කෝ, සපත්තු ටිකක් හදන්න / එළවලු පලතුරු වැවන්න වගේ මොනවා හරි නිෂ්පාදනයක් කරන්න රජයට මැදීහත් වන්න බැරි ඇයි..? මිනිස්සු දිනෙන් දින පිරිහෙනවා... මේවා මුන්ට පෙන්නේ නැද්ද... දේශපාලනය කරන්නත් රටක් තියන්න ඕනි කියලා තේරන කොට පරක්කු වැඩි මහත්තයෝ ....
අනේ අපට මොකෝ කව්රු ඇමති උනත් , මම කලපනා කරන්නේ මාසේ අන්තිමේ ගෑස් සිලින්ඩර් එක ගන්නේ කොහොමද කියල , හිටපු ගමන් 245 වැඩි උනානේ.............
රට දියුණු රටක් බවට පත්කිරීමේ යොධ පියවරක් අද තැබුවා.. 2020දී පංචවිධ සැලැස්ම ඔස්සේ ධනවත්, බලවත් රටක් බවට පත්කිරීමේ ක්‍රියාවලිය වේගවත් කරලා..
කොහොම හරි පක්ෂ ටික ජයග්‍රහණය කරගන්න.. ඡන්ද ටික ගන්න සියලු ධෛර්යය ලැබේවා !!!
තවත් එක් දේශපාලන බහිරව පූජාවක්...!!
අපේ පවුල රට යන්න හදනවා. කීයක් හරි හොයාගන්න එක වලක්වාගන්න පුළුවන් නම්, පොර ටිකක් අඩුමිලට ගන්න පුළුවන් නම්, නැතිනම් වැඩක් නැහැ. ගොවිතැන් කරලා, ලොකු කොලුවා උපාධියක් ගහලා, උෟට රැකියාවක් හමබවෙනවා නම් ඒ ඇති... ඔබතුමන්ලා මොන තානාන්තරේ ගත්තත් කමක් නැහැ...
හිසේරදේට මේ ගොල්ලොත් කොට්ට මාරු කරනවා.
විශිෂ්ඨ අැමති මණ්ඩලයක් පත් කර අැති බව සමහරු කියති... මොවුන්ගේ විශිෂ්ඨතම හැකියාව පසුගිය කාලය මුළුල්ලේම අපි දුටුවෙමු.. මොවුන් විශිෂ්ඨ නම් ඇමතිකම් මාරු කළේ කුමක් අරභයාද? නිවැරදි දැක්මක්.. නිවැරදි ඉලක්කයක්, ජාතික ප්‍රතිපත්තියක් නැති රටක.. ඔළුගෙඩි මාරුවෙන් පමණක් සෙතක් සැලසේ ද?
මේ ඇමතිලට මුලින්ම වාහන ටික ගන්න කොටිගනනක් වෙන් කලොත් හොඳයි. ජනතාව වෙනුවෙන් සැහෙන්න මහන්සි වෙන උදවියනේ. කබල් වාහන වල ගිහින් ලෙඩක් දුකක් හැදුනොත් අපටයි පාඩුව
පළාත් පාලන ඡන්දය නිසි කාලයට තියා ගන්න බැරුව විගඩම් නටපු ඇමතිට දුන්න වැඩ බලන ක්‍රීඩා ඇමති කමත් ගත්ත ගමන් මිනිහා කෙරුවේ ක්‍රිකට් නිලවරණය කල්දාපු එක. දැන් ඇමතිකම ස්ථිර කරලා ලංකාවේ ක්‍රීඩාවට දෙවියන්ගේ පිහිටයි...
හෆිල් මහතාණෙනි, ලැජ්ජාව නැති එක තමයි මෙහෙ පාර්ලිමේන්තුවට යන්න තිබිය යුතු ප්‍රධාන සහතිකය..
වද්‍යනුකුලව අතීසාරයට අමුඩේ ගැසුව වගේ .....
විදයාත්මක ඇමති මණ්ඩලය පත් කිරීම - පාර්ට් 01 අදට නිමයි. පාර්ට් 02 හෙට නොවරදවා බලන්න. ඇමති මණ්ඩලය පත්කිරිම මෙගා ටෙලිනාටයක් වෙලා. ලෝකයේ අකාර්යක්ෂම රාජ්‍ය පාලකයෝ ඉන්න රට බවට ලංකාව පත්වෙලා.
සරත් ෆොන්සේකා මහතාට සුදුසු තැන දීලා තියනවා
මේ අයත් පරණ අය වගේම ඉබාගාතේ යයි. අපි බදු ගෙවන්නම්... මේ කී වෙනි සංශෝධනයද.?
මේ හරක් රැලත් පරණ රැල වගේම ඉබාගාතේ යයි. අපි බදු ගෙවන්නම් නැතුව මේ අයට පුන්නක්කු ගන්න සල්ලි නෑනේ. මේ කී වෙනි සංශෝධනයද?
2015 දී එක රැයින් 'යහපාලනෙට' සහය දීපු මන්ත්‍රීවරු, ඇමැතිවරු සුද්දවන්තයෝ වුණා. සහය නොදුන් අය හොරු වුණා. 'යහපාලනෙන්' ගිය ගමන් ගිය උදවිය හොරු වුණා. හිටපු උදවිය සුද්දවන්තයින් වුණා. එක රැයින් සුද්දවන්තයින්, හොරු වෙන හැටිත් හොරු සුද්දවන්තයෝ වෙන හැටිත් හරිම අපූරුයිනේ. ඒ මදිවට, ඇමති පට්ටම් මාරු කරපු සැනින් දැන් අවුරුදු 3ක් තිස්සේ කරගන්න බැරුව විනාසේ වෙන රට එක රැයින් ගොඩ එනවලු. මේ යහපාලන කෙප්පවලට අහුවෙන අම්බරුවොත් තව ඉන්නවනේ ලංකාවේ!
දැන් අලුත් ඇමතිවරුන්ට වාහන, අලුත් නිලධාරියන්, අලුත් කාර්යාල එහෙමත් එපායැ. ඒවාට ගෙවන්නත් ලෑස්ති වෙලා හිටපල්ලා...
ඕනේ ගොනෙක්ට ඇමතිකම් කරන්න පුළුවන් කියන්නේ නිකන් නෙවේනේ!
ඇමතිවරු දිවිරුම් දීම්, නායකත්ව අර්බුද, පක්ෂ මාරුකිරීම් හැරෙන්නට රට කරන්නන්ට මිනිසුන් ගැන වගේ වගක් නැත. ඔවුන් දිනෙන් දින පොහොසත් වෙති. ගොවියෝ අස්වැන්න දන්සල් දෙති.
විද්‍යාත්මක පදනමකින් හැදුවලු, අනේ කවුරු හරි කියනවද ඔය විද්‍යාත්මක පදනම මොකක්ද කියලා ?
මේ පැය කීපයටමත් ලංකාව දියුණු වෙලාලු.
සරත් ෆොන්සේකාට වනජීවී අමාත්‍යංශය දී තිබෙන්නේ කොටි මර්ධනය කල නිසාද ?
විද්‍යාත්මක බවට වඩා කලාත්මක බව පේනවා. මොකද හිනා යන නිසා.
ඉදිරි මාස 18 දී මගේ මව්බිම කේතුමතී රාජධානියක් වෙනවා සිකුරුයි. ඇමති මණ්ඩලයේ සිනා පිරි මුහුණු දකින විට වසර 70ක් අපි ප්‍රමාද වුනේ ඇයි කියලා දුක හිතෙනවා,