(බන්දු තඹවිට)
හිටපු ප්‍රවාහන අමාත්‍ය හා වත්මන් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ ඉඩමකින් රුපියල් 50000/- කට වඩා වටිනා මහෝගනී ගස් දෙකක් හොරෙන් කැපු පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව වැලිපැන්න පොලිසිය පවසයි.
වැලිපැන්න 5 කණුව ප්‍රදේශයේ පිහිටි තමන්ට අයත් ඉඩමකින් අනවසරෙන් මහෝගනී ගස් දෙකක් කපා ඇති බවට පාලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසින් වැලිපැන්න පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කරන ලද පරීක්ෂණයේ දී එක් සැකකරුවෙකු සහ ලී මෝලකට විකුණා තිබු මහෝගනී දැව කඳන් කීපයක් පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම දැව සොරකමට සම්බන්ධ අනෙකුත් සැකකරුවන් සහ දැව ප්‍රවාහනය කළ වාහනය අත්අඩංගුවට ගැනීමට වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් සොරෙන් කපන ලද මහෝගනී ගස්වල වටිනාකම තක්සේරු කිරීම සඳහා දැව වාර්තාවක් ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙසක් සතියේ ඔය නැති බැරි අයට ඔය ටික දැන් දුන්නොත් හුගාක් පිනක් . නැති කමටනේ ඒ පින් බලයෙන් ඔබට අගමැති වීමට හේතු වාසනා වේවා !
වෙල්ගම මහතා ඇමති වෙලා ඉන්න කාලේ එයාගේ නෑදෑය CTB එකේ සභාපති කලා. ඒ මිනිහා මොනවදෝ හොර කමක් කරා. එක මේ මිලියන ගානක ගැහිල්ලක්. ඒකට තාම එයාව අත් අඩංගුවට අරන් නැහැ. දැන් අවුරුධු 3 කටත් වැඩියි. මේවා තමයි අරුම පුදුම නීති. ලංකාවේ විතරයි.
ඇමතිගේ ඉඩමේ ගස් කපපු එකාව හිරේ දානවා, ඇමතිලා කලේ කපල විනාස කරනකොට මේ නිතිය අදාලම නැතිද?...........
අර ජයන්ත කිව්වාවගේ,මේ වෙල්ගමය ඔයවගේ කොයිතරම් හොරකම් කරල ඇතිද,මේ බොරුවට ගහක් කැපුව කියල මැරෙන්න යන්නේ,ඔක්කොම නාඩගම්..................
මේ කැපුවා කියන ගස් තිබෙන ඉඩම එයාගේ පරම්පරාවෙන් ආපු ඉඩමක්ද? නැත්නම් දායාදයක් වශයෙන් මාමණ්ඩිගෙන් ලැබුණු එකක්ද? එහෙමත් නැත්නම් ඒ ඉඩමේ හිටපු අහිංසකයින් පළවා හැර බලහත්කාරයෙන් අල්ලාගත් ඉඩමක්ද? කියලා දැනගන්න ක්‍රමයක් තිබේද?
හිතුවේ කැලේ ගහක් කියලා! බැලින්නම් එ්කත් ඇමති අයිති කරගෙන. අල්ලස් කොමිසමට හොඳ හෝඩුවාවක්...
අපේ මිනිස්සු හොරකමක් වංචාවක් දිහා බලන අකාරය හරිම අපූරුයි.
අර මැති ඇමතිලා ගන්නවා වගේ මොවුන්ටත් අත්අඩංගුවට නොගන්න කියා උසාවි නියෝගයක් ගත හැකියි නේද ?