(සිරාජ් හසීම්)
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දීමට නම් ජාතික ප්‍රශ්නයටද ස්ථීර විසදුමක් ගෙනදිය යුතුයැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැරසෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් පලකරමින් සුමන්තිරන් මහතා මේ බව සදහන් කළේය.
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සදහා සහාය වීමට අප සූදානම්. මේ සඳහා අපි පෙරාතුවම ප්‍රතිපත්තිමය තීරණයක් අරගත්තා. 2015 වසරේ බලපෙරලියේදිත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට සහතික වී තිබෙනවා. විධායක ජනාධිපති ක්‍රමය 1978දීයි ගෙන ආවේ. එහෙත් 1948දී ආරම්භ වූ ජාතික ගැටලුව විශාල අර්බුදයක් ලෙස පරිවර්ථනය වෙලා ජීවිත රැසක් අහිමි වුණා. එතුළින් මහ විනාශයක් සිදුවුණා. විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කිරීමේ උත්සහාය සේම ලොකුම ප්රශ්නය වෙලා තිබෙන ජාතික ප්‍රශ්නයටත් විසදුම් ගෙන ආ යුතුයි.‘ යැයි සුමන්තිරන් මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ගේ ප්‍රශ්න වලට විසදුම්වලට විධායක ජනාධිපති ප්‍රශ්න නොවෙයි තියෙන්නේ ජීවත්වෙන ප්‍රශ්නේ. දේශපාලකයින්ට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ, බලය බෙදාගන්න, සැප විදින්න. තඩි වාහනවල සැලියුට් දදා යන්න.
ජාතික ප්‍රශ්ණයට විතරක් නොවෙයි ජාතික මට්ටමින් බලපාන හැම ප්‍රශ්ණයකටම විසදුම් දියයුතුව තිබෙනවා. ඒ සදහා යම් බාධාවක් සහ අවහිරයක් මෙම විධායක ජනාධිපති තනතුර මතුවු බවට පෙනෙන්නට තිබෙන අතර විධායක ජනාධිපතිවරයා හුදෙක් ක්‍රියාත්මක කලේ හා කරන්නේ ජනප්‍රිය දේශපාලන තීන්දු තීරන පමණක් බවට මෑත ඉතිහාසයේ දේශපාලන තීන්දු දෙස බැලීමෙන් නිරික්ෂණයවේ.
අගමැති ක්‍රමය දිහා බලන්න. පාර්ලිමේන්තුව ඉගෙන නොගත් අයගෙන් පිරී ඇති බව අපි කියනවා. ඔවුන් විසින් ඔවුන්ට ඕනෑ... ඔවුන් කැමති අයෙක්... අගමැති හැටියට පත් කර ගත්තොත් මිනිසුන්ට කරන්න දෙයක් නෑ. හොඳම උදාහරණය රනිල්ට මිනිසුන්ගේ කැමැත්ත දිනන්න බැරි නිසා ජනාධිපති තරගයට අාවේවත් නෑ. මිනිසුන් අකමැති වුනත් ඇතුලේ කට්ටිය කැමති නම් එය අගමැති, ජනාධිපති ක්‍රමය ජනතාවට අයිතිය දෙනවා සුදුසු කෙනා තෝරන්න. (ජනතාවට වරදින්නේ පක්ෂ පස්සේ යන නිසායි. සුදුස්සෙක් ස්වාධීනව අාවොත් දිනවන්න ඕනෑ)
නැති ප්‍රශ්නයක් හැමදාම අැදගෙන රට නැති කරනවා. ජාතිවාදයේ දකුණෙන් විතරක් නෙමෙයි උතුරෙත් ඔය විනාශයමයි උනේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනමත විචාරණයක් අවශ්‍ය වන බවයි මගේ අදහස, මෙම ක්‍රමය ජනමත විචාරණයක් මගින් ආරම්භ විය