(කාංචන කුමාර ආරියදාස)
වාර්ෂිකව පැවැත්වෙන රංගිරි දඹුලු මහා පෙරහැර ඊයේ (28) රාත්‍රියේ දඹුලු පුදබිමේ වීදි සංචාරය කරනු ලැබූහ.
සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සධාතුක කරඬුව ඇත් රජු පිට තැන්පත් කිරීමෙන් අනතුරුව ආචාර්ය දානියගම ආනන්ද නාහිමියන් සහ දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහත්වරුන්ගේ පුෂ්පෝපහාරය පසුව දඹුල්ල පුදබිමේදී පෙරහැර වීදි සංචාරය කළහ.
රංගිරි දඹුලු මහා පෙරහැර වාර්ෂිකව වෙසක් පෝයට පෙර දින පැවැත්වෙයි .
පන්සලේ වැව ඉස්මත්තෙන් ආරම්භ කළ පෙරහැර අලි ඇතුන් උඩරට පහතරට සබරගමුව සාම්ප්‍රදායික නැටුම් සහ ඉපැරණි පෙරහැර පිළිබිඹු වෙන ආකාරයෙන් ශිල්පීන් ශිල්පිනියන් 1500ක පමණ සහභාගිත්වයෙන් මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයට පිවිස විහාර හංදිය ප්‍රදේශයෙන් පෙරහැර මාවතට ප්‍රවිශ්ට විය.
අනතුරුව පෙරහැර මාවත ඔස්සේ කණ්ඩලම හන්දිය හරහා නැවතත් දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයට පැමිණ ඓතිහාසික රංගිරි උයන්වත්ත රජමහා විහාරයට ගෙවැදීම සිදු කෙරිණි.






2025 ඔක්තෝබර් මස 08
1839
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1484
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රංගිරි දඹුලු මහා පෙරහර