(සමන් විජය බංඩාර)
සබරගමුවේ හිටපු පළාත් සභා මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29 ) උදෑසන පැවැත්විය.
සබරගමුවේ හිටපු ප්‍රථම වතාවට මෙවැනි දන්සැලක් පවත්වා ඇති බවද මෙහිදි දැන ගැනිමට හැකි වු අතර ලංකාව තුලද මාධ්‍ය මගින්වත් මෙවැනි දන්සලක් තමන් මිට කලින් දැක නැති බවද මෙම දන්සලට එක්ව සිටි ජනතාව පවසයි.
මෙම දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පෙළ ගැසි මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කළ දන්සලට පැමිණි ඒ සියලූ දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.
පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලූ මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය.
එම අවස්ථාවේ මෙවැනි දන්සලක් පැවැත්විම සම්බන්ධයෙන් අදහස් දැක්වු හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.
‘හැම තැනම විවිධ දන්සල් තියෙනවා. මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි දන්සල් දීම අනුවණ ක්‍රියාවක්. කව්ද දන්නේ ඒකෙන් මොනවද කරන්නේ කියලා...
අනේ මන්දා රුපියල් සීයක් අරන් කරන්න දෙයක් තියනවද මේ කාලේ? මේ සල්ලි ඔක්කොම වියදම් කරලා කාටත් පොදු වැඩක් කළා නම් නේද හොඳ? පොදු ළිඳක් හදලා දුන්නා නම්..., නැත්නම් බස් නැවතුමක් වගේ දෙයක්. මම හිතන්නේ එ්ක කාලෝචිතයි. නැද්ද මන් අහන්නේ? මෝඩ වැඩ නොකර... අනෙක මේක ඉස්සරත් කළා... මිනිස්සුත් පස්සේ තේරුම් ගත්තා මේක මෝඩ වැඩක් කියලා.
එහෙනම් එක මාටියා පාරෙන් හොයන්න පුළුවන්...
පෝලිමක් තියෙනවනේ... ඒකෙන්ම පේනවා කූට දේශපාලනික උපායන් වලට රැවටෙන ජනතාවක් මේ රටේ තවමත් ඉන්න බව. නරකද ඔය සල්ලිවලින් නොමිලේ වෛද්‍ය සායනයක් වගේ දෙයක් තිබ්බානම්... රෝගියෙක්ට බෙහෙත් ටිකක් අරන් දුන්නා නම් එහෙම... ඊළඟ ඡන්දෙට මොකක් හරි කළා කියන්නත් එපැයි. අනේ මෙහෙමත් අනුවණ ජනතාවක් ඉන්න රටක්...
හොඳ වැඩක්.. හැබැයි 100 මදි. අඩුම ගානේ 250ක් වත් නම් හොඳයි. ඊළඟ සැරේ කරද්දී හැබැයි පොලිස් ගාර්ඩ් දාලා කරන්න. හොඳ වැඩක්...
අපේ අම්මා නම් කිව්වේ, පොල් හරි ගණන්, ලොකු පොල් ගෙඩියක් රුපියල් 100ක් විතර වෙනවා කියලා. අද කාලේ හැටියට ඔය මුදල සුළු ගානක් නිසා පොදු වැඩකට වියදම් කළා නම් බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් ප්‍රයෝජනයක් ගන්නට හැකියාවක් තිබුණා. පොදු වැසිකිළියක් වත් නැති තැන් කොපමණ තියෙනවාද?
දන්සැල් වල කන්න බොන්න දෙනවට වැඩිය ප්‍රායෝගික සහ හැමෝම සතුටු කරන්න පුළුවන් වැඩක් තමයි සල්ලි බෙදන එක. රුපියල් සීයට බනිස් ගෙඩියක් කාල කිරි තේ එකක් බිව්වම බත් වේලක් කෑවා වගේ තමයි.
ඡන්දය අත ලඟ, දුන්නා වැඩේ හරියට.. පින ලැබෙයි පැරදුනොත් ..
පොදු දෙයක් කරන්න. පාසල, පන්සල, රෝහල ඊට හොදම තැන . රුපියල් 100.00 වඩා හොඳයි නේද . ඡන්දය ගැන සිතන්න එපා පින් කටයුතු වැඩ වලදී. හැබැයි සිතන්න මොලේ තිබෙන්න ඕනේ.
රුපියල් කෝටි ගානක පින් අයිතිවේවි. පින් එකවුන්ට් එකේ පොලිය මේ ආත්මෙදි එකතු වුනාම ලබන ආත්මෙදි ` දියවන්නා` දිවිය ලෝකේ යන්න ගමන් ගාස්තුව කවර් කර ගන්න පුළුවනි. දෙව් ලොව යන අපේ ලොක්කට - ජයවේවා!
පෝලිමේ මිනිස්සු රස්තියාදු කරන්නැතුව මිනිස්සු ලඟට ගිහින් 100 ගානේ බෙදාගෙන ගියානම් තමා හොඳ. රුපියල් 100 කට මිනිස්සුන්ව පෝලිමේ තියෙන එක ඉතාම කණගාටු දායකය. රුපියල් 100 ට පෝලිම් ගැහෙන අපේ මිනිස්සු ගැනත් කියන්න දෙයක් නෑ ඉතින්.
හොඳ හිතෙන් කරා වෙන්න පුළුවනි. ඒ වගේම 'හිටපු' මන්ත්‍රී නිසා ප්‍රශ්නයක් නැතුවත් ඇති. නමුත් මේ දේ කරලා ඉස්සරහට ඡන්දය ඉල්ලන්න පුලුවන්ද. මේ දන්සලත් අල්ලස් වෙනවා නේද මැතිවරණ නීති අනුව?
මේක මෝඩ වැඩක් .දුප්පත් මිනිහෙකුඅ ගෙයක් ගලා දුන්නනම් මීට වඩා හොඳයි නේද?
දෙමාපියන්ට පින් පිනිසනේ. එයාගේ සල්ලිනෙ. ඉතින් මෝනා කලත් අපිට මොකෝ.