( රේඛා තරංගනී ෆොන්සේකා) රත්මලාන ධර්මාරාම පුරාණ රාජමහා විහාරයේ උදෑසන තේවාව සතියක කාලයක සිට පොලිසිය විසින් පැනවු තහනමක් නිසා නවතා දැමීමට සිදුව ඇතැයිද එම තහනම නිසා අද (29) වෙසක් පෝයදාද උදෑසන තේවාව නොපැවැත්වු බවද දායකයෝ සහ ප්‍රදේශවාසීහු පවසති.
මෙම තත්වය නිසා බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගමික උත්සවයක් වු සම්බුදු තෙමඟුලේ වතාවත් සිදු කිරීමට බාධා එල්ල වී ඇතැයි පවසන ප්‍රදේශවාසීහු මේ සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුවබවද පවසති.
මේ සම්බන්ධයෙන් විමසීමට ධර්මාරාම පුරාණ විහාරයේ විහාරාධිපති හිමියන් වන හේවෙස්සේ නන්දාරාම හිමියන්ව සම්බන්ධ කර ගත් අතර උන්වහන්සේ පැවසුවේ ශ්‍රි ධර්මාරාම පුරාණ රජ මහ විහාරයේ සහ ඊට ආසන්නයේ පිහිටි ශ්‍රි පුෂ්පාරාම පුරාණ රජ මහා විහාරයේ තේවාව එකම වෙලාවකදී පැවැත්වීම හේතුවෙන් මෙම අවහිර කිරීම කර ඇති බවයි. කෙසේ වුවද සවස්කාලයේ තේවාව නොඩවා සිදුකරන බවත් එය විශාල ගැටළුවක් නොවන බවත් උන්වහන්සේ පැවසුහ.
ඉදිරියේදී රත්මලානේ සුනීත හිමියන්ද සමඟ ගොස් පොලිසීයේ ලොකු මහත්තයා සමඟ මේ සම්බන්ධයෙන් කතා කර යම් විසඳුමකට එන බවත් මෙය ඒ හැටි ගැටළුවක් කරගත යුතු නැති බවත් නන්දාරාම හිමියෝ පැවසුහ.
එමෙන්ම සම්බුදු තෙමඟුල සමරන වෙසක් පොහොය ලබා ඇති අද දින සවස සුපුරුදු ලෙස තේවාව කරන බවද හේවෙස්සේ නන්දාරාම හිමියෝ පැවසුහ.
මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකට අනුව ඒ පසුගිය සතියක කාලයේදී එක් පුද්ගලයෙකුගේ අපලයකට පාන්දර හතරට හේවිසි පුජාවක් සිදුකර ඇති බවත් එයට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණ පැමිණිල්ලකට අනුව එකී අවහිරයට තහනම් පැනවු බවත් පැවසීය.
එසේ පාන්දර හතරට එක් පුද්ගලයෙකු වෙනුවෙන් කළ ක්‍රියාවට එරෙහිව ලැබුණු පැමිණිල්ලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා මිස වෙසක් පොහොයදා හෝ විහාරස්ථානයේ වෙනත් ආගමික වතාවත් සඳහා සිදු කරන තේවාවන් තහනම් කිරීමට පොලිසිය කටයුතු කර නැතැයි ද පොලිස් මාද්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
රටේ ප්‍රධාන ආගමික උත්සවයක් වූ වෙසක් පොහොය නිමිති කර ගනිමින් සිදු කරන තේවාවන් හේතුවක් නොමැතිව නවත්වන්නට යැයි කීමට පොලිසියට අයිතියක් හෝ අවශ්‍යතාවයක් නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට නම් මේක හතරබීරි කතාවක්... විහාරාධිපති හිමියන්ටත් මේ තහනම ලොකු ප්‍රශ්නයක් නොවෙයිලු. පොලිසියෙන් එහෙම තහනමක් කරලාත් නැතිලු. වගකිව යුත්තෙකුගේ ප්‍රකාශයක් පදනම් කර පුවතක් ලියනවා විනා කිසිම අයුරකින් විශ්වාස කල නොහැකි 'දායකයින්', 'ප්‍රදේශවාසීන්' වැනි මනඃකල්පිත චරිත වලින් ලැබුණු පුවත් මේ ආකාරයෙන් පල කිරීමෙන් පුවත්පතේ තියන විශ්වාසනීයත්වය නැති වෙනවා.
ලංකාවේ පන්සල්වල ළඟ ඉන්න මිනිස්සුන්ට කනක් ඇහෙන්න නැහැ ඝෝෂාව... ඉස්සර ස්පීකරේ දාලා තිබුනේ විශේෂ උත්සව වලට විතරයි. එක්කෝ වෙසක් උත්සව දවසේ, එක්කෝ පෙරහැර කාලෙට විතරයි. දැන් තුන් වරුවෙම, තුන්සිය හැටපස් දවසෙම.... නිතරම එහෙනකොටත් හරියන්නේ නැහැ. ලංකාවේ අය නම් අහන්නේ පිරිත්... හැබැයි, මිනීමැරුම් වල කෙළවරක් නැහැ.
ස්මාර්ට් ෆෝන් එකක් ගත්ත බොහෝ දෙනෙක් හිතන්නේ මාධ්‍යවේදියෙක් කියලයි. මොන විකාරයක්ද? ලියන දේ නම් තේරෙන්නේ නැහැ.
මා සිතන්නේ පන්සලේ තේවාව බොහෝ පාන්දරින් සිදු නොකර, සාමාන්‍යයෙන් සිදුකරන වෙලාවට කිරීම සඳහා පොලිසියෙන් තහනමක් පනවා නැති බවයි.
අනේ මෙහෙමත් මිනිස්සු... පන්සලේ පාන්දර හතරට හේවිසි ගැහුවා කියා තමන්ට තිබෙන කරදර හෝ වෙන්න තිබෙනවා කියන කරදර නැතිවන්නේ කොහොමද? බුදුහාමුදුරුවෝ වදාරා තිබෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතු බවයි.
මට මතක් වෙනවා අපි පොඩිකාලේ පාන්දරට ලක්ෂණ පක්ෂීන්ගේ එක එක වෙලාවට හැඬු ලක්ෂණ නාද එළිවෙනකම් ඇසුණා. අද එම පරිසරය නැතිවෙලා ගිහින්. හරිම දුකයි.
ආගම ධර්මය ට නිදහසක් නැත්නම් ඒ ආගම මොකටද ? එකනේ අපි දැන් පන්සලකට වත් ගොඩ නොවෙන්නේ, දැන් ඉතින් ලංකාවේ හොද තැනක් ඇතිවෙන ආගමකට පැන්න නම් හොදයි.