(අජිත්ලාල් ශාන්තඋදය )
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් පත් කිරීම සම්බන්‍ධයෙන් වූ දිස්ත‍්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්‍ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්‍ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙන් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන අයතන මන්ත‍්‍රීවරු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය හිමි රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එම පක්‍ෂයෙන් නම් කළ නියෝජිතයාට අහිමි කිරීම, උප නගරාධිපතිධූරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීමට ක‍්‍රියා කළ පොහොට්ටුවේ සියලූ දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් දෙන බවට වූ පොරොන්දු දින වකවානු ගෙවී ගියත් එය සිදු නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ (29) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
සබරගමු පළාත් සභාවේ හිටපු සමාජ සුබසාධන අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා රත්නපුර මුද්දුව නිවසේ දී මෙය පැවැත්විණි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.