(අජිත්ලාල් ශාන්තඋදය )
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් පත් කිරීම සම්බන්‍ධයෙන් වූ දිස්ත‍්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් එක්සත් ජාතික පක්‍ෂයේ සහාය ද ගෙන රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාගැනීමට පක්‍ෂ නායකත්වයට බලපෑම් කළ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි සහ සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න යන දෙදෙනා ඇතුලූ පාවාදුන් අයට එරෙහිව වහාම ඉතාම විනිවාදභාවයෙන් පෙනෙන පරීක්‍ෂණයක් පවත්වා පොහොට්ටුව පිරිසිදු කර දෙන මෙන් පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන අයතන මන්ත‍්‍රීවරු පිරිසක් මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියහ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතරය හිමි රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස එම පක්‍ෂයෙන් නම් කළ නියෝජිතයාට අහිමි කිරීම, උප නගරාධිපතිධූරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදීමට ක‍්‍රියා කළ පොහොට්ටුවේ සියලූ දෙනාට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වා තීන්දුවක් දෙන බවට වූ පොරොන්දු දින වකවානු ගෙවී ගියත් එය සිදු නොවීම සම්බන්ධයෙන් දැනුවත් කිරිමට ඊයේ (29) මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
සබරගමු පළාත් සභාවේ හිටපු සමාජ සුබසාධන අමාත්‍ය රංජිත් බණ්ඩාර මහතා රත්නපුර මුද්දුව නිවසේ දී මෙය පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොඳයි. ඒ වගේම අනිත් සමහර සභාවල වැඩි මන්ත්‍රී ආසන එජාපෙ අරන් තියනකොට පොහොට්ටුව සල්ලි වලට අරගෙන කරපු පත්කිරීම් එහෙමත් හොයලා ජනතාවට කියන්න.
මේ ගොල්ලන්ට කිරි කලේට ගොම නොදා ඉන්න බැරි නම් මහින්ද මහත්තයෝ මොනවා හරි කරන්න. ඔබතුමාලා වැඩ කරන්නේ රට වෙනුවෙන් කියලා හිතලා. අපි ලංකාදීපයේ කතා කරනකොට මේ අමන වැඩ දැක්කම අපේ කටවල් මින්පස්සේ ඇරෙන එකක් නැහැ.
ගම් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුව දක්වාම, බලය ලබාගැනීම සඳහා කරන බලුපොරය නිසා ලංකාවේ දේශපාලනය බල්ලට ගිහින් කියලා කීම නිවැරදියි.
මෙතන අච්චාරුවක්නේ.. පවිත්‍රා නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරහා. නමුත් විනය පරීක්ෂණය ඉල්ලන්නේ පොහොට්ටුවෙන්. අපේ රටේ වර්තමාන ජනාධිපති ඇතුළු පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතනවල් සහ දේශපාලන පක්ෂවල් සේරම විහිළුවක් තමයි.
මේ වගේ හරක් අපිව පාලනය කරන රටක ඉපදීමත් පවක්... බහුතරයක් රටේ මිනිස්සුන්ගේ කැමැත්ත එක එක්කෙනාට කඩේ යන එක... ඔය දේශපාලනය කරන අයගේ වුවමනාව ජනතාවට සේවය කිරීමට නම් ඕක ඇතුලෙත් මොකටද? ඡන්ද බහුතර බලය පිහිටුවා ජනතාවට සේවය නොකර...
ඔවුන් පමණක් නොවෙයි පොහොට්ටුවේ සියලු දෙනාටම...
කමල් ළමයෝ. කිරි කලේ දැන් නැහැ. දැන් කාලෙ කරන්නේ ගොම කලේට කිරි දැමිල්ල! කිරිත් දැන් ඉස්සර වගේ නෙමෙයි ලාටු වගේ ඇලෙනවා .. රබර් කිරි !.
මිනිස්සුනේ මේක තේරුම් ගනිල්ලා මේ පක්ෂ දෙකේම ලොකු ඩීල් එකක් තිබෙනවා. මුන්ට රැවටෙන්න එපා