(තරිඳු ජයවර්ධන)
පෞද්ගලික අංශයේ අල්ලස් ගැනීම් වරදක් වන ආකාරයට අල්ලස් පනත සංශෝධනය කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා කියයි.
මෙම වසරේ මුල් මාස තුනේදී අල්ලස් නඩු පණස් ගණනක් විභාග කර සැකකරුවන් 32 දෙනකු අධිකරණයෙන් වැරදි කරුවන් කර ඇතැයි ද අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරයි.
2017 වසරේ දී අල්ලස් සහ වත්කම් නඩු අසූ 83කින් 57 දෙනකු වැරදිකරුවන් වී ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. අල්ලස් කොමිසමේ ඉතිහාසයේ වැඩිම පිරිසක් අධිකරණයෙන් වරදකරුවන් කළ වසර 2017 වසර බව ද ඔහු සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ 25 වසරක ඉතිහාසයේ තවමත් සිටින්නේ විමර්ශනය කරන පොලිස් නිලධාරීන් 200ක් පමණක් බවත්, උපාධි ධාරීන්, ගණකාධිකාරීන් ආදී විමර්ශන නිලධාරීන් නොමැති බවත් ජයමාන්න මහතා ප්‍රකාශ කරයි. එම ගැටළුවට විසඳුම් ලෙස විශේෂඥ නිලධාරීන් 200ක් බඳවා ගැනීමට අවසර ලැබී ඇති බවත්, මේ වසරේ ජුනි වන විට 50 දෙනකු පමණ බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවත් ඕකේ ඉන්නවද? නැත්නම් ඇතුල් කරන්න.
ගොඩක් හොඳ තීරණයක්.. අප රට සංවර්ධනයට නම් බෙහෙවින් වටිනවා.
අල්ලස් ගැනීම සහ අල්ලස් දීම ආණ්ඩුවේ හරි පුද්ගලික අංශයේ හරි කොහෙත් එකම වරදනේ නේද?
ඕකට දේශපාලනය කරන අය එල්ලෙන්නෙම නැද්ද? ඒ අය අල්ලස් ගන්නේ කොමිස් විදිහට සූක්ෂමව... ඉස්සෙල්ලා දේශපාලනයට එද්දි වත්කම් බලන්න. ඕකට අල්ලන්නේ පොඩි අය විතරයි හැමදාම...
අල්ලස් ගැනීමේ ආදීනව මරණ මංචකයේදී හරි විපාක දෙනවා. වෘත්තීය කටයුතු කිරීමේදී එහි ආචාරධර්ම වලට මෙය අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතුයි. නමුත් මෙවැනි දේවල් යන්තම් දැනුම් තේරුම් ඇති වයසේදීම, විශේෂයෙන් පාසල හැර යාමට පෙර අපේ තරුණ පරපුරට දැනුවත් කළයුතුයි. එවිට අඩු වශයෙන් අනාගත පරපුරවත් හැදේවි. මේ වගේ ගති පුරුදු නීතියෙන් පමණක් තුරන්කරන්න නොහැකියි.
එතකොට දෝෂාභියෝගය වෙලාවෙ ඡන්දෙ ගන්න දීපුවා මේ දැලට අහු වෙන්නෙ නැත්තෙ ඇයි?