( ක.ග කරුණාරත්න)
පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ 28 වැනි සැතපුම් කණුවට නුදුරුව පිහිටි පුරාවිද්‍යා රක්ෂිතයේ මෙතෙක් සිදුකළ පුරාවිද්‍යා කැණීම්වලදී ඉපැරණි දාගැබක සහ ප්‍රතිමා ශෘහයක අවශේෂ සහ බුදු පිළිම දෙකක් සහ බෝසත් පිළිමයක් ඇතුළු පුරාවිද්‍යා ස්මාරක රැසක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
සඳකඩ පහන, මුරගල්, වාමන රූප, කොරවක් ගල් ආදිය කැණීම්වලින් හමුවී ඇති සෙසු පුරා සාධක අතර වේ.
ඉපැරණි විහාර ආරාම සංකීර්ණයෙක අවශේෂ විය හැකි බවට පුරාවිද්‍යා නිලධරයෝ විශ්වාසය පළ කරති.
එම පුරාවිද්‍යා රක්ෂිතයේ කැණිම් කටයුතු තවදුරටත් සිදු කෙරේ. දැනට හමුවී තිබෙන බුදු පිළිමවල සිරස් පත නැතැයිද පුරාවිද්‍යා නිලධාරීහු කීහ.
ප්‍රතිමා ගෘහයේ උස අඩි 10 ක් 15 ක් පමණ තිබෙන්නට ඇතැයි සැලකෙන බවද එම නිලධාරිහු පැවසූහ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය පී.බී මණ්ඩාවල මහතා සඳහන් කළේ පොලොන්නරු යුගයට අයත් පුරාවිද්‍යා ස්මාරක මෙහි ඇතැයි විශ්වාස කරන් බවයි. එම ස්ථනයේ කැණීම් කටයුතු තව දුරටත් සිදු කරන බවත් ඉදිරියේදී සියුම් කැණීම් කිහිපයක් සිදු කිරීමට බලාපොරොත්තු වන අතර ඉන් පසුව එහි සංරක්ෂණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා කිවේය.
පොලොන්නරුව ඇතුලු නුවර පුරාවිද්‍යා භූමියට නැගෙනහිර දෙසින් පිහිටා තිබෙන 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ දැනට කැණීම් කටයුතු සිදු කරන ස්ථානය අවට ජනාවාස රැසක් සහ පොලොන්නරුව ප්‍රාදේශීය සභාවට අයත් පොදු සුසාන භූමියද පිහිටා තිබෙන අතර එහි බොහෝ තැන් වල ඉපැරණි ගල් කණු ආදිය දක්නට තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේවා කාටවත් ඩෝසර් කරන්නනම් දෙන්න එපා.
වෙනත් රටවල නම් රටේ ඉතිහාසයටත්, මෙවැනි ඓතිහාසික නටබුන් වලටත් විශාල ගෞරවයක් හා ආරක්ෂාවක් තියෙනවා අපි ඉතින් වෙනස්නේ.