(මොහොමඞ් බුහාර්ඩින්)
ගලේවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ගොවීහු සිය අස්වැන්න විකුණාගත නොහැකිව පීඩාවට පත්ව සිටිති. ඔවුන් වැඩිපුර වගා කර ඇති තක්කාලි, ගෝවා වැනි එළවලු වර්ග මේ හේතුවෙන්එළවලු කොටුවලම කුණු වී විනාශ වී ගොස් තිබේ.
ගලේවෙල , පට්ටිවෙල , කට්ටන් කොටුව , රුවන්පුර ආදි ගම්මාන වල ගොවීහු මෙම ගැටළුවට මුහුණ පා සිටිති.
මේ පිළිබද අදහස් දැක්වු පටිටිවෙල කට්ටන් කොටුව පදිංචි - ඩබ් ජි රංජිත් පෙරේරා ගොවි මහතා -
‘ මේ වතාවේ මම තක්කාලි හැදුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිහින් මිල ඇහුවා රු 5 යි 10 අතර මිලකට තමයි තක්කාලි අලෙවි වෙන්නේ. තක්කාලි කිලොවක් නිපදවන්න රු 25 ත් 35 අතර මුදලක් වැය වෙනවා මෙහෙම ගියොත් ලොරි කුලියවත් හොයා ගන්න බැරිවෙන නිසා තක්කාලි අස්වැන්න නෙලන්නෙම නැතිව තක්කාලි කොටුව අතහැර දැම්මා . ගෝවාත් හැදුවා දැන් එකත් අලෙවි වෙන්නේ රු 10ට. මේ පැත්තේ ගොවියෝ ගණනාවක් මේ විදිහට තක්කාලි කොටු අතහැර දමලා දැන් ඉතින් තක්කාලි කොටුවල කුණු වෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අපට කන්න දෙන්න "අනෙකවිද දුක්ගැහැට" විඳ බවබෝග වගාකරන අපේම ගොවි මහත්ම මහත්මීන් නේද? මේ අය තම ජීවිකාව රැකගනිමින් අපට කන්න දෙන්න වගාකළ බවබෝග නිසිලෙස විකුණා ගැනීමට නොහැකිනම් මෙම විෂයට අදාළ "පිනට වැටුප් ලබන" දේශපාලුවන් සහ නිලධාරීන් යයි කියාගන්න "හැතිකරය" අදාළ ආයතනවල පිනට කකා බිබී සිටීමෙන් ඇති ඵලය කුමක්ද? මොනයම්ම ආගමකට අදාළ වුනත් මේ අය කරන්නේ ජාති ජාතිත් පාපකර්ම හැර වෙන කිසිවක් නොමැත.
අනේ මෙහෙමත් පාලකයෝ ඉන්න රටක්, යකුනේ කැබිනට් හදන්න කලින් රටේ ගොවීන්ගේ එළවලු ටිකේ විකුණන්න ක්‍රමයක් හදන්න. රනිල්, මහින්ද, මෛත්‍රි යනු විවිධ නම් පමණි. ප්‍රශ්න එමටයි. අපේ රටට මැති ඇමතිවරුන්ගෙන් වැඩක් තියේද? තක්කාලි ටිකෙන් අඩුම තරමේ සෝර්ස්, ජෑම් හදන ආයතන වලටවත් විකුණන්න ක්‍රමයක් නැද්ද.? වෙන රටවල්වල කොච්චර මේවා කළමනාකරණය වෙනවද? 1948 න් පස්සේ අපිට කියා නිසි කළමනාකරණ වැඩපිළිවෙලක් නැතිවීම විනාශයට මූලික හේතුව!!! මේ ගොවි මහතුන් ගැන මට හරිම දුකක් හිතෙනවා.
කෘෂිකාර්මික භාණ්ඩ වල තිබෙන ගැටළුව වෙන්නේ ඉල්ලුමට අනුව සැපයුම වෙනස් කරන්න අමාරු වීම. මෙතන නොකියවෙන කතාව වෙන්නේ ගොවීන් සියල්ලෝම සීමාකාරී භෝග තෝරාගෙන වවනවා. එතකොට හැමෝටම මිල අඩුවීමේ අවාසිය වෙනවා. අනෙක් අතට ලංකාවේ තක්කාලි ගොවීන් වවන තක්කාලි ප්‍රභේද වශයෙන් මිශ්‍රිතයි. ඒවා අරගෙන වානිජමය වශයෙන් සෝස් හදන්න අමාරුයි, මොකද රසය ඒකාකාරී නොවන නිසා. ඒ හින්දා ඒක කරන්න බෑ.
දැන් හැම දෙයක්ම පිටරටින් ගෙන්නන්න පුළුවනි. කොමිස් ගැහිල්ල සහ ටෙන්ඩර් කෙලිය ජාතික ක්‍රීඩාවන් ලෙස සලකන මේ යුගයේ සංවර්ධනයට තිබෙන ලොකුම බාධකය කෘෂිකර්මයයි. ඒ හින්දා ගොවිතැන නීතියෙන් තහනම් කල යුතුය. හොරෙන් වත් ගොවිතැන් කරන ද්‍රෝහීන්ට එරෙහිව නඩු පවරා හිරේ දැමීම සඳහා නීති සම්පාදනය කල යුතුය. එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා නිලියකගෙන් කුලියට ගත බව කියන අර අපුරු බිල්ඩිම සඳහා මාසික කුලිය තව කෝටියක් දෙකක් වගේ සොච්චම් ගානකින් වැඩි කිරීම සුදුසුය.