IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


පුත්තලමෙන් අඩි 12 ක පිඹුරෙක්

(රෝවන් පෙරේරා පුත්තලම)


පුත්තලමෙන් හමුවූ අඩි 12 පමන දිගින් යුත් විශාල පිඹුරකු තබ්බෝව අභය භූමියට මුදා හැරීමට කටයුතු කල බව වනජීවී පාලන ඒකකය කියයි.


27 වන දින රාත්‍රියේ නවයට පමන මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ ගම්මානයකට පැමිණි මෙම පිඹුරා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මුන්දලම පොලිසියට දැණුවත් කිරීමෙන් පසුව පොලිසිය මැදිහත් වීමෙන් පුත්තලම වන ජීවී පාලන ඒකකයේ නිළධාරින් දැනුවත් කර පිඹුරා වන ජීවී නිළධාරීන්ට ලබා දීම සිදුවීය.


වන ජීවී නිළධාරීන් පිඹුරා මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 40 පමන දුරින් පිහිටි කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට මුදා හැරීම අද (28) අලුයම සිදුවිය.


පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව් එම් කේ වී නවරත්න බන්ඩාර මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ හමවූ විශාලතම පිඹුරා බවයි.



අදහස් (4)

පුත්තලමෙන් අඩි 12 ක පිඹුරෙක්

KANDEPOLA Saturday, 28 April 2018 08:28 AM

ඔයිට වඩා දිග එවුන් ඉන්නවා දියවන්නාවේ...

:       30       163

de silva Saturday, 28 April 2018 05:54 PM

මෙවැනි දෙයක් කරන්න ඕනේ වැඩි කලබලයක් නැතිව සතාට ඇතිවන බිය අඩුම වන ආකාරයටයි. මෙතන මිනිස්සු 100ක් විතර එකතුවෙලා සතා අත්පත ගාමින් ෆොටෝගහමින් කරන්නේ විශාල වැරැද්දක්...

:       0       0

de silva Saturday, 28 April 2018 06:58 PM

දියවන්නාවේ වැඩිපුර ඉන්නේ දෙපත් නයින් සහ ලේමාපිලුන්...

:       0       2

rocky Sunday, 29 April 2018 01:55 AM

මෙයාට නාම යෝජනා දීලා පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් කරමු. ජාතියට නියම සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1839 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1484 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 526 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site