
(රෝවන් පෙරේරා පුත්තලම)
පුත්තලමෙන් හමුවූ අඩි 12 පමන දිගින් යුත් විශාල පිඹුරකු තබ්බෝව අභය භූමියට මුදා හැරීමට කටයුතු කල බව වනජීවී පාලන ඒකකය කියයි.
27 වන දින රාත්‍රියේ නවයට පමන මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ ගම්මානයකට පැමිණි මෙම පිඹුරා ප්‍රදේශවාසීන් විසින් අල්ලා ගෙන මුන්දලම පොලිසියට දැණුවත් කිරීමෙන් පසුව පොලිසිය මැදිහත් වීමෙන් පුත්තලම වන ජීවී පාලන ඒකකයේ නිළධාරින් දැනුවත් කර පිඹුරා වන ජීවී නිළධාරීන්ට ලබා දීම සිදුවීය.
වන ජීවී නිළධාරීන් පිඹුරා මුන්දලම අක්කර සියය ප්‍රදේශයේ සිට කිලෝ මීටර 40 පමන දුරින් පිහිටි කරුවලගස්වැව තබ්බෝව අභය භූමියට මුදා හැරීම අද (28) අලුයම සිදුවිය.
පුත්තලම වනජීවී පාලන ඒකකයේ වනජීවී අඩවි ආරක්ෂක ඩබ්ලිව් එම් කේ වී නවරත්න බන්ඩාර මහතා පැවසුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ හමවූ විශාලතම පිඹුරා බවයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වඩා දිග එවුන් ඉන්නවා දියවන්නාවේ...
මෙවැනි දෙයක් කරන්න ඕනේ වැඩි කලබලයක් නැතිව සතාට ඇතිවන බිය අඩුම වන ආකාරයටයි. මෙතන මිනිස්සු 100ක් විතර එකතුවෙලා සතා අත්පත ගාමින් ෆොටෝගහමින් කරන්නේ විශාල වැරැද්දක්...
දියවන්නාවේ වැඩිපුර ඉන්නේ දෙපත් නයින් සහ ලේමාපිලුන්...
මෙයාට නාම යෝජනා දීලා පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් කරමු. ජාතියට නියම සේවයක් බලාපොරොත්තු වෙන්න පුළුවනි.