කුඹුරු යාය මැද ගොවීහු දුක කියති ‘මඩ සොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන කතාව වෙනුවට මඩ සෝදාගත් කල ගිගමනට සුදුසුයි කියන තැනට ගොවියා පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වූ කේ .පි .මුණසිංහ මහතා අද (5) මාධ්‍ය හමුවකදී පැවසීය. 05 January 2018
වෛද්‍ය සභාවට එරෙහිව විරෝධතාවක් ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ ක්‍රියා කළාපයට විරෝධය පළකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුලූ සංගම් කිහිපයක් එක්ව වෛද්‍ය සභාව ඉදිරිපිට ඒකාබද්ධ උද්ඝෝෂණයක නිරත විය. 05 January 2018
නුවරඑළියට මල් තුහින නුවරඑළිය මහානගර සීමාවේ ස්ථාන කිහිපයකටම අද (05) මල්තුහින පතිත වි තිබෙන අයුරු දැකිය හැකිය. 05 January 2018
අගමැති කොළඹ වරාය නගරයේ නිරීක්ෂණයක අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය. 02 January 2018
සුපිරි සඳ උදාවෙයි නව වසර උදාවේ දී ශ්‍රී ලංකාව ඇතුළු රටවල ජනතාවට සුපිරි සඳක් දැක ගැනිමේ අවස්ථාව ඊයේ(1) රාත්‍රියේ උදාවිය. 02 January 2018
කල්පිටිය සුන්දර කරන ඩොල්පින් කරණම් කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැම්බර් මුල් භාගයෙන් ඇරඹී ඩොල්පින් සමය, මේ වසරේ අප්‍රේල් හෝ මැයි මුල් භාගය දක්වා දිවෙනු ඇත. 02 January 2018
වසර 400ක් පැරණි චාරිත්‍රයක් කඩුගන්නාවේදී වසර 400 කට පෙර පැරණි රජවරුන් විසින් පවත්වන ලද අසදෘශ සප්ත අධිෂ්ඨාන පූජා මහෝත්සවය දිවයිනේ ප්‍රථම වරට ඊයේ (01) නව වසරට ආශිර්වාද පතා කඩුගන්නාව කොටබෝගොඩ රාජමහා විහාරස්ථානයේදී පැවැත්විණි. 02 January 2018
තායිලන්ත හිමිවරු පා ගමනින් අනුරපුරේ ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කර සිටිති. 01 January 2018
ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි. 2018 නව වසර උදාව හා දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අද ට යෙදී තිබීම හේතුවෙන් දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පීරී ඉතිරි ගොස් තිබුණු අතර ආගමික වතාවත් සඳහා විශාල පිරිසක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයටද පැමිණ සිටියහ. 01 January 2018
දළදා මාළිගාවට ජන ගඟක් 2018 නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සඳහා අද (1) ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණියහ. 01 January 2018
නව වසරට ආසිරි පතා පිරිත් පිංකමක් කුඹුක්වැවේ 2018 නව වසර ලක්වාසී ජනතාවට, රටට ආශීර්වාද කිරීමත්, පැවැති නියඟය හේතුවෙන් කන්න කිහිපයක් වගා පාළුවීමෙන් අසරණ වු ජනතාවට නැවත වගා කටයුතු ඇරඹී කලට වැසි ලැබී වැව් අමුණු පිරී ඉතිරේවායි ප්‍රාර්ථනා කිරීම අරමුණු කරගෙන සංවිධානය කළ පිරිත් සඡ්ඣායනාවක් කරුවලගස්වැව කුඹුක්වැව දී පැවැත්විණි. 01 January 2018
නව වසර උදාවෙද්දී ගාලුමුවදොරට මහ සෙනඟක් 2018 නව වසර උදාවන අවස්ථාවේ ගාලු මුවදොරට විශාල පිරිසක් එක්ව සිටියහ. 01 January 2018
හිමිවරු බස් නැවතුම්පොළ පවිත්‍ර කරති නව වසරේ ආකල්පමය වෙනසකට මුල පුරමු යන තේමාවෙන් මහා සංඝරත්නය හා තරුණ ප්‍රජාව එක්ව අනුරාධපුර නගරයේ මහා වීදියේ අපවිත්‍ර වූ බස් නැවතුම්පළ සියල්ල අද පිරිසිදු කළහ. 31 December 2017
සැලව නිවසක සුදු ලේනෙක් අරණායක සැලව පිල්ලෑව ප්‍රදේශයේ නිවසක ඇතුලත වැටි සිටි සුදු පැහැති ලේන පැටියෙකු හමුවී ඇති අතර මෙ වන විට එම ලේන පැටියා එම නිවැසියන් විසින් සුරතලයට ඇති කරනු ලබයි. 31 December 2017
දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ 103 වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දානමය පුණ්‍ය කර්මයක් අද (30) දහවල් නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය. 30 December 2017
ජනපති ශ්‍රීලනිප අපේක්ෂකයන් හමුවෙයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි. 29 December 2017
තේ තහනම ඉවත් කළාට වතු කම්කරුවෝ සතුට පළකරති ශ්‍රී ලංකාවට පනවා තිබූ තේ අපනයන තහංචිය ඉවත් කර යළි ලංකාවේ තේ මිලදී ගැනීමට රුසියා රජය එකඟවීමේ සතුට සමරමින් ලංකා කම්කරු කොංග්‍රසයට අයත් බදුල්ල වතුකම්කරුවන් පිරිසක් අද(28) ඌව පළාත් සභාව ඉදිරිපිට දී සතුට සැමරීමේ නිරත වූහ. 28 December 2017
භූතාන රජ පවුල ගංගාරාමය වඳී පෞද්ගලික සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි භූතානයේ සිවුවැනි රජුගේ බිසව වන ආෂි ඩොර්ජි වැන්ග්මෝ වැන්ග්චක් බිසව ඇතුළු රාජකීය පවුලේ දූත කණ්ඩායම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආගමික වතාවත් වල නිරත වූහ. 28 December 2017
සොඳුරු ආක්රමණිකයා කනුවැටිය වසාගනී වැස්ස තවමත් වයඹ පළාතේ වැව් පිරි යන්නට නොලැබුණද ලැබී ඇති සුළු ජල ප්‍රමාණය තුළ කලින් තිබු ආක්රමණික ජපන් ජබර ශාක මතුවී ඇත. 28 December 2017
රත්නපුරයත් උසස් පෙළ විශිෂ්ටයන් බිහි කරයි 2017 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව කලා අංශයේ දිවයිනේ පළමු ස්ථානය රත්නපුර සද්ධර්මාලංකාර පිරිවෙනේ පත්බේරියේ මුනින්දවංශ හිමියයෝ හිමිකර ගත්හ. 28 December 2017
ජීව විද්‍යා පළමු තැන දකුණට - භෞතික විද්‍යා ජය උතුරට වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇත. 28 December 2017
ශ්‍රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක් 2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොඳම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. 28 December 2017
තැපැල් සේවකයෝ පාරට බසිති වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (27) තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි. 27 December 2017
ශ්‍රී මහා බෝ අංකුරයක් තායිවානයට ඓතිහාසික ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් තායිවානයට වැඩම කරවීමේ උත්සවයක් අද (26දා) පෙරවරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියසදී සිදු කෙරිණි. 26 December 2017
පරාක්‍රම සමුද්‍රයේ තාවුල්ලට අලි ඇවිත් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නියඟයෙන් පසුව ඇති වූ වර්ෂාවත් සමඟ දලුලා වැවෙන තණ කොළ ආහාරයට ගැනීමටත් සංචාරක හෝටල්වලින් ඉවත ලන ආහාර ද්‍රව්‍යයන් කෑමටත් මෙම අලින් හුරුවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති. 26 December 2017
සුනාමි සැමරුම් රටපුරා සුනාමියට බිලිවූ අය සමරා කතරගම පුද බිමෙහි අද (26) පිංකම් රැසක් පැවැත්විණි. 26 December 2017
සාම පාගමන බෝධිරාජාරාමයට සාම පාගමනක යෙදී සිටින තායිලන්ත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද(25) සවස කලාඔය සිරි විජය බෝධිරාජාරාමයට වැඩම කරවූ වගයි. 25 December 2017
සරත් හෙට්ටිආරච්චි පියතුමන්ට පිරිත් නූලක් කිතුසමිදුන්ගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනය කරමින් සරත් හෙට්ටිආරච්චි පියතුමා මහා ඝංඝරත්නයට උදෑසන දානය පිරිනැමීම මොරටුව කටුබැද්ද අඹගහවත්ත පාරේ පියතුමාගේ පෞද්ගලික මැදුරේ අද(25) සිදුකෙරිණි. 25 December 2017
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026