(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය සංචාරක පුරවරයේ ආකර්ශනීය සාධකය වනුයේ,කල්පිටි සයුර විචිත්‍රවත් කරන සුන්දර ඩොල්පින් මසුන්ය. පසුගිය නොවැම්බර් මුල් භාගයෙන් ඇරඹී ඩොල්පින් සමය, මේ වසරේ අප්‍රේල් හෝ මැයි මුල් භාගය දක්වා දිවෙනු ඇත.
කාලගුණික,දේශගුණික සාධක සහ මුහුදු රළේ ප්‍රචණඩත්වය මත මෙම ඩොල්පින් සමයේ සුළු වෙනස්කම් ඇතිවේ.
කල්පිටිය වනජීවී අඩවි ආරක්ෂක නිළධාරී මංජුල කුමාර මොරපතැන්න මහතා පැවසුවේ කල්පිටියේ බහුලව ඇත්තේ,දගර මුල්ලා හා බෝතල් නාස මුල්ලා යන ඩොල්පින් ප්‍රභේද බවයි.
ඩොල්පින් හිතු මනාපෙට ඩොල්පින් නැරඹිය නොහැකි බවත්,එම සතුන්ගේ ස්වභාවික සංචරණ රටාවට බාධාවක් නොවන පරිදිද්දෙන්,නැරඹීම් සිදු කළ යුතු බවත් ය.
ඩොල්පින් නැරඹීමේ දී ළඟාවිය හැකි උපරීම දුර මීටර් 50 ක් බවත් ඔහු පවසයි. සංචාරක යාත්‍රා නියාමනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් හෝ කල්පිටිය විජය නාවුක මුර සංචාරක යාත්‍රා ද යොදවා ඇතැයි වාර්තා වේ.
සෑම සංචාරක යාත්‍රාවක්ම වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ,වාර්ෂිකව ලියාපදිංචි වියයුතු බවත්, සංචාරකයන් අනිවාර්යෙන්ම ජීවිත ආරක්ෂක කබා පැළදිය යුතු බවත්,සෑම යාත්‍රාවකම ජීවිත ආරක්ෂක වළලු දෙකක් තිබිය යුතු බවත් ඔහු පවසයි. මේ වන විට කල්පිටියේ සංචාරක යාත්‍රා 99 ක්,මෙම ලියාපදිංචිය ලබා ඇත .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන කරණමක් ලංකාවෙන් ඈතට වෙලා ගහන්න. ලංකාවේ කිට්ටුවට අවොත් යුෂ අඩු වේවි.
හරි ෂෝක්... ඒකටත් නීති පනවල මුදල් අයකරනවා. මීටර් 50 ක් ඇතින් ඉඳන් මුහුදු ගිහින් ඩොල්පින් නරඹනවට වඩා හොඳයි ගෙදරට වෙලා අන්තර්ජාලයෙන් විදේශ රටවල ඩොල්පින්ලා එක්ක කරට කර බෝට්ටුකාරයෝ සෙල්ලම් දාන වීඩියෝ බලන එක.. වන ජීවී එකට උගන්වන්න වෙනවා ඩොල්පින්ල මොනවටද කැමති අකමැති කියල.. සල්ලි ගෙවල ගිහින් මීටර් 50 ක් ඈතට වෙලා ඩොල්පින් නරබන විදේශිකයෝ දාන අදහස් වනජීවී එකේ අයයි ඔය නීති දාන අයයි දකින්නෙයි බලන්නෙයි නැතුව ඇති. අපේ රටේ රජයේ ආයතන දන්නා එකම දෙය තමයි නොදන්නා දේවල් පාලනය කරන්න අවිධිමත් නීති දමන එක.
බෝට්ටු ඒ අසලට ගොස් නවතා සිටිනවිට හොඳින් එයාලා බලන්න හැකියි. එයාලා ඉන්නේ නොරොච්චෝලේ අසල මුහුදේයි.