එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් සමග හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්විණි.
අපේක්ෂකයින් ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ දීර්ඝ කාලයක් පුරා රටට අවශ්‍යව පැවති පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ වැදගත් පියවර සනිටුහන් කෙරෙන්නේ මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය තුළින් බවයි.
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ කටයුතු පිළිබදව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයින් දැනුම්වත් කිරීම වෙනුවෙන් මෙම හමුව කැඳවා තිබුණි.
මෙහිදී සියලූම අපේක්ෂකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති සුරකිමින් නීති ගරුක, පිරිසිදු පාලනයක් පළාත් පාලන ආයතන ව්‍යූහය තුළ ඇති කිරීම සදහා ප්‍රතිඥා දීම ද සිදු කෙරිණි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොට්ඨාස නියෝජිත පත්වීම් ලබාදීම යටතේ, පළාත් පාලන ආයතන 341ක් නියෝජනය වන පරිදි එක් සභාවකට එක් නියෝජිතයෙකු බැගින් පත්කිරීමට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ද අද සිදු විය.
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලවෙනි පින්තුරේ හැටියට තමන්ගේ හදවත උඩින් අත තියලයි දිවුරන්නේ. අනේ මේ දේශපාලකයෝ රටට කොච්චර ආදරේකින්ද මෙහෙම දිවුරන්නේ.
අපි හොරකම් කලේ පොදු දේපොළ බව ඇත්ත... ඒ අය හොරකම් කලේ මහජන දේපොළ බව ඇත්ත... ඒ අය අපි සැම කලේ එක දෙය බව ඇත්ත... අනේ අපේ මව්බිම කෑ බව ඇත්ත ..
අනේ එ්ක හින්දා වෙන්න ඇති අපේ ගමේ හොරකම් කළ අයෙකුට නාම යෝජනා දීලා තියෙන්නේ....
හිනහ යනවා .මහජන මුදල්...
මාර හමුවක්නේ? මේ ජනපති ශ්‍රීලනිප ඡන්දවලින්ද රටේ ජනපති වුණේ? අපරාදේ අපිත් මේ කොහෙවත් ගිය අයෙකුව ජනපති කලේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් මහින්දට සහයෝගය දීපු අය. මේ හමුව සංවිධානය කරන්න තිබුණේ එතුමාව ජනපති කරන්න උදව් කරපු හැම පක්ෂයක්ම කැඳවලා රටේ ඉදිරිය ගැන පැහැදිලි කරන්න. නැතුව ශ්‍රීලනිප එක්ක සංදර්ශන තියන්න නෙවෙයි.
දැන් එතකොට මේවා මැතිවරණ නීති උල්ලංඝනය වීමක් නෙමෙයිද? ඊයේ තිබ්බ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය රූපවාහිනී නාලිකාවල සජීවීව පෙන්නුවේ කොහොමද? ජනාධිපති ලේකම් ලිපි යවලා ආරාධනා කරලා අපේක්ෂකයින් ගෙන්නුවේ කොහොමද? උත්සවයට වියදම් කළේ කාගේ මුදල්ද?
පපුවෙ අතගහගන්න වෙන්නෙ ඡන්දෙන් පස්සෙ.
සංදර්ශන සංවිධානය අතින් අනෙත් කට්ටිය පරද්දන්න පුළුවන් ජගතෙක් තුන් ලෝකෙම නෑ. ලබන සුමානේ බලාගන්න පුළුවන්. මොනවද ඔට්ටු?
හොර, නිවට, දේශද්‍රෝහී නඩයක් මේ ඉන්නේ. මේ අය සංදර්ශන කරන එකයි කරන්නේ. ඕනෑම වසල වැඩක් කරනවා. මුදලට පාවා දෙන කුමන්ත්‍රණ කාරයෝ තමයි.
තාත්තා වෙහෙස මහන්සි වී හම්බ කළා. අම්ම පිරිමහගෙන ඉවුම් පිහුම් කළා. පුත්තු ටික.... අනේද කියන්නේ ! වැරදි නොකරන්න දිවුරුම් දෙන්නේ අනාගතයට. අතීතය විනාශ නොකර ගත්තා නම් මෙතන ඉන්න ප්‍රධාන පෙලේ කිහිප දෙනෙකුටම හොඳ ගමනක් යන්න තිබුණා. පෙරදා වැරදි කරපු මිනිහා පසුපස ගොස් අද හරි කෙනා පිටුපස වුණත් යන ගමන ගැන ජනතාව තුල ඇති කුකුස පපුවට අත තැබූ පමණින් පහවේද? මෙන්න මේවයි සිතා බැලිය යුත්තේ...
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...
පපුවේ අත ගහගෙන රට කන මිනිසුන් කොටසක්...
මේ බොරු සෝබන වලට පොඩි ළමයෙක්වත් රැවටෙන්නේ නැහැ. මේ ඡන්දේදි හොඳ පාඩමක් උගන්වමු.
මිනි මැරුම් ළමා අපචාර වලට නීතිය නැති ලෝකේ එකම රට ලංකාව.මොනවද මේ විහිළු
මිනිසුන්ගේ හදවත ගැහෙනාරාවය නොවේ ඔබේ හදවත ගැහෙනා රාවයවත් ඔබට ඇහෙනවද? චන්දයක් ලන්වෙනකොට තමා හදවතත් මතක් වෙන්නේ.
මට නම් ඉතින් මතක් වෙන්නෙ අලි බබා සහ හොරු හතලිහ කතාව තමා
අන්තිම ෆොටෝ එකේ අස්සෙන් ඉන්න කෙනෙක් කිණ්ඩියට හිනාවක් දාගෙන ඉන්නවා වගේ,.. මට පෙනෙන්නේ.
මේ ෆොටෝ ඉස්සරහ පෙලේ ඉන්න කට්ටිය එක පැත්තක ඉඳලා අනික් පැත්තට බලාගෙන ගියාම අනේ අපිට හිතෙන දේවල්වල හැටි !!!
මොකටද අප්පේ මෙහෙමත් කොඳු නැවෙන්නේ දේශපාලකයින් ඉදිරිපිට? මේ ලෝකේ මොන රටේද මෙහෙම කොඳු නැවෙන්නේ දේශපාලකයින් ඉදිරිපිට?
යමු යමු අපි පෝලිමේ, නැවෙමු වඳිමු. අපි නැවෙමු වඳිමු. කීයක් හරි හරි හම්බ කරගන්න අපිටත් කල දසාව පාදලා තියෙන උතුමන් ඉදිරියේ අපි නැවෙමු වඳිමු.
දැන්ලුනේ ඉතින් මේ හාහා පුරා කියලා වංචාවෙන් දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න යනවා කියන්නේ... 2015 සිට මේ දක්වාත් බැරිවුණු නිසා වෙන්න ඇති...
මෙයාලා ඇත්තටම හදවතින්ම වැඩ කරනවා නම් මේ රට කොච්චර ලස්සන වේවිද?