IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි

අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය දවුල්දෙණ ඤාණීස්සර නායක ස්වාමින් වහන්සේගේ 103 වන ජන්ම දිනය නිමිත්තෙන් විශේෂ දානමය පුණ්‍ය කර්මයක් අද (30) දහවල් නුගේගොඩ ශ්‍රී විද්‍යා විජයාරාම විහාරස්ථානයේ දී පැවැත්වුණු අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එම අවස්ථාවට එක්විය.

අපවත්වී වදාළ මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව දානමය පුණ්‍ය කර්මය සදහා එක්වෙමින් මහා සංඝරත්නයට දානය පිළිගැන්වීය.

මහා සංඝරත්නය 150ස් නමක් විෂයෙහි පැවති දානමය පුණ්‍ය කර්මයේ ප්‍රධාන අනුශාසනාව ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නායක හිමිපාණන් වහන්සේ විසින් සිදු කළ අතර, පිරිස පංචශීලයේ පිහිටුවීම පූජ්‍ය ගිරාබේ මංගල නායක ස්වාමින් වහන්සේ විසින් සිදු කළහ.

විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කරගහඋල්පොත සුගතනන්ද නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


( ඡායාරූප : ජනාධිපති මාධ්‍ය අංශය )



අදහස් (0)

දවුල්දෙණ ඤාණීස්සර මහ නාහිමිගේ 103 වන ජන්ම දින දානමය පුණ්‍යකර්මයට ජනපති එක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site