IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක්

2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොඳම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර දී එම සම්මාන උත්සවය පැවැත්විණි.

එම සම්මාන උත්සවයේ දී ලැබුන සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.

ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සදහා මෙම ප්‍රවාහන සේවාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කොළඹට පමණක් දැනට සීමා වී ඇති මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.

මෙම අවස්ථාවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනී ළමා රෝග විශේෂඥ වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පර්යේෂණ හා පුහුණූ සුනිල් ද අල්විස් මහතා ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

 



අදහස් (2)

ශ්‍රී ලංකාවේ නව ජන්ම ප්‍රවාහන සේවාවට ජගත් සම්මානයක්

ruchi Thursday, 28 December 2017 05:43 AM

උන් උන්ටම සම්මාන දීගන්නවා. එකෙක් ලෝකයේ හොඳම මුදල් ඇමති කියල තමන්ම තමන්ට සම්මානයක් දීගත්තා. අන්තිමට තමන්ට තමන්ගේ පුටුවවත් නැතිඋනා. ඊළඟට ලෝකයේ හොඳම අගමැති . . .. . හොඳම ජනාදිපති . . . . මහා විකාර. අදාල දේ හරියට කරනවානම් එච්චරයි අවශ්‍ය.

:       179       465

himalThursday, 28 December 2017 08:14 AM

මේ සම්මානය ලැබිලා තියෙන්නේ ජන්ම ප්‍රවාහන සේවාවට. පුද්ගලයෙකුට නෙවෙයි.

:       14       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 40 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site