2017 බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරා සම්මාන උත්සවයේ දී ශ්‍රී ලංකාවේ රෝහල්වල ක්‍රියාත්මක නව ජන්ම ප්‍රවාහන සේවයට හොඳම නව උත්පාදන සම්මානය මෙවර හිමි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර දී එම සම්මාන උත්සවය පැවැත්විණි.
එම සම්මාන උත්සවයේ දී ලැබුන සම්මානය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පිරිනැමීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සිදු කෙරිණි.
ළදරු මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම සදහා මෙම ප්‍රවාහන සේවාව ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කොළඹට පමණක් දැනට සීමා වී ඇති මෙම වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව ආරම්භ කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදි.
මෙම අවස්ථාවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිනී ළමා රෝග විශේෂඥ වෛද්‍ය රම්‍යා ද සිල්වා මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පර්යේෂණ හා පුහුණූ සුනිල් ද අල්විස් මහතා ඇතුළු වෛද්‍යවරු රැසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන් උන්ටම සම්මාන දීගන්නවා. එකෙක් ලෝකයේ හොඳම මුදල් ඇමති කියල තමන්ම තමන්ට සම්මානයක් දීගත්තා. අන්තිමට තමන්ට තමන්ගේ පුටුවවත් නැතිඋනා. ඊළඟට ලෝකයේ හොඳම අගමැති . . .. . හොඳම ජනාදිපති . . . . මහා විකාර. අදාල දේ හරියට කරනවානම් එච්චරයි අවශ්‍ය.