(ප්‍රසාද් රුක්මල්)
ශ්‍රී ලංකාවට පනවා තිබූ තේ අපනයන තහංචිය ඉවත් කර යළි ලංකාවේ තේ මිලදී ගැනීමට රුසියා රජය එකඟවීමේ සතුට සමරමින් ලංකා කම්කරු කොංග්‍රසයට අයත් බදුල්ල වතුකම්කරුවන් පිරිසක් අද(28) ඌව පළාත් සභාව ඉදිරිපිට දී සතුට සැමරීමේ නිරත වූහ.
විවිධ පාඨ සහිත පුවරු ඔසවමින් ඔවුහු දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මහතාගේ ඡායාරූප අතැතිව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් රජයටත් රුසියන් රජයටත් සිය ස්තූතිය පළ කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අර සවරිමලේ කෝවිලට දෝලාවෙන් ගිය අයෙකුගේ දේශපාලන ප්‍රෝඩාවක්..හදිසියේම දිවංගත සෞම්‍යමුර්ති තොණ්ඩමන් මතක් වූ හැටි.
තේ තහනම ඉවත් කලේ ඇස්බැස්ටස් තහනම ඉවත් කරපු නිසා. ලංකාව වගේ රටකට රුසියාවත් එක්ක හැප්පෙන්න පුලුවන්ද. හැබැයි අපේ නායකයෝ කියල ඉන්න උන්ට රුසියාවෙ නියකයන්ගෙන් ගන්න තියෙන ආදර්ශ නම් බොහෝයි.
තේ තහනම ඉවත් කරගත්තේ රජය ඉදිරිපත්වෙලා. දෙමළ අය මොකද තොණ්ඩමන්ගේ පින්තූරයක් උස්සගෙන දඟලන්නේ. මෙතන එයා කරපු මගුලක් නැත.