ක ග කරුණාරත්න
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය වැව් තාවුල්ලෙ සවස් කාලයේ සැරිසරන වල් අලින් මේ දිනවල සුලභව දැකිය හැක. මාස කිහිපයක නියඟයෙන් පසුව ඇති වූ වර්ෂාවත් සමඟ දලුලා වැවෙන තණ කොළ ආහාරයට ගැනීමටත් සංචාරක හෝටල්වලින් ඉවත ලන ආහාර ද්‍රව්‍යයන් කෑමටත් මෙම අලින් හුරුවී තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.
පරාක්‍රම සමුද්‍රයේ උතුරු දෙසින් පිහිටා තිබෙන මහා පැරකුම්බා රජු විසින් කරවූ සීත මාලිගාව අවට පරිසරයේ වන අලින් සැරිසරන අයුරු ඡායාරූපයේ දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සුන්දර දසුනක්. මෙවන් සොබහදහම ලස්සන කරන සතුන් මුදල් වෙනුවෙන් මරා දමන මිනිසුන් අප අතර සිටීම මොන තරම් අසුන්දරද ???
වන සත්ව සම්පත රැක ගන්න උදව් කරන්න..
මේ වගේ දසුන් දැමීමෙන් වලකින්න. මොකද මිනිස් වෙස් ගත් මස් වැද්දන්, සල්ලි කෑදරයන්ම අප අතර ඕනෑ තරම්.
මොන තරම් සම්පතක්ද කුරිරු මිනිසුන් විනාශ කරන්නේ,