(දයාරත්න ඇඹෝගම)
ලංකාවට සාමය උදාවේවා යැයි ප්‍රාර්ථනා කරමින් තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇතුලු දුත කණ්ඩායමක් කටුනායක සිට අනුරාධපුරයට පා ගමනින් වැඩම කර සිටිති.
මෙම දුත කණ්ඩායම සඳහා තායිලන්ත භික්ෂුන් වහන්සේලා 41 නමක්ද උපාසක උපාසිකාවන් 20 දෙනෙක් ද එක්ව සිටිති.
පසුගිය 18 වැනි දා තායිලන්තයෙන් කටුනායකට පැමිණි මෙම පිරිස පා ගමනින්ම පසුගිය 29 වැනි දා අනුරාධපුරයට ළඟාවිය.
මෙදින සිට අනුරාධපුරයේ රැදි සිටි භික්ෂුන් වහන්සේලා අනුරාධපුරයේ ශ්‍රි මහ බෝධිය ඇතුලු අටමස්ථානය වන්දනා කර ගැනීමෙන් පසු අද (1) අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා නැවත පා ගමනින් වැඩම කර මිහින්තලයේ රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික වතාවත් වලටද එක්විය.
මිහින්තලයෙන් මෙම ආශිර්වාද පා ගමන නිමවන අතර මිහින්තලයෙන් නුවර බලා දුත පිරිස බස් රථවලින් දළදා වහන්සේ වැද පුදා ගෙන නැවත කටුනායකට ගොස් තායිලන්තය බලා පිටත්විමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ථෙරවාද බුදු දහම අගේට ආරක්ෂා කරගෙන සිටින තායිලන්තය සහ බුරුමය වගේ රටවල බෞද්ධයින් සමඟ සමීප සම්බන්ධතාවයන් ඇතිකර ගැනීම වැදගත් කියලයි මට හිතෙන්නේ. විශේෂයෙන් ලංකාවේ අභාවයට යමින් පවතින පාලි භාෂා භාවිතය මේ රටවල ඉතා හොඳින් ආරක්ෂාවෙන බව පෙනෙනවා. උගත් භික්ෂුන් වහන්සේ පාලි භාෂාවෙන් කතා බස් කිරීම මේ රටවල සාමාන්‍ය දෙයක්...
සිත පහන් කරන, මෙවැනි සුන්දර දසුනක් දකින්න ලැබීමත් මහත් පිනකි...!
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අපරටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!
සාදු සාදු
අපේ භික්ෂුන් වහන්සේලාට දුගී දුප්පත් කෙනෙකුගේ ගෙයක බණකට හෝ පිරිතකට ආරාධනා කලත් සැප පහසු වාහනයක් සූදානම් කල යුතුම වේ.
හොද වැඩක්.
නමස්කාර වේවා.
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අප රටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!
උන් වහන්සේලාට නමස්කාර වේවා!!! සැමට නිදුක් නිරෝගි සම්පත්තිය ලැබේවා. අප රටේ සැමට තමන්ගේ පක්ෂයට වඩා රට, ජාතිය, ආගම ගැන ඇල්මක් ඇතිවේවා !!!