(කාංචන කුමාර ආරියදාස)
‘මඩ සොදාගත් කල ගොවියා රජකමට සුදුසුයි’ කියන කතාව වෙනුවට මඩ සෝදාගත් කල ගිගමනට සුදුසුයි කියන තැනට ගොවියා පත්කර සිටින බව ගලේවෙල පල්ලම්යය ගොවි සංවිධානයේ ගොවියකු වූ කේ .පි .මුණසිංහ මහතා අද (5) මාධ්‍ය හමුවකදී පැවසීය.
සමස්ත ලංකා ගොවිජන සම්මේලනය මගින් ප්‍රදේශයේ පොහොර නොමැතිව කහ පාට තත්ත්වයට පත්වී ඇති කුඹුරු යායක මාධ්‍ය හමුව කැඳවමින් කීවේය.
මෙහිදී ගොවීන් මාධ්‍ය වෙත අදහස් පළකරද්දී තවත් ගොවීන් පිරිසක් විරෝධතා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ.
රටපුරා පවතින පොහොර හිඟය නිසා ගොවීන්ට පොහොර මිටියක් ලබා ගැනීම සඳහා විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට සිදුව තිබෙන බවත් එසේ ලබා ගන්නා පොහොර මිලදී ගැනීමේදී තවත් භාණ්ඩයක් මිලදී ගැනීමට සිදුව තිබීමත් කෘමිනාශක මිලදී ගැනීමේදී කල් ඉකුත් වූ ඒවා රට පුරා අලෙවි කරන බවත් ඔහු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අපේ මව්බිමට වෙලා තිබෙන නස්පැත්තිය. රටක ගොවියා යනු එම රටේ ඉහලින්ම තිබෙන සම්පත්වලින් ප්‍රධානතම සම්පතකි. නමුත් අප රටේ "දේශපාලකයා නමැති චරිතය විසින් මෙම සම්පත හිතාමතා විනාශ කිරීම මොනතරම් පාපයක්ද?
එනමුත් ලෝකෙන් උතුම් රට මගේ රටයි.