වසර 2017 අධ්‍යාපන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ ඩිලිනි සඳුනිකා පළිහක්කාර ශිෂ්‍යාව විසින් හිමිකරගෙන ඇත. 

(ඡායාරූපය - ක්‍රිෂාන් ජීවක ජයරුක්)

උසස් පෙළ ප්‍රතිඵල අනුව භෞතික විද්‍යා අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය පේදුරුතුඩුව හාට්ලි විද්‍යාලයේ ශ්‍රීධරන් ද්වාකරන් සිසුවාට හිමිව ඇත. 

(ඡායාරූපය - සිතුම් චතුරංග)

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ඉංජිනේරු තාක්‍ෂණවේදය අංශයේ දිවයිනේ ප‍්‍රථම ස්ථානය මාතර මහින්ද රාජපක්‍ෂ විද්‍යාලයේ රන්සිරිනි හෙට්ටිආරච්චි ශිෂ්‍යාවට හිමිව ඇත.

(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක්, සිතුම් චතුරංග, ජයසිරි පේදුරුආරච්චි)