ඉෂාන් සංජීව
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (02) කොළඹ වරාය නගරයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.
මෙහිදි වරාය නගරයේ නැරඹුම් මැදිරියට පැමිණි අග්‍රමාත්‍යවරයා එහි ඉදිරි ඉදිකිරීම් කටයුතු පිළිබඳව නිරීක්ෂණය කළේය.බස්නාහිර මහනගර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු මැති ඇමති වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් කීවේ මේ ව්‍යාපෘතිය නිසා දකුණු දිග මුහුදේ දැවැන්ත පරිසර විනාශයක් වෙන නිසා බලයට ආ විගස මේක නවත්වා දමනවා කියල නේද? කියන්නා කොහොම කීවත් අසන්නා සිහි බුද්ධියෙන් යුතුව අසා සිටිය යුතුය කියල කීවේ මේවගේ දේ නිසා වෙන්න ඇති නේද?
මොවුන් අපගේ පවටම උපන් පාපතරයන්.
මේකත් ඒ අයගේ සංකල්පයකට අනුව කරනවා කියල කියයිද ?
ඔතන ගුවන් තොටුපොළකුත් හැදුවොත් හොඳ නෙද්ද .
හරියට තමන් පටන් ගත්තවගේ.
කොළඹ වරාය දැන් තියෙන්නේ චීනෙද?
අනේ අප්පා පව් මෙයාලට දැන් තමයි වැඩ මතක් වෙලා තියෙන්නේ... හොරු, පෝරුකාරයෝ තමයි පාවලා දෙන්නේ...
බලයට එන්න කෑදරකමේ කියපු බොරු තොගයක්... අන්තිමේදී ඒ අය නෙමෙයි, මේ අයයි හොරු, වංචාකාරයෝ, බොරුකාරයෝ...
සමහර අය පුදුම දේවල් ලියන්නේ. කොහොම හරි පුම්බන්නයි හදන්නේ පරණ ආණ්ඩුව. ඔව්, නතර කරන්න හැදුවා එ්ත් කෝටි ගණන් වන්දි ගෙවන්න ඕනෑ. වරාය නගරයට. එයා බස් ගෙන්වන එක නතර කළා. දැන් වන්දි ගෙවන්න වෙලා. රටට අනවශ්‍ය දේවල් පුළුවන් තරම් නතර කරන්න ඕනෑ. එ්ත් සමහර දේවල් එහෙම කරන්න බැහැ. වන්දි ගෙවන්න වෙනවා සමහර ඒවා බාගෙට වැඩ පටන් අරගෙන. ඔය නෙලුම් කුළුන වගේ බොරු දේවල් නොකර බැරි කමට කරන්නේ. වරායවල් ගුවන් තොටුපොළවල්.. අනික මේ ආණ්ඩුව හොද වැඩියි හොරුන්ට. එ්ක මමත් පිළිගන්නවා. ඇතුලේ ඉන්න ඕනෑ හොරු, මංකොල්ල කාරයෝ මිනි මරුවෝ... ඉන්නේ එළියේ...
සමහරු දාල තියන අදහස් වලට අනුව ආණ්ඩුවට කරන්න තිබුනේ ගොඩකරපු මුහුදු කලාපය ආයි මුහුද බවට හරවන එක විතරයි.
සින්නක්කරේට දෙන්න තිබ්බ වරාය නගරයේ අක්කර 500 බේරගත්තේ මේ ආණ්ඩුව.