ගම්පහ දුම්රිය ප්‍රමාදයෙන් මගීන් අසීරුවට අද උදෑසන ඇතිවු දුම්රිය ප්‍රමාදය හේතුවෙන් ගම්පහ දුම්රිය ස්ථානය වෙත පැමිණි මගීන් විශාල ප්‍රමාණයක් දැඩි අපහසුතාවයට පත් වී ඇත. 23 April 2018
යාල කැළේ නිදහස විඳින කොටි යාල අභය භූමියට යන කාටත් මේ දිනවල කොටි (පැන්තරා පාදුස්) සැරිසරන අයුරු දැක ගත හැකිය. 22 April 2018
මුහුදු රල පාරටත් අැවිත් මුහුද රලුවීම නිසා කහව සහ තෙල්වත්ත අතර ගාලු පාරට රළ පහර පැමිණීෙමන් රථ වහන ගමනා ගමනයට බාධා අැති විය. 22 April 2018
බොක්සිං ක්‍රිඩිකා අනුෂාට උපන් ගමෙන් උපහාර... මෙවර ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට්හිදී පැවති 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙදී කාන්තා බොක්සිං ක්‍රීඩා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් බොක්සිං ක්‍රීඩිකා අනුෂා කොඩිතුවක්කු පිළිගැනීමේ සහ උපහාර පිදිමේ උත්සවයක් ඇයගේ උපන්ගමවන පන්නල - බටපොතැල්ල ප්‍රදේශයේදී පැවැත්විණි. 21 April 2018
සිඳුරළ නෞකාව අධිකාරි ධූරයට ඉන්දියාවේ නිෂ්පාදිත “ශ්‍රී ලංකා නාවික සිඳුරළ” නෞකාව අධිකාරි ධුරයට පත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරායේ ‘කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී’ අද (19) සිදු කෙරුණි. 19 April 2018
බඹරකන්ද ඇල්ලේ වතුර බොරවෙයි පැවති ධාරාණිපාත වර්ෂාවත් සමඟ ඉකුත් දින හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ඉස්මත්තේ කන්දක කොටසක් නාය ගොස් ගලා ආ ජලය නිසා දියඇල්ල බොර පැහැයෙන් දිස් විය. 19 April 2018
අතරමං වු අලි පැටවුන් උඩවලව ඇත් අතුරු සෙවණට නැගෙනහිර වනජීවී කලාපයේ ස්ථාන තුනකදී අතරමං වු අලි පැටව් තිදෙනෙකු අම්පාර වනජිවී සෞඛ්‍යය ඒකකයේ නිලධාරීන්ට හමු වී තිබේ. 19 April 2018
ගංගාරාමයේ හිසතෙල් ගෑමේ උත්සවය සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් හිසතෙල් ගෑමේ උත්සවය අද (16) වැනි දා උදේ 10.16 ට යෙදී තිබුණ සුබ මොහොතට යෙදී තිබිණි. 16 April 2018
විදේශිකයෝත් වෙන්නප්පුවේදී අවුරුදු සමරති දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක්මහ උළෙලක් වෙන්නප්පුව - නයිනමඩම පිහිටි රන්වැලි නිවාඩු නිකේතනයේ දී ඊයේ (15) පැවැත්විණි. 16 April 2018
පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා එති ගෝල්ඩ් කෝස්ට් හි පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං කණ්ඩායමක් , ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන ඊයේ (15 වැනිදා) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. 16 April 2018
මාස් කන්නයේ අග්‍රඵලය බුදුන්ට පුදයි පොලොන්නරුවේ ගොවි ජනතාව මෙවර මාස් කන්නයේ නෙළාගත් වී අස්වැන්නේ මුල් කොටස හෙවත් අග්‍රඵලය බුදුන් වහන්සේ වෙත පූජාකිරීමේ චාරිත්‍රානුකූල පිංකම අලූත් සහල් මංගල්‍යය අද (11) පෙරවරුවේ පොලොන්නරුවේ ඵෙතිහාසික ගල් විහාරය අභියස දී සිදු කෙරිණි. 11 April 2018
පමුණුව නිමි ඇඳුම් වෙළඳපොල ජනතාවගෙන් පිරෙයි එලැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මහජනතාව ඒ වෙනුවෙන් සුදානම් වන අයුරු මේ දින වල දැකිය හැකි සුලබ දසුනක් වන අතර තම නෑදෑ හිත මිතුරන්ට තෑගි දීම සඳහා නිමි ඇඳුම් මිලට ගැනීම ඉන් ප්‍රධාන තැනක් ගනී. නිමි ඇඳුම් සඳහා ඉතා ජනප්‍රිය වෙළඳ ප්‍රදේශයක් වන මහරගම පමුණුව එසේ නිමි ඇඳුම් මිලට ගැනීමට පැමිණි ජනතාවගෙන් පිරි ඉතිරි ගිය ලංකාදීප කැමරා කාචයේ සටහන් වූ අයුරු. 10 April 2018
දැඩි සුළඟකින් පුත්තලමේ නිවාස වලට හානි පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මදිනා නගර් සහ රහමත් නගර් ප්‍රදේශ හරහා ( 9 ) හමා ගිය සුළගකින් නිවාස 20 කට පමණ හානි සිදුවී තිබේ. 10 April 2018
රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මුද්දරයක් ශ්‍රී බුද්ධ වර්ෂ 2562 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් මුද්දර එළිදැක්වීමේ උත්සවය බුද්ධශාසන අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී අද(09) සිදුකෙරිණි . 09 April 2018
යුද හමුදා විශේෂ බළකා 48 වැනි කණ්ඩායම විසිරයාම ජනපති ප්‍රධානත්වයෙන් යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ මුලික පුහුණු පාඨමාලා අංක 48 කණ්ඩායම විසිර යාමේ පෙළපාළිය ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය පුහුණු පාසලේ දී අද (9) පැවැත්විණි. 09 April 2018
මහා නගරයේ අවුරුදු උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන මාත්‍යංශය මගින් සංවිධානය කළ ‘සූර්යාභිෂේකය‘ මහා නගරයේ මහා අවුරුදු උත්සවය අති උත්කර්ෂවත් අයුරින් ජනාධිපති මෛත්රීංපාල සිරිසේන මහතාගේ ප්‍ර ධානත්වයෙන් ක්රීේඩා අමාත්යාං ශ ක්රී්ඩා පිටියේදී අද (08) පෙරවරුවේ ආරම්භ විය. 08 April 2018
අලුත් සහල් මංගල්‍ය ජනපති ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහා බෝ සමිඳු අසළදී ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි මහා බෝධිය ඉදිරිපිටදි උත්සවාකාරයෙන් පැවැත්විණි. 08 April 2018
තායිලන්ත යුද නැව් තුනක් ශ්‍රී ලංකාවේ තායිලන්ත රාජකීය නාවික හමුදාවේ ’’බන්පාකොන්’’, ’’මකුත්‍රාජකුමාන්’’ සහ ’’පට්ටනී’’ නමැති යුද නෞකා තුනක් පුහුණු සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. 07 April 2018
මහනුවර හානියට පත් ආගමික සිද්ධස්ථාන වලට මූල්‍ය ප්‍රතිපාදන මහනුවර ඇතිවූ කලහකාරී සිදුවීම් අතරතුර හානියට පත් ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය හා සංරක්ෂණය කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම අද (06) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී සිදුකෙරිණි. 06 April 2018
කොළඹ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 400ක ව්‍යාපෘතියක් බොරැල්ල එලියට් ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත නිවාස ඒකක 400 කින් සමන්විත මහල් නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) සිදුකෙරිණි. 06 April 2018
අප්‍රේල් විරු සමරුවක් බදුල්ලේදී ජනතා විමුක්ති පෙරමුණේ 47 වැනි අප්‍රේල් විරු සමරුව අද (5) බදුල්ල තැපැල් සංකීර්ණයේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 05 April 2018
විශ්වාස භංගයෙන් ජයගත් අගමැති ආශිර්වාද ගන්න ගංගාරමයට එයි විශ්වාස භංගය පරාජය කිරීමෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණ ආශිර්වාද ලබා ගත්තේය. 04 April 2018
එජනිපෙ පාගමන අවසන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දෙන්නැයි ඉල්ලා එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහනුවරින් ඇරැඹු පා ගමන පස්වැනි දිනට අද (4) කිරිබත්ගොඩින් ආරම්භ කර මීට සුළු මොහොතකට පෙර බොරැල්ලෙන් අවසන් කෙරිණි . 04 April 2018
සෙත්සිරිපායේ ‘සම්පත් පියස‘ කසල මධ්‍යස්ථානය විවෘත කෙරේ සෙත්සිරිපාය දෙවැනි අධියර පරිශ්‍රයේ පිහිටි සම්පත් පියස කසල මධ්‍යස්ථානය විවෘත කිරීම අද(04) අමාත්‍ය පාඨලී චමිපික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 04 April 2018
අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට පිළිගැන්වේ උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (4) ජනාධිපති නිල නිවසේදී සිදුවිය. 04 April 2018
කැකිරාවේදී බසයකට වන අලි ප්‍රහාරයක්- 6ක් රෝහලේ දඹුල්ල කැකිරාව ප්‍රධාන මාර්ගයේ කැකිරාව කොරසගල්ල ප්‍රදේශයේදී සුඛෝපබෝගී බස් රථයකට වන අලි රංචුවක් පහර දීමෙන් එහි ගමන් ගත් හත් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව පොලීසිය කියයි. 04 April 2018
මහජන රාජ්‍ය සභාවෙන් ග්රන්ථයක් එළිදැක්වේ මහජන රාජ්‍ය සභාව විසින් සංවිධානය කළ පුංචි ඡන්දයෙන් ජනාධිපති වරණයට කළ යුත්තේ කුමක්ද ග්‍රන්ථය එළිදැක්වීම සහ විද්වත් කථිකාව පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී අද (3) සවස පැවැත්විණි. 03 April 2018
රණවිරු දූ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්වයක් කුවේට් හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් පවත්වාගෙන යනු ලබන ‘කුවේට් ශ්‍රී ලංකා එකමුතුව’ සහ රණවිරු සේවා අධිකාරිය එක්ව සංවිධානය කළ මෙරට රණවිරු දූ දරුවන් වෙත අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මුලස්ථානයෙදී අද (03) පැවැත්විණ. 03 April 2018
විශ්වාසභංගය පරාජය කරන්න දේව කන්නලව්වක් අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කරන ලෙස ඉල්ලමින් ශ්‍රි ලංකා දේශාහිමානි පෙරමුණේ සාමාජිකයින් පිරිසක් හික්කඩුව සීනිගම දෙවොල් දේවාලයේදි අද (04) උදෑසන දේව කන්නලව්වක් කර පා ගමනින් පාර්ලිමේන්තුවට යාමට පිටත් වුහ. 03 April 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026