රොමේෂ් ධනුෂ්ක සිල්වා සහ ඉන්දිකා රාමනායක
යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ මුලික පුහුණු පාඨමාලා අංක 48 කණ්ඩායම විසිර යාමේ පෙළපාළිය ජනාධිපති සන්නද්ධ හමුදා සේනාධිනායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාදුරුඔය පුහුණු පාසලේ දී අද (9) පැවැත්විණි.
මෙහිදී නිලධාරීන් 7 ක් සහ සෙසු නිලයන් 189 දෙනෙක් පුහුණුව ලබා විසිර ගිය අතර ජනාධිපතිවරයා අතින් ඔවුනට විශේෂ බළකා ලාංජන පැළඳවීම සිදු කැරිණි.
ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, යුද හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරු එක්ව සිටියහ.
විසිර ගිය සෙබළුන්ගේ දස්කම් ඇතුළත් ගිනි අවි සරඹ හා පැරෂුට් සංදර්ශන වලින් ද මෙය සමන්විතය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝදාර සෙබලුනේ... ඔබලාගේ ජීවිත පූජාකර සහ තම අවයව පුජාකරමින්, සියලුම කැපකිරීම් කර ලබාදුන් නිදහසින් අප මේ මොහොතේ කරදරයකින් තොරව එකිනෙකාට බැනවදිමින්, දොස්පවරමින් සහ ඇන කොටාගමින් සිටින්නෙමු. එනමුත් රටට කිසිදු ආදරයක් "නොමැති කාලකන්නි දේශපාලකයන්" නිසා එසේ කැපකර ලබාගත් නිදහස තව කොච්චර දුරක් රඳා පවතීද යන්න සැකසහිතය...
පාවලා දීලා ලැජ්ජා නැතුව යන අපූරුව...